එක්නැලිගොඩ පළමුවරට පැහැරගෙන අදට වසර 6 යි

Published in පුවත්
Thursday, 27 August 2015 14:34

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධයවේදියකුව සිටි යදී පැහරගෙන යාමට ලක්වූ ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පළමු වරට ආරක්ෂක අංශ මඟින් පැහැර ගෙන ගොස් අදට හරියටම අවුරුදු 6ක් වෙයි.

2009 වසරේ අගෝස්තු 27 වන දින එක්නැළිගොඩ මහතාව යුධ හමුදා බුද්ධි අංශය මඟින් පැහැරගෙන ගිය අතර ඉන් දින කිහිපයකට පසුව ඔහුව අතුරුගිරිය ප්‍රදේශයේදී මුදා හැර තිබිණි.

එක්නැළිගොඩව පැහැර ගත් කණ්ඩායම ඔහුව පැහැර ගෙන ගොස් තිබුණේ ලියුම් කවරයක තිබූ අත් අකුරු ඔහුගේදැයි සැක හැර දැන ගැනීම වෙනුවෙන් බව පසුව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් මේවන විට හෙළිවන තොරතුරු අනුව එලෙස පරික්ක්ෂා කොට තිබුණේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරීන්ට හා ආරක්ෂක අංශ නිළධාරීන් කිහිප දෙනෙකුට යවා තිබූ ලිපිකවර කිහිපයක 'මිණී අළු"යැයි සැලකෙන අළු තැන්පත් කර තිබීම නිසාය. මෙම සිදුවීම රාජපක්ෂ පවුලේ විශාල කැළැඹීමකට හේතු වී තිබූ අතර මෙම ලිපි යොමු කරන්න කවුරුන්දැයි සෙවීම වෙනුවෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීය.

ඒ අනුව පසුකාලයකදී ඊනිව්ස් වෙබ් අඩවියේ කර්තෘවරයා යම් තැනක බීමතින් කටමැත දෙඩවීමකදී මේ කටයුත්ත ගැන දොඩවා ඇති අතර එය දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකු විසින් ආරක්ෂක අංශයක ප්‍රධානියකු හා පවසා ඇත. ඒ අනුව ඊනිව්ස් කර්යාලයේ කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයක් අනුව ප්‍රගීත්ව පැහැර ගෙන යාමට ලක්විය.

මේ අතර දේශපාලන ක්‍රියාකරුවකු හා මුද්‍රණාල හිමිකරුවකු වූ කෙලී සේනානායක මහතාට මුද්‍රණය සඳහා ලබා දී තිබූ රාජපක්ෂවරු ගැන ලියවැවුණු උපසාත්මක ලේඛනයක අත් පිටපතද (මේ ඊනිව්ස් කතුවරයා විසින් දිගින් දිගටම තහවුරු කරන්නට උත්සහ කරණ 'රාජපක්ෂ පවුල් ගහ' සම්බන්ධ ලේඛනය නොවේ ) එම පරීක්ෂණ කණ්ඩායම වෙත ලැබූ තිබු අතර එම අත් අකුරු හා පෙර කී ලියුම් කවර අත් අකුරු හා සැසඳීමක් කර තිබුණද ඒ ප්‍රගීත්ගේ අත් අකුරු බවට සනාත කර ගැනීමට හැකිව තිබුණේ නැත.

පනාගොඩ යුධ හමුදා කඳවුරේ රඳවා සිටි ප්‍රගීත් ලවා අකුරු ලියවාගෙන ලියුම් කවර අකුරු හා සසඳා තිබුණද ඒ නොගැලපී ඇත. එමෙන්ම ඒ කෙලී සේනානායක මඟින්ද තහවුරු කර ගැනීමට ගත් උත්සහයද අසාර්ථක වූයේය. එම ලියුම් කවර අත්අකුරු, ප්‍රගීත්ගෙ නොවන බව සේනානායක මහතාද පවසා තිබීණි. ප්‍රගීත්ව මුදා හරිනු ලැබුවේ ඉන් පසුවය.

