මහින්දව විදුලි පු‍ටුවෙන් බේරුවාට මෛත්‍රීට ස්තුතියි

Published in පුවත්
Monday, 07 September 2015 14:12

එල්ටීටීඊය පැරදවීම යුද්ධයේදී සිවිල් වැසියන් හා යටත් වූවන් සම්බන්ධයෙන් සිදු කෙරුණු යුධ අපරාධ හා මනව හිමිකම් කඩ කිරීම ගැන ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනාව අනුව මහින්ද රාජපක්ෂ මහතා හා 'රණ විරුවන්'යැයි කියනු ලැබූවන් ගනනාවකම විදුලි පු‍ටුවේ ඉන්දුවා ඝාතනය කිරීමේ උත්සාහයක් තිබුණු බව

පසුගිය වසර පහක හයක පමන කාලයක් තිස්සේ මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ අනුගාමිකයනුත් අතොරක් නැතිව කිව් කතාවක් විය. ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී මේ චෝදනා පත්‍රය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම එක්සත් ජාතින්ගේ මහ සැසිවාරයට ඉදිරිපත් කර මේ අපරාධකාරයින්ව කුදලාගෙන යාමට බලා සිටියහ.

එහෙත් යහපාලන ආණ්ඩුව ඒ සැප්තැම්බරයට කල් දමා ගත්තේය. ඒකෙන් මහ මැතිවරණයේදීද මේ විදුලි පු‍ටු කතාවට වලංගු භාවයක් ලැබීණි.

දැන් මේ මස අවසානයේදී යුධ අපරාධ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එහෙත් යහපාලන ආණ්ඩුවේ පිහිටෙන් විදුලි පු‍ටුවට නොයා වැඩේ ගොඩින් බේරාගැනීමේ වාසනාවක් මහින්ද රාජපක්ෂට හා ඒ අපරාධ චෝදනා ලැබුවන්ට ලැබී ඇත. ඒ මේ චෝදනා සම්බන්ධයෙන් වන දේශීය යාන්ත්‍රණයක් හරහා ප්‍රශ්නය විසඳා ගැනීමට සම්මුතිවාදී ආණ්ඩුවල එක්සත් ජාතීන්ට එකඟ වීම නිසාය.

එහෙත් ඇත්ත වශයෙන්ම විදුලි පු‍ටු කතාව තනිකරම බොරුවකි. යම් හෙයකින් යුධ අපරාධ චෝදනා සනාත වුවානම් රටට යම් ආර්ථික සම්භාධකයක් දෙකක් වැටීම හා රට අපකීර්තියට පත් වීම හැර වෙනත් කිසිවක් සිදුවීමට නියමිතව නොතිබිණි. එහෙත් රාජපක්ෂලා මැතිවරන ජයග්‍රහනය වෙනුවෙන් මෙරට මොඩ සිංහල බෞද්ධයා අන්දවා මේ බොරුව නිරන්තරයෙන් ප්‍රචාරය කළහ. ඒ බොරුවට ලක්ෂ 58 ක් අසුවීමත් සුලුප‍ටු ප්‍රශ්නයක් නොවේ. ඒ වෙනම විසඳා ගත යුතු අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයකි.


ඒ කොහොම උනත් දේශීය යාන්ත්‍රණයෙන් අවුලක් වුණොත් මහින්ද රාජපක්ෂලාට අතයට ගානක් දී හෝ වැඩෙන් ගොඩ යෑමේ අවස්ථාවක් ද දැන් රාජපක්ෂ වරු ඉදිරියේ විවෘතවනු ඇත. වරදක් කළා නම් ඊට දඬුවම් ලැබීම විය යුතු නමුත් දේශීය යාන්ත්‍රණයෙන් අපරාධකරුවන් ආරක්ෂාවීම සිදුවේ නම් ඊට බලවත් විරෝධය දැක්විය යුතුය. මොකද රාජපක්ෂලාගේ කාලකණ්නි වැඩ නිසා අසාධාරණයට ලක් වූවන්ට යුක්තිය සාධාරණය ඉ‍ටුවිය යුතු බැවිනි.

කෙසේ නමුත් මේ නව තත්වයෙන් රටට වූ ලොකුම සහනය මන්තරයක් මෙන් ජප කරමින් සිටි විදුලි පු‍ටු නාඩගමෙන් රට වැසියාගේ කන්දෙකට සහනයක් ලැබීමය. තවදුරටත් මේ විදුලි පු‍ටු කතාව ජප කිරීම රාජපක්ෂලාට අවස්ථාවක් නැත. ඒ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ස්තූති විය යුතුය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us