පිකටින් ෆන් එක

Published in පුවත්
Wednesday, 23 September 2015 14:41

සරුංගල් තැනෙන්නේ බිමය. නමුත් යැවෙන්නේ අහසටය. සරුගලයත් බිමත් අතර බැඳීම සියුම් නූලකිනි. මේ බැඳීම ලිහීගිය පසුව සරුංගලය ඔහේ පාවීගොස් ගසක් හෝ ලයිට් කණුවක් වැනි ඉහළ යමක් මත රැඳේ. නැතිනම් වෙලක හෝ වළක වැටේ. සමහරවිට වෙනෙකෙකු විසින් අහුලාගෙන නැවත උඩ යවනු ලැබේ.

අරගල යනු තමුන්ගේ කිසියම් ගැටළුවකට පිළිතුරු ලබා ගැනීම සඳහා අදාල ගැටළුවට මුහුණ දෙන පිරිස් විසින් ආරම්භ කර, ඊට සංවේදී පිරිස්වල ආශිර්වාදය ඇතුව කෙරෙනා යම් සටනකි. පාලකයින් ජනතාව වෙනුවෙන් කල්පනා කර, ඔවුන්ගේ අවශ්‍යතා සපුරනවා නම් මේ ලෝකය මීට වඩා බොහෝ වෙනස් එකක් වන්නට තිබුණී. නමුත් මේ පාලකයින් පෙනී සිටින්නේ ඔවුන් හා ඔවුන්ගේ ගජමිතුරු ව්‍යාපාරික පැළැන්තිය වෙනුවෙන් පමණි. ඔවුන්‍ට අවශ්‍යතා ලෙස පෙනෙන්නේද එකී පිරිසගේ අවශ්‍යතා පමණි. එහෙයින් ජනතාව නිරන්තරයෙන් අරගල කිරීම අවශ්‍ය වේ. සෑම අරගලයක් ම ජයග්‍රහණයෙන් කෙළවර නොවුණත් අරගල තුළින් පාඩම් ඉගෙන ගැනීම අනාගත අරගල ජයග්‍රහණය සඳහා ඉතා ම වැදගත් වේ.

මෙම සටහන ලියැවෙන්නේ මෑතක ළදැරියක් දූෂණ කර මරාදැමීමෙන් අනතුරුව ඇතිවූ සංවේදී තත්වය මත සංවිධානය කෙරුණු උද්ඝෝෂණ ව්‍යාපාරයක පෙරමුණේ සිටි සරුවපිත්තල චරිත කිහිපයක් දැකීමත් සමඟය. අරගල සඳහා ජනතා අවධානය ලබාගත යුතුය. නමුත් එසේ අවධානය දිනා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීම එහි මුල් අරමුණ විසින් සාධාරණීයකරනය කෙරෙන්නේ නැත. මහපොළව සමඟ බැඳීමක් නැති ආකාශගත චරිත බොහෝවිට මේවාට එක්වන්නේ ද හුදු ප්‍රසිද්ධිය වෙනුවෙනි. සිද්ධියේ උණුසුම මැකීගිය විටෙක ඔවුන් පාවී ඉවතට ඇදී යනු ඇත.

එහෙයින් අරගල හුදු සරුංගල් වීම මෙන්ම අහක යන සරුංගල් වල පැටලී බිම හා බැඳෙන නූල් සිඳීයාමේ අනතුර ගැනද අරගල කරන්නන් දැනුවත් විය යුතුය. සියල්ලන්ගේම උද්ඝෝෂණය කිරීමේ අයිතියට අපි ගරු කරන්නෙමු. එසේම යහපත් අරමුණින් කෙරෙනා උද්ඝෝෂණ හුදු ප්‍රචාරක ව්‍යාපාරයක් හෝ ෆන් එකක් වීමට ඉඩ නොදීම වෙනුවෙන් අවධානයෙන් පසුවීමට සැබෑ අරගලකරුවන්ට හැකි විය යුතුය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us