කෙසේ නමුත් මෙම 'මිණී අළු' සිදුවීම යාග හෝම මන්තර ගුරුකම් ගැන දැඩිව විශ්වාස කරන රාජපක්ෂ පවුලේ කෝපය අවුළුවා ලීමට තරම් හේතුවක් වී තිබු අතර මෙම සිදුවීමෙන් වසර එකහාමාරකට පමණ පසුව සිදුවූ ප්‍රගීත්ගේ ඝාතනය හා මෙම සිදුවීම අතර සම්බන්ධයක් ඇත්දැයි තවමත් තහවුරු වී නැත. එහෙත් රාජපක්ෂ වරුන්ට කවරකු හෝ ඝාතනය කරන්නට තරම් මේ ' මිනී අළු" හේතුවක් විය හැකි බව ගැන සැකයක් නැත. මන්ද රාජපක්ෂගේ විශ්වාසය අනුව ඔහු අදටත් ජීවත්ව සිටින්නේ මේ ගුරුකම් වල බලයෙන් බව පෙනෙන නිසාය. අදටත් අතේ මිරිකමින් සිටින වජ්‍රය ඒ සනාත කරන්නකි.

මේ සිදුවීමෙන් අනතුරුව මෙහි බලපෑම දුරුකරන්නට තවත් යාගහෝමාදිය ‍රැසක් ඔවුන් විසින් සිදු කර තිබිණි.

ඊ නිව්ස් කතුවරයා, ප්‍රගීත්ව ඝාතනය කළේ 'පවුල් ගහක්' පිටපතක් ආරක්ෂක අංශයට ලැබීම නිසා යැයි කියන්නේ මේ සිදුවීම හේතුවෙන් මිසක කිසිදු පදනමක් ඇතිව නොවේ. එමෙන්ම මීට පෙර අවස්ථාවක අප විසින් හෙළිදරව් කළ පරිදී ඊනිව්ස් කතුවරයා ගේ බේබදුකම , මානසික රෝගී බාවය හා අන්‍යයන් කෙරේවන ඊර්ශ්‍යාව නිසා සත්‍ය කරුණු විකෘති කිරීමකට ලක් කරමින් සිටී. එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් මේවන විට කෙරෙමින් පවතින පරීක්ෂණය යොමු වී ඇත්තේ වෙනත් දිශාවකටය. ඇතැම් කරුණු වල පවතින සංවේදි තාවයන් නිසා එම පරීක්ෂණ කටයුතුවල ඇතැම් තොතුරු හෙළි කිරීමෙන් වැලැකී සිටිමටද අපට සිදුව ඇත.

එහෙත් මේ සිදුවීම අරබයයා ඊනිව්ස් හී පළ වන පුවත් හී සත්‍යයට වඩා ඇත්තේ හිතළු ගොඩක් බව වගකීමෙන් යුතුව අපට සඳහන් කළ හැක.ඊ නිව්ස් යනු මුදල් දී ඕනෑම බොරුවක් පළ කළ හැකි වෙබ් අඩවියක් බව තහවුරු කළ හැකි සාක්ෂිද ඕනෑතරම් තිබේ. ඊනිව්ස් සමඟ ගනු දෙනු කල ඕනෑම කෙනෙකු ඒ සහසුද්දෙන්ම දන්නා කරුණකි.

කෙසේ නමුත් ප්‍රගීත්ගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙමින් පවතින පරීක්ෂණ අනුව පසුගිය රාජපක්ෂ පාලන සමයේ පැවැති මහා ඝාතන ජාලයක් ගැන තොරතුරු හෙළි වෙමින් පවතින අතර මෙහි අවසන් වගකිව යුත්තන් ලෙස මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ වෙත ලඝු වීමද වැලැක්විය නොහැකි වනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. එමෙන්ම හිටපු හමුදා ප්‍රධානින් ‍රැසකටම චෝදනා එල්ලවනු ඇති බවත් පැවැසේ.

 

සැබැඳි පුවත් : ප්‍රගීත් ගැන සහ ඊ නිව්ස් සඳරුවන්ගේ මානසික රෝගී තත්වය ගැන කෙටිම කෙටි සටහනක් 

 

Last modified on Thursday, 27 August 2015 17:50

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us