අපේ විපක්ෂ නායකයාත් සම්බන්ධන්ම තමයි - මහින්ද පාර්ශ්වය පිළිගනී.

Published in පුවත්
Tuesday, 22 September 2015 09:55

විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස අද දින සිට කටයුතු කිරිමට සැලසුම් කර ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ද්‍රවිඩ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායකයා ලෙස පිළිගැනිමට තිරණය කර තිබේ.

එම තිරණය ගැනිමට හේතු පැහැදිලි කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ඇතැම් අය ජාත්‍යයන්තරයට වැරැදි පණිවුඩයක් දීමට තැත් කරනු ඇති හෙයින් විපක්ෂ නායක වශයෙන් සම්බන්ධන් මහතාට අභියෝග කිරිමට මෙය සුදුසු අවස්ථාවක් නොවන බවයි.

ජාතික රජයට සහාය දීමට අපේක්ෂා නොකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරුද්ධවාදී කණ්ඩායම් සහ සන්ධානයේ පක්ෂවලට අයත් මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් සම්බන්ධන් මහතා විපක්ෂ නායකයා වශයෙන් පත්කිරිමට සම්බන්ධයෙන් දැඩි සේ විරුද්ධත්වය දැක්වූහ.

සම්බන්ධන් මහතා අටවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වශයෙන් පත්කළ අවස්ථාවේදී කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ එම තනතුර සම්බන්ධයෙන් සන්ධානය නිල ඉල්ලිමක් ඉදිරිපත් නොකළ බවයි.

සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවිමට තීරණය කිරිමත් සමඟ පාර්ලිමේන්තු ආසන 16 ක් ලබා සිටි ද්‍රවිඩ ජාතික සන්ධානය විපක්ෂයේ බහුතරය හිමිවිය.

කෙසේ වෙතත් සන්ධානයේ කැරළිකාර මන්ත්‍රීවරුන් ඊට විරුද්ධතාව දක්වමින් කියා සිටියේ පක්ෂයේ නායකයාවූත් ජනාධිපතිවරයාට විපක්ෂ නායකකම තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ලියුමක් බාර දුන් බවත්ය.

සම්බන්ධන්ට වඩා විපක්ෂයේ තම පක්ෂයට සහාය දෙන මන්ත්‍රීවරුන් සිටින බවත්ය.

සම්බන්ධන්ට සහාය ලබාදෙන්නේ තාවකාලික පදනමකින් විය හැකි බවත් සහාය ලබා දීම රැඳි පවතින්නේ සමබන්ධන් අනාගතයේදි හැසිරෙන ආකාරය මත බවත් ඔහු පැවසිය.

සම්බන්ධන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අප ඉතා සීරුවෙන් බලා සිටිනවා.

තම පක්ෂය වෙනුවෙන් පමණක් නොව දැන් මුළු රට වෙනුවෙන් ඔහු කථා කළ යුතුයි. ඔහු විසින් ප්‍රඥාගෝචර සහ පිළිගත හැකි ආකාරයෙන් විපක්ෂය මෙහෙයවිය යුතුයි.

අප ඔහු දෙස බලා සිට තීරණයක් ගන්නවා යැයි රණතුංග මහතා පැවසිය.

සම්බන්ධන් මහතා විපක්ෂ නායක පදවියට පත්කරනු ලැබුවේ මතභේධකාරි ලෙස වුවත් ඔහුට කටයුතු කිරීමට යම් කාලයක් නොදී තිරණයකට එළැඹිම නිවැරැදි නොවන බව තම අදහස බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

සන්ධාන කලහකාරින් ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සාකච්ඡා ආරම්භ කරන්නේ ද යන පැනයට ඔහු පිළිතුරු දුන්නේ ධනාත්මක ලෙසයි.

පසුගිය ජනාධිපති මැතිවරණයේදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරිමට එම දෙපක්ෂයම එත්සත් ජාතික පක්ෂය සමඟ එක්වී කටයුතු කළ බවද රණතුංග මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය, ජාතික විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අය එක්වී අගමැති, විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධානියා ආදි වැදගත්ම තනතුරු බෙදාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මේ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ සැබැ විපක්ෂය ඔහුගේ කණ්ඩායම බවද කිවේය.

සන්ධානයේ මන්ත්‍රීවරුන් කීදෙනෙක් තම කණ්ඩායමට එක්වනු ඇත්දැයි විමසුවිට ඒ ගැන අප බලා සිටිමු යන පිළිතුර ඔහු ලබාදී තිබේ.

විපක්ෂයට එක්වන මන්ත්‍රිවරුන් සංඛ්‍යාව පිළිබඳ නිශ්චිතව කිව නොහැකි බව සන්ධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ඊයේ කියා සිටියහ.

එහෙත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ එක්තරා කැරැළිකාර මන්ත්‍රීවරයෙක් කියා සිටියේ එම පක්ෂයේ මන්ත්‍රිවරුන් 36 ක් සහ සන්ධානයේ සිටින අනිකුත් පක්ෂවල මන්ත්‍රින් 11ක් අද දින සිට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිට කටයුතු කරනු ඇති බවයි.

සන්ධාන මන්ත්‍රි රන්ජිත් සොයිසා පසුගිය සතියේ පැවසුවේ තමා ඇතුළු කණ්ඩායමකට විපක්ෂයේ සිට කටයුතු කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසර දුන් බවයි.

ජාතික ආණ්ඩුවට එක්විමට අපේක්ෂා නොකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 25 කට වැඩි පිරිසක් මැතදී ජනාධිපතිතුමා සමග පැවැති රැස්වීමකදී මේ පිළිබඳ සාකච්ඡා කළ බවද ඔහු පැවසිය.

 

dinamina

Last modified on Tuesday, 22 September 2015 09:57

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us