සිමෙන්ති කොට්ට 400ක් යාල කැලේ මැද්දට - ජාතික ආණ්ඩුවේ මුවාවෙන් කොල්ලකෑම් යළි ඇරඹේ

Published in පුවත්
Thursday, 27 August 2015 20:08

යාල වනෝද්‍යානයේ හෝටල් ඉදිකිරීම රාජපක්ෂවරුන් විසින් යළිත් ආරම්භ කර තිබේ.

යාල ජාතික වනෝද්‍යානයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් උද්‍යාන බිමේ අක්කර 58ක් මහින්ද රාජපක්ෂගේ දරුවන්ට සහ සහෝදර-සහෝදරියන්ට වෙන් කරගෙන තිබේ. මෙම වනාන්තරය මැද හෝටල් ඉදිකිරීම ආරම්භ කර තිබුනේ 2014 වසරේ මැද භාගයේදීය. රජයේ නිලධාරියකුට හෝ මාධ්‍යවේදියකුට හෝ වෙනත් කිසිම පුද්ගලයකුට පසුගිය ආණ්ඩු කාලයේ මේ ප්‍රෙද්ශයට ඇතුලු වීමට කිසිදු ඉඩක් ලැබුනේ නැත. එම නිසා වනෝද්‍යානය මැද සිදුවන මෙම ඉදිකිරීම් පිලිබදව හෙලිදරව් වන්නට පටන් ගත්තේ 2015 ජනවාරි අටවැනිදායින් පසුවය.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු අඩක් ඉදිකල මෙම හෝටල් අතහැර දමන්නට රාජපක්ෂවරුන්ට සිදු විය. මහා මැතිවරණය අවසන් වනතෙක්ම මෙහි සේවය කළ පෙදරේරුවන් ඇතුලු සියලු සේවකයන්ට නිවාඩු ලබා දී තිබුණේය. සම්මුතික ආණ්ඩුවේ නාමයෙන් මෙම හෝටල් ඉදිකිරීම නැවත වරක් ආරම්බ කර තිබේ.
සිමෙන්ති කොට්ට 400ක් සමග ටිපර් රථයක් පසුගිය සතියේ ජාතික වනෝදයානයේ මෙම සීමාවට ගොස් තිබිනි. යාල වනෝදයානය ආසන්නයේ පදිංචි ධීවර ජනතාව පවසන්නේ අදාළ ඉදිකිරීම් නැවතත් ආරම්භ කර ඇති බවත්, එහි ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැගත් වාහන යන එන බවත්ය.

ෂමීන්ද්‍ර රාජපක්ෂ, චමින්ද රාජපක්ෂ, මනෝජ් රාජපක්ෂ, අසංක රාජපක්ෂ. මිහිරි රාජපක්ෂ, රන්දුල රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ හංස රාජපක්ෂ යන අයගේ නම්වලට මෙම බිම් වෙන් කරගෙන ඇති බව හෙළි වේ. ජනතාව රාජපක්ෂ පවුල් පාලනය පරාජයට පත් කළත්, යහපාලන සම්මුතිවාදයට මුවා වී යලිත් අදාළ නීතිවිරෝධී වයාපෘති ආරම්භ කරන්නට රාජපක්ෂවරුන් කටයුතු කරමින් සිටී. විපක්ෂ නායකධුරය පවා අතුහර පාර්ලිමේන්තුටෙව් පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන්නට මහින්ද රාජපක්ෂ එකග වී ඇත්තේ මෙම කොලලකෑම් හෙළිදරව් වීම වළක්වා ගන්නට බවද හෙළි වේ.

මේ අතර කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශෙෂ පණිවිඩයක් යවමින් තමාට හා තම පවුලේ ඥාතීන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් යම් සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉල්ලා ඇත.

මෙම පණිවිඩය යවා ඇත්තේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරියක හා මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති දියණියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියාවන ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා අතය.

එහෙත් වික්‍රමසිංහ මහතා ඔහුට පවසා ඇත්තේ පොලීසියෙ හෝ අනෙක් ආයතනයක කිසිදු පරීක්ෂණයක් සම්බන්ධයෙන් තමන් අත නොදමන බවත් අවශ්‍ය සහනයක් තිබේ නම් ජනාධිපතිවරයා හමුවී එ ලබා ගන්නා ලෙසය.

මේ වන විට රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව මුල්‍ය අපරාධ චෝදනා හා මිනිස් ඝාතන චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කෙරෙමින් පවතී.

yala-new-2

Last modified on Thursday, 27 August 2015 22:17

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us