විමල්ලාගේ බෙලහීනකම අනාගත පරපුරේ වාසනාවකි

Published in පුවත්
Tuesday, 29 September 2015 07:28

ජාතිය අවදි නොවීම ගැන විමල් වීරවංශ මහතා  කනස්සල්ලෙන් පසුවන බව පසුගියදා ''සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව'' මයෙන් පැවැත්වූ දේශනයේදී ඔහු විසින්ම පිලිගැනීමට ලක්කර ඇති බව වාර්තාවේ. 'විමල් වීරවංශලා දැන් වසර ගනනාවක් තිස්සේ දේශපාලනය( තමන්ගේ බඩරස්සාව) කරන්නේ ජාතිය ඉදිරියට දමාගෙනය. 'සිංහල බෞද්ධ' නම් නව දෙමුහුන් ජාතියේ විමුක්තිය පතා අන් ජාතිකයන් තලා පෙලා පොඩිපට්ටම් කරන වර්ගවාදී දේශපාලනය මේරටේ ජනතාව පසුගිය ජනවාරී 08 වන දින පරාජය කළ බව තවමත් වීරවංශලට තේරෙන්නේ නැත.

ජීනීවා යෝජනාවෙන් රට කැබැලිවෙනවාය කියමින් තඩි බොරු බේගල් ඇද දමමින් ජාතිය අවදි කිරීමේ මජර උත්සහයක ඔවුන් යෙදී සිටී. මේ කතාවලට ‍රැවැටෙන තකතීරුවන් තවත් සුලුපිරිසක් ඉතිරිව ඇතත් වීරවංශලාගේ මේ වර්ගවාදී ව්‍යාපෘතියට රැල්ලක් නැතිවීම අනාගත පරම්පරාවේ වාසනාවකි.

එහෙත් මේ කාලකණි ව්‍යාපෘති කොහොමටවත් මේ සමාජයේ පැවැතිය යුතු නැත. ඒ විනාශ කර දැමිම විය යුතුය. මේ වර්ගවාදී විෂ බීජයට මේ මහ පොළොවේ වැඩීමට යළි ඉඩ දිය යුතු නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, සුරක්ෂිත සම අයිතිවාසිකම් සපිරි රටක් බවට මේ පත් කිරීම විනා බේදුම්වාදී වුවමනාවන් ප්‍රකට කිරීමට ඉඩ දිය යුතු නොවේ. වර්ගවාදය පෝෂණයවීමට ඉඩක් නිර්මාණය වීමේ අවස්ථා අහුරාලීම සිහිබුද්ධිය ඇති සියළු මිනිසුන්ගේ වගකිමක් විය යුතුය.

''සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව'' යන තම දේශනයේ දී විමල් වීරවංශ මෙසේ පැවසීය.

''එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන්ගේ සමරුව ඊයේ පැවැත්වුණා. 1948 දී සුද්දා මේ රට දාලා ගියත් 1956ට කලින් මෙහි බොහෝ ක්‍ෂේත්‍රවල, ආයතනවල ඔවුන්ගේ බලය ගොනු වෙලා තිබුණා. ඒ කාලය තුළ ඔවුන්ගේ කඳවුරු තිබුණා. ගුවන් විදුලි සංස්‌ථාවේ ඉංග්‍රීසි සේවයේ ඉහළ තනතුරු දැරුවේ ඉංග්‍රීසි ජාතිකයන්. 1956 පෙරළිය, ඒ තත්ත්වය වෙනස්‌ කරන්න සමත් වුණා. එතෙක්‌ රාජ්‍යයේ පැවැති දෙමුහුන් ස්‌වභාවය ඉවත් කිරීමේ ගමන ඇරඹෙන්නේ 1956 පෙරළියත් සමග. බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් සමරන මේ වෙලාවේ ඔහු මුල් වී නැති කරන ලද රාජ්‍යයේ දෙමුහුන් ස්‌වභාවය, වත්මන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායක විසින් යළි අලුත් වටයකින් ඇති කරමින් සිටිනවා.

ඔබත් අපත් අද මෙසේ හමු වන්නේ ඉතාමත් තීරණාත්මක අභියෝගයක්‌ පාමුල තබාගෙනයි. බෙදී වෙන් වී යාමේ ඉම වෙත රැගෙන විත් තිබූ රට, නැවත එක්‌සේසත් කොට, නැවත පණ දී ඉදිරියට ගෙන යමින් සිටියදී අද එහි ගෙල සිඳ මරා දැමීමේ ඉරණමට ඇදගෙන යමින් සිටිනවා. මෙබඳු මොහොතක අවදි නොවන ජාතියක්‌ නිර්වින්දනය කරන ලද ජාතියක්‌ මිස හෘදසාක්‍ෂියක්‌ සහිත ජාතියක්‌ නොවෙයි.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුමත කරමින් ඇමෙරිකා එක්‌සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාව අද වන ශ්‍රී ලංකා රජය ද පිළිගත් යෝජනාවක්‌ බවට පත් වී තිබෙනවා. ඇමෙරිකා එක්‌සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාවෙහි ගැටළු සහගත තැන් පිළිබඳව පෙන්වා දුන් එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතාට, ''එවැනි විවේචන ඔබ විසින් නොකළ යුතුව තිබුණා'' යෑයි පවසමින් මේ ආණ්‌ඩුවේ බලධාරීන් තරවටු කළ බව පුවත්පතක දේශපාලන ලිපියෙහි සඳහන්ව තිබෙනවා. ඒ අනුව ඉතා පැහැදිලියි. මේ ආණ්‌ඩුවට ඇමෙරිකා එක්‌සත් ජනපද යෝජනාවෙහි කොතරම් විෂ තිබුණත් ඒවා පෙන්වා දීමේ උවමනාවක්‌ නැති බව.

