ජවිපෙන්, යහපාලනය ශක්තිමත් කරන්න කඩිනම් යෝජනා මාලාවක්

Published in පුවත්
Thursday, 17 September 2015 14:18

රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දශකයකට ආසන්න පාලනය තුළ රටේ සමාජ දේශපාලන දේහයේ ඔඩුදුවා තිබූ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනුවට යහපාලන ප්‍රතිපත්ති මත නව ජනවරමක් ඇතිකර මාස නමයකට ආසන්න කාලයක් ගතවී තිබේ. ජනවාරි 08 ජනවරම තුළ අඩංගු ප්‍රධාන ජනතා අපේක්ෂාවන් වූයේ රාජපක්ෂ මහතා පුද්ගලයෙක් ලෙස පරාජය කිරීමට එහා ගිය එම යුගයේ ඇති කරන ලද දේශපාලන සංස්කෘතිය පිටු දැකීමත් ඉදිරියේදී එවන් තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ වළක්වන දේශපාලන නෛතික හා පරිපාලන ප්‍රතිසංස්කරණ ස්ථාපිත කිරීමත්ය. ඒ සඳහා කාලයක් තිස්සේ මෙරට දේශපාලන හා සිවිල් සංවිධාන විසින් ඉල්ලා සිටි ප්‍රතිසංස්කරණ ගණනාවක් ජනවාරි 08 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද නිශ්චිතව සඳහන් කර තිබිණි.

එමෙන්ම අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළද එම ප්‍රතිසංස්කරණ ගණනාවක් අඩංගුවී තිබේ. මාස 08ක් තුළ ජයග්‍රහණය කළ ජනවරම් දෙකකින් අනුමත කරනු ලැබූ එම ප්‍රතිසංස්කරණ හා තවත් අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ගණනාවක් මෙහිලා අඩංගු කර ඇත්තේ මේ මොහොතේ රටේ පොදු ජන අභිලාෂයන් හා වුවමනාවන් ඉටුකරවීමේ වගකීම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා වගකිව යුතු පුද්ගලයන් ලෙස අප සියලූ දෙනා සතු වගකීමක් වන බැවිනි. එමෙන්ම ජනවරම් දෙකකින් අනුමත කරනු ලැබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීම ජනවරමට ගරු කරන පාලනයක වගකීමක්ද වන බැවිනි. පහත සඳහන් වන්නේ එම කඩිනම් ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා මාලාවයි.

01 විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකිරීම.

02 පක්ෂය මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කෙරෙන නීති සම්පාදනය කිරීම.

03 අමාත්‍යවරු සංඛ්‍යාව 30ට වඩාද, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40ට වඩාද වැඩි කිරීමට 19වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ඉඩකඩ අහෝසි කිරීම හා පාර්ලිමේන්තු පනතක් මගින් අමාත්‍යංශවල විෂය හා ආයතන විද්‍යාත්මක පදනමක් මත සකස්කොට නීතිගත කිරීම.

04 බහුවිධ දේශපාලන ප්‍රවණතාවයන් නියෝජනයට ඉඩ ලැබෙන පරිදි, ජනතාවගේ කැමැත්ත පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතන තුළ සාධාරණව පිළිබිඹුවන නව මැතිවරණ ක්‍රමයක් පුළුල් ජනතා සංවාදයකින් පසු හඳුන්වාදීම.

05 තොරතුරු දැනගැනිමේ අයිතිය සඳහාවන පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ක්‍රියාත්මක කිරීම.

06 ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ක්‍රියාත්මක කිරීම.

07 විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියන්ට විදේශයන්හි සිට ඡන්දය භාවිතා කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බැවින් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීම.

08 ජාතිකත්ව ආගමික හෝ වෙනත් කිසිදු වෙනස්කමක් මත කිසිදු පුරවැසියකු නින්දාවට, අපහාසයට, අසාධාරණයට පත් කිරීම සපුරා තහනම් කෙරෙන අතර එවැනි තත්වයන්ට පාත්‍රවන සියලූ දෙනාගේ පැමිණිලි භාර ගැනීමට, ඒවා පරික්ෂණය කිරීමට හා ඒ පිළිබඳ චූදිතයින් අධිකරණයට පැමිණවීමට බලය ඇති “වෙනස්කම් වැළැක්වීමේ කොමිෂන් සභාවක්” (ක්‍දපපසිිසදබ ්ට්සබිඑ ෘසිජරසපසබ්එසදබ) ස්ථාපිත කිරීම.

09 උතුරේ පැවති තිස් අවුරුදු යුද්ධයෙන් විවිධාකාරයෙන් පීඩාවට පත්වූ හා හානි සිදුවූ සැමට තම දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමටත් ඒවා පිළිබඳ සත්‍ය සොයා බලා පීඩාවට පත්වූවන්ට සහන ලබා දීමටත් ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමේ හා ප්‍රතිසන්ධානගත කිරීමේ පනතක් මගින් සත්‍ය විමර්ශන කොමිසමක් (ඔරමඑය ්බා ඍැජදබජසකස්එසදබ ක්‍දපපසිිසදබ) පත් කිරීම.

