මෛත්‍රීගේ දුව කොහෙද මේ යන්නේ ?

Published in පුවත්
Sunday, 06 September 2015 12:02

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය රජයේ නිලධාරීන් සමඟ සමාජ සේවයට පිවිසීම ගැන සමාජ ජාලාවල වල දැඩි විවේචනයට ලක්ව තිබේ. මේ විවේචනයට හේතුව වී ඇත්තේ පසුගිය රාජපක්ෂ පවුල් පාලනය තුලදී එම ජනාධිපති රාජපක්ෂගේ ඥාතී පරම්පරාවල හැත්ත බුරුත්තම රාජ්‍ය දේපල වරප්‍රසාද ලබාගෙන තමන්ගේ බඩ ගෝස්තරය සොයා ගැනීමට යොමුවීම පදනම් කරගෙනය. ඔවුන් දේශපාලනයට පිවිසියේම හොරා කෑම වෙනුවෙනි. අද තව දුරටත් වලි කන්නේ ද ඒ වෙනුවෙන්ම මිස වෙන කිසිදු හේතුවක් පදනම් කරගෙන නොවේ.

මේ අතරේදී එම කාලකණ්නි පවුල් දේශපාලනයට විරුද්ධව සටන් කොට බලය ලබා ගත් වුන් වෙතින්ම ඒ සිදුවීමේ ලකුණක් ලෙස ජනාධිපති දියණි චතුරිකාගේ මේ ක්‍රියාව පෙනීම පුරවැසියාගේ වරදක් නොවේ. යහපාලනය වෙනුවෙන් පෙනී සිටියන්වුන්ගේ විවේචනය සාධනිය කරුණක් වන් නමුත්. රාජපක්ෂ පවුල් පාලනය වෙනුවෙන් මේ මොහෝතේද පෙනී සිටින වුන් ගෙන එන මේ විවේචනය විසුලුකාරීය. අද සමාජ ජාලා වල මේ ගැන වැඩිම විවේචනය ගෙන එන්නේ මේ රාජපක්ෂ පවුල් ආණ්ඩුවාදී ගොබිලන්යන්ය.


ඒ කෙසේ නමුත් සමාජ සේවය කිරීම හෝ , දේශපාලනය කිරීම හෝ සම්බන්ධයෙන් කිසිවකුට ඇති අයිතිය විරුද්ධ විය නොහැක. ඇය දේශපාලනයට පිවිසේනවාද නැද්ද යන්න ඇයගේ තීරණයකි. නමුත් ඒ වෙනුවෙන් ජනාධිපති වරප්‍රසාද හෝ රාජ්‍ය බලය හෝ යොදා ගැනීම සිදු නොවිය යුතුය.

එහෙත් අප දන්නා පරිදි චතුරිකා සිරිසේන මහත්මිය ජනාධිපතිවරයාගේ දියණිය වීම නිසා විශේෂ වරප්‍රසාද ලැබුවෙකු නොවේ. ජනාධිපතිවරයාගේ දියණිය නිසා යම් පොලිස් ආරක්ෂාවක් ලබාදීම සිදුවියයුතු නමුත් ඒ ඩිෆෙන්ඩර පහ හයක බැටැලියන් එකක ආරක්ෂාවක් වියයුතු නැත. එසේවීද නැත. තාත්තාගේ අතේ එල්ලී යැමේ නිදහස දියණියක ලෙස කිසිවකුත් අභියෝගයට ලක් නොකරන මුත් ඇයට රාජ්‍ය නිලධාරීන් පිරිවරාගෙන සමාජ සේවය හෝ දේශපාලනයට කිරීමට බලතල ලැබෙන්නේ නැත. ලැබිය යුතුද නැත.


මේ සිදුවීමට අදාල සත්‍ය කතාව සමාජජාලාවල ප්‍රචාරය වන කතාවට ඉදුරා වෙනස්ය. චතුරිකා පොළොන්නරුවේ සමාජ සේවය කරන්නේ අද ඊයේ සිට නොවේ. මේ සිදුවීම වූයේ ජනාධිපතිවරයා ඇමැතිවරයකු ලෙස කටයුතු කළ කාලයේ සිටි සමාජ සේවයක් ලෙස පවත්වාගෙන ආ 'සුජාත දරුවෝ'නම් නම් වැඩසටහනේ එක් අවස්ථාවක්දීය. මේ වැඩ සටහන මුලපටන්ම මෙහෙයවනු ලැබුවේ ජනාධිපති දියණිය විසින්ය. එම දිස්ත්‍රික්කයේ දුප්පත් සිසුදරුවන්ට භාන්ඩ හා සේවා වලින් උදව් උපකාර කිරීම එහි අරමුණය. එය කෙදිනකවත් මාධ්‍ය සංදර්ශන ලෙස හෝ දේශපාලනය ඉලක්ක කරගෙන කළ වැඩ සටහනක් නොවේ.