බොහෝ අය අනාවැකි පළ කළා, විශේෂයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයෙහි පවා සඳහන් වුණා. ඇමෙරිකා එක්‌සත් ජනපද යෝජනාවෙහි ''දෙමුහුන් අධිකරණයක්'' යන කරුණ ඇතුළත් නොවන බවට. ඇත්ත මෙම යෝජනාවෙහි ''දෙමුහුන් අධිකරණය'' කියන වචනය ඇතුළත්ව නැහැ. නමුත් ඇමෙරිකානු - ශ්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාව අනුව පිහිටුවනු ලබන අධිකරණය පොදු රාජ්‍ය මණ්‌ඩලීය රටවල විනිසුරුවරුන්, නීතිඥවරුන් සහ අභිචෝදකයන් යන අයගෙන් සමන්විත ව්‍යුහයක්‌ විය යුතු බව එහි සඳහන් වෙනවා. දැනටමත් මෙම යෝජනාව ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන අවසන් නිසා සැප්තැම්බර් 30 වැනිදා එය සම්මත වීමේදී සුළු වශයෙන් හෝ සංශෝධනය වීමේ ඉඩකඩක්‌ නැහැ. මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර න්‍යාය පත්‍රයක්‌ අනුව සිදු වන නිසා, සුදු විනිසුරුවරුන්, පොදු රාජ්‍ය මණ්‌ඩලීය විනිසුරුවරුන් හිටියත් නැතත් මෙම අධිකරණය, යටත්විර්ත සමයේ මේ රටේ පිහිටුවනු ලද, 1947 සිට ක්‍රමයෙන් අභාවයට යවන ලද, 1956 දී අවසන් කළ අධිකරණ ව්‍යුහය මත පිහිටුවන්නක්‌ මිස වෙනෙකක්‌ නොවෙයි.

බටහිර අධිරාජ්‍යවාදීන් සැලසුම් කළ ආකාරයට පත් කළ විපක්‍ෂ නායකවරයා, දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන් අද කියනවා, ''ඇමෙරිකානු යෝජනාව අපි සාදරයෙන් පිළිගන්නවා. මේක අපේ පරිශ්‍රමයේ ප්‍රතිළුලයක්‌'' කියලා. කොටි හිතවාදී ඩයස්‌පෝරාවේ සාමාර්කයන් අද ජිනීවා නගරයට රැස්‌වෙලා ඔල්වරසන් දෙනවා. යුද්ධයට එරෙහිව එදා ඊනියා සාමවාදී මතවාද පොම්ප කරපු රාජ්‍ය නොවන සංවිධානවල ගැත්තෝ අද රූපවාහිනි නාලිකාවල සංවාද පවත්වමින්, පත්තර පිටු පුරවමින් මේ මහා පාවාදීමට වෙනත් අර්ථකථනයක්‌ දීමට උත්සාහ ගනිමින් සිටිනවා. ඒ වගේම ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා කියනවා, ''ඇමෙරිකානු යෝජනාවේ සැර ටිකක්‌ අඩු වෙලා'' කියලා. මේක හරියට වදකයා රතු වද මල් මාලයක්‌ දමා ගෙන එන කොට, ඔහු එන කාරිය අමතක කරන්න අර මල් මාලය ගැන වාර්ණනා කරනවා, වගේ වැඩක්‌. මෙවැනි තත්ත්වයක්‌ තිබෙන නිසා අපට සිදු වෙනවා, අපි ඉදිරිපිට තිබෙන අභියෝගය හරි ආකාරයට හඳුනා ගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාට වස බෝතල් දෙන්න කතා කළ කෙනා දැන් කියනවා ''ඇමෙරිකාවයි මේ ආණ්‌ඩුවයි යාළුයි. ඒ නිසා යාළුකමට පරණ ලිපිගොනු දැන් වහලා දාන්න යනවා'' කියලා. මේ විදිහට මේ නග්න පාවාදීම එක්‌ එක්‌ පුද්ගලයන් ලවා වර්ණ ගන්වලා ඊට එරෙහිව සක්‍රීය බලවේගයක්‌ විදිහට මහජනතාවට නැ`ගී සිටීම වැළැක්‌වීමේ මෙහෙයුමක්‌ දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකා හමුදා යුද්ධයෙන් පැරදිලා, කොටි සංවිධානය දිනුවා නම් ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මාතෘකාවක්‌ බවට පත් වෙනවාද? ජනතා විමුක්‌ති පෙරමුණ මර්දනය කළා. 60,000 ක්‌ දරුණු ලෙස මරා දැම්මා. පාරවල්වල, ගංගාවල මළ කඳන් ප්‍රදර්ශනය වුණා. ඒත් ශ්‍රී ලංකාව ජිනීවාවල මාතෘකාවක්‌ වුණේ නැහැ. ''ඒ පිළිබඳව සෙවිය යුතුයි, විශේෂ අධිකරණයක්‌ පිහිටුවිය යුතුයි'' කියලා යෝජනා ආවේ නැහැ. එදා සමූහ වශයෙන් මිනිස්‌සු මරපු තැන් තිබුණේ නැද්ද? ඒවා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නොවෙයිද? බටලන්ද වදකාගාරය එහෙම තැනක්‌ නොවෙයිද? එහෙම නම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැන් ශ්‍රී ලංකාව ගැන සොයන්න මතක්‌ වෙලා තියෙන්නේ ඇයි? මේ රට බෙදන්න හදන පිරිස්‌වල එක්‌ උපායමාර්ගයක්‌ මේ රටේ නීත්‍යනුකූල හමුදා විසින් වළක්‌වනු ලබපු නිසයි. ඊට නායකත්වය දුන්නා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන්, එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු මෙම ඡායාරූපයