BMW රථයෙන් පැමිණි අරියාදුකාරයාට විදේශ ඇමතිගෙන් නීතිමය ක්‍රියාමාර්ග

Published in පුවත්
Wednesday, 09 September 2015 14:00

කොළඹ හයිඩ් පාක් හි පිහිටි ආපිකෝ රථ ගාලේදී BMW රථයකින් පැමිණි පුද්ගලයකු රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා දැඩි නීතිමය පියවර ගන්නා ලෙස පොලීසියට උපදෙස් දී ඇත.

රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා අමාත්‍ය සමරවීර මහතාගේ කාර්යාලයේදී මුණ ගැසුණු අතර මෙහිදී සමරවීර මහතා ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් තම සමාව ඉල්ලා සිටින බවත් මේ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හරහා නීතිමය ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්නා ලෙසද අවධාරණය කළේය.

BMW රථයකින් පැමිණි පුද්ගලයකු රථ අංගනයකට ඇතුළු කිරීමට නොහැකි වන ලෙස පිවිසුම අවහිර කොට අසභ්‍ය වචනයෙන් මෙම රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයාට බැන වදිනා වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලයේ සංසරණය වෙමින් ඇත.

තම රථය අනවසර ස්ථානයක නවතා තැබූ මොහු රාජ්‍ය තාන්ත්‍රිකයාව තල්ලු කරමින් රුසියානු ජාතිකයාගේ බිරිද සහ දරුවන් දෙදෙනා ඉදිරියේ කැඩුණු ඉංග්‍රීසියෙන් තර්ජනය කර ඇත.

මෙම BMW රථයෙන් පැමිණි පුද්ගලයා මංජුල විජේකෝන් නමැත්තෙකු බවට අනාවරණය වී ඇත.මොහු එක්ස්ටසි නැමැති මත් පෙති අලවි කරන පුද්ගලයකු බවට සැලවී තිබෙන අතර දැනට සිර ගතවී සිටින සජීන් වාස් ගුණවර්ධනගේ ගජ මිතුරකු බවටද තොරතුරු එළිවී ඇත. එසේම මෙම පුද්ගලයා තම පරණ පෙම්වතියගෙන් සොරා ගත් මුදල් වලින් AUDI වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර් රථයක් ද මිලදී ගෙන ඇත. රාජගිරියේ පිහිටි "කුල් ප්ලැනට්" (COOL PLANET) ඇතුළු ස්ථාන ගණනාවකම පහරදීම් වලට සම්බන්ධ මොහු තම සගයා වූ සජින් වාස් ගුණවර්ධනගේ බලය යොදා ගනිමින් නීතියෙන් ගැලවී ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය දැනටමත් පොලීසියට පැමිණිලි කර ඇති අතර මෙම BMW රථයෙන් පැමිණි පුද්ගලයා මෙම සතියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.

video >

https://www.facebook.com/ijaz.suffi/videos/10153589163865960/

Last modified on Wednesday, 09 September 2015 15:04

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us