එහෙත් මෙවර එය මාධ්‍යයට අනාවරණය වූයේ අහම්බෙණි. ඊට හේතුව පරණය.

මේ රටේ තවමත් රජයන්නේ වැඩවසම් රාජ්‍ය පාලනයක ලක්ෂණ නිසා, චතුරිකාගේ පස්සෙන් දේශපාලන හෙංචයියන් මෙන්ම රාජ්‍ය නිළධාරීන් ඇදී ඒමද වැලැක්විය නොහැක. පසුගිය කාලාන්තරය පුරාම රාජ්‍ය නිලධාරීන් පුරුදුව සිටියේ එවැනි ක්‍රමයකටය. ගෝඨාභය රාජපක්ෂගේ බලුපැටියාව සුරිච් නුවර සිට ගෙන ඒම වෙනුවෙන් මඟීන් ඇතුලත්කර සිටි ගුවන් යානයක හිස් කර ඒ සුරිච් නුවරට යැවීමට කටයුතු කළේද රාජ්‍ය නිළධාරීන්ය. කිසිදු රාජ්‍ය නිලධාරීයකු ඊට විරුද්ධ වූයේ නැත. රාජපක්ෂලාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රාජ්‍ය නිළධාරීන්, බිලියන් ගනනින් රාජ්‍ය ආයතන මුදල් වැය කළේ රාජපක්ෂවරුන්ගේ අඟිල්ලෙන් ඇනීම නිසාම නොවේ, ස්ව කැමැත්තෙනි. මෙවැනි උදාහරණ ඕනෑ තරම තිබේ. පොලීසිය වැනි ආයතන කටයුතු කළ ආකාරයත් අමතක වන්නට හේතුවක් නැත.

මෙලෙසම චතුරිකා ගේ වැඩේට මාධ්‍ය ආවරණයක් ලබා දිය යුතු බව තීරණය කළේ දේශපාලන බත්ගොට්ටන් මිස චතුරිකා නොවේ. මාධ්‍ය ඇගෙන් ප්‍රශ්න කරද්දී ඇයට ඊට පිළිතුරු බඳින්නට සිදුවිය. සත්‍ය ලෙසම සිදුවූයේ මෙයය. මාධ්‍යයට දොස් කියා වැඩක් නැත. මාධ්‍යට ඕනේ විකුණන්න හැකි නම් ඕනෑම කුණු ගොඩකි. ප්‍රාදේශීය රාජ්‍ය නිළධාරීන් කඩා වදින්නේ පරණ පුරුද්දටය.

මේ නිසා මෙරටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් මෙන්ම රාජ්‍ය සේවයේද ආකල්පමය වෙනසක් ඇති කළ යුතුව තිබේ. රාජ්‍ය සේවයකයාගේ අභිමානය ගෞරවය , ගෝත්‍රික දේශපාලනයට යට නොකළ යුතුය. පසුගියදා පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කරමින් කතාවක් පැවැත්වූ ජනාධිපතිවරයා , මෙරට තවමත් වැඩවසම් ලක්ෂණ පෙන්නුම් කරන බව පැහැදිලිව සඳහන් කළේය. මේ තත්වයන් වෙනස් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය. ජනාධිපතිවරයා මෙරටේ පසුගාමී ලක්ෂණ තේරුම් ගෙන ඒ වෙනස්කිරීමට ගන්න උත්සාහයේ අවංක බාවය ගැන අපට සැකයක් නැත. ඔහු ජනාධිපතිධුරයට පත්වූ දා සිට දේශපාලන ක්ෂේත්‍රයේදී ගත් අභියෝගාත්මක තීන්දු තීරණ ඊට සාක්ෂි සපයයි. අප දන්නා පරිදී ඔහුගේ පවුලේ කිසිවකුට ජනාධිපති ලේකම් කාර්යාලය විවෘත නැත. අයුතු ලෙස රාජ්‍ය වරප්‍රසාද භුක්ති වීදීමේ ඉඩ කඩ අහුරා ඇත. චතුරිකා තවමත් ගෙදර අඩුපාඩු ගන්නට කඩේට යන්නේ තනිවමය.

ජනාධිපතිවරයාට වන අපගේ යෝජනාව, ඒ ගෙදරින් පටන් ගත් කාර්යය රටට ආදර්ශයක්වන ලෙස පෙන්වා දෙන ලෙසය. ඒ ඉතා වැදගත්ය. මන්ද යකාගේ හැටියට විමානේ සකස්වීම අප අත්විඳ ඇති බැවිනි.

එසේ නොමැති වුවහොත් ගෝත්‍රික, බඩජාරී රාජපක්ෂ පවුලට නැඟුණු චෝදනා අවලාද අපහාස තොගයම සැබෑ හේතුවක් නොමැතිව වුව සිරිසේන පවුල වෙතද එල්ලවීමේ ඉඩ කඩක් තිබේ.

- කළණමිත්

Last modified on Sunday, 06 September 2015 12:03

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us