තාජුදීන් ඝාතනයේ 4 ක් හඳුනා ගනී

Published in පුවත්
Monday, 31 August 2015 09:31

රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයන් සිවුදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ අතර තිදෙනකු ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් වන අතර එක් අයකු මේ වනවිට ලන්ඩනයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයකු බවට අනාවරණය කරගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. මේ අතර එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ තාජුඩින්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ඉතාලියට පැන ගිය බවට සිදුකර තිබෙන ප්‍රකාශ අසත්‍යයක් බවයි.

මේ සිද්ධියට සැකකෙරෙන ජනාධිපති ආරක්ෂක අංශයේ සාමාජිකයන් තිදෙනා මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින බව පවසන එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවද එම තිදෙනා ඉදිරි සති දෙක තුළ අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවද විශ්වාසය පළ කළේය.

මේ වනවිට බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින පුද්ගලයාට ශ්‍රී ලංකාවෙන් පැනයාම සඳහා හිටපු තානාපති නිලධාරියෙකු සහාය ලබාදී තිබෙන අතර එම තානාපති නිලධාරියාගේ ද වැරැදි කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරේ.

තාජුඩීන්ගේ මෘත ශරීරය හමු වූ ස්ථානයේ කිසිදු රිය අනතුරක් සිදු නොවූ බවට මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇති අතර එම රථයේ ඉදිරිපස ගිනිබත් වුවද ඉන්ධන ටැංකියේ භාගයකටත් වඩා ඉන්ධන පිරී පැවැති බවට අනාවරණය කරගෙන ඇත. තාජුඩීන්ගේ මෘත ශරීරය රියදුරු අසුනේ නොව ඉදිරිපස අනෙක් අසුනේ තිබී ඇති අතර එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අනතුරක් සිදුවූ බවට සාක්ෂි නොවූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය කරුණු විකෘති කොට වාර්තාවක් ඉදිරිපත් කළාද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගොඩගනු ලැබූ තාජුඩීන්ගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂා කිරීමට ලක් කෙරෙන අතර ඔහුගේ ශරීරයේ අස්ථිවලට සිදුවී ඇති හානි අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තුව උසාවියට ඉදිරිපත් කළ කරුණුවලට සමාන ද යන්න සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරේ. මේ මරණයට පෙර ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් ඔවුන්ගේ ආපන ශාලාවේදි රැස්වී සාකච්ඡා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙන අතර තාජුඩීන්ගේ මරණය සම්බන්ධ අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව එළඹෙන 10 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

dinamina

Last modified on Monday, 31 August 2015 09:47

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us