10 දැනට වාර්තා වී ඇති සියලූ වංචා සහ දූෂණ කඩිනමින් පරික්ෂා කිරීමත්, චූදිතයින්ට වහා දඩුවම් කිරීමත් රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කිරීම. නීතිපති දෙපාර්තමේන්තුව, රහස් පොලීසිය හා රජයේ විමර්ශන ආයතන දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පරීක්ෂණ යටගැසීමට, කල්දැමීමට යොදා ගන්නා අතීතයේ මෙන්ම වර්තමානයේද පවතින තත්වය වහාම වෙනස් කිරීම.

11 දූෂණ සහ වංචා පිළිබඳව පරික්ෂා කිරීමට සහ වගකිවයුත්තන්ට දඬුවම් කිරීම සඳහා පිහිටුවා ඇති සියලූ ආයතන වඩාත් ශක්තිමත් කිරීම සහ මුළුමනින්ම ස්වාධීන ආයතන බවට පත්කිරීම.

12 අධ්‍යාපනය සඳහා කරනු ලබන රාජ්‍ය වියදම අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 06%ක් ලෙස වෙන් කිරීම හා මෙම ප්‍රතිපාදන නිදහස් අධ්‍යාපනයත් එහි ගුණාත්මකභාවයත් අධ්‍යාපනයට අදාළ යටිතල පහසුකම් වර්ධනය කිරීමත් අරමුණු කරගනිමින් යෙදවීම.

13 l රාජ්‍ය සේවක සියලූම දීමනා මූලික වැටුපට එකතු කිරීම.
ll පුද්ගලික අංශයේ සියලූම සේවකයින්ගේ වැටුප රු.2500කින් වැඩි කිරීමට අවශ්‍ය නීති සකස් කිරීම
lll වතු කම්කරුවන්ගේ යෝජිත දෛනික වැටුප රු. 1000 දක්වා වැඩිකිරීම.
lV අවිධිමත් රැකියා ක්‍ෂේත්‍රයේ විශාල පංගුවක් වන ඉදිකිරීම් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ශ්‍රමික ශිල්පීන් සඳහා ඉදිකිරීම් කර්මාන්ත පනතේද පිළිගෙන ඇති පරිදි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සහ රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.

14 රජයේ හා ව්‍යවස්ථාපිත ආයතනවල රැකියාවලට බඳවාගැනීමේදී දේශපාලන පත්වීම් ලබාදීමේ ක්‍රමය අහෝසි කර සුදුසුකම් මත රැකියා ලබාදීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම.

15 ළමුන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැනට ඇති නීතිමය විධිවිදාන හා ආයතන ශක්තිමත් කිරීමත්, ළමා හා කාන්තා අපචාර පිළිබඳව විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීම.

16 වත්මන් ළමා හා තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කිරීමත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාවට නැගීම සඳහා අව්‍යශ කඩිනම් පියවර ගැනීම.

17 වී, රබර් සහ තේ සඳහා වන රජය විසින් තීරණය කර ඇති සහතික මිල පුද්ගලික අංශයටද බලපාන පරිදි නීතිගත කිරීම. අනෙකුත් කෘෂි නිෂ්පාදන සඳහාද සහතික මිල ලබාදීමේදී එම මිල ගණන්ද නීතිගත කිරීම.

18 කලාකරුවන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කෙරෙන, කලා නිර්මාණකරණයට පූර්ණ නිදහසද, සියලූ පුරවැසියන්ට කලා නිර්මාණ රසවිදීමට පහසුකම් සැලසීමද ඇතුළු කලා හා මාධ්‍ය ක්‍ෂේත්‍ර ආවරණය කෙරෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ඒ සඳහා අදාල ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පිහිටුවීම.

19 ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට හා දැනුම ලබාගැනීමේ අයිතියට බාධා නොවන පරිදි කලා නිර්මාණකරුවන්ගේ අයිතිය තහවුරු කිරීම සඳහා ජාතික බුද්ධිමය දේපොළ කාර්යාංශය කඩිනමින් බලගැන්වීම.

20 ස්වභාවික සම්පත් සහ පරිසරය ජාතික අවශ්‍යතාවන්ට අනුව සංරක්ෂණය සහ තිරසර කළමනාකරණය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා දැනට පවතින පරිසරයට අදාළ ප්‍රතිපත්ති, පනත් සහ රෙගුලාසි සංරක්ෂණ උපායමාර්ග මත සමාලෝචනය කර ශක්තිමත් කිරීම.

Last modified on Thursday, 17 September 2015 17:41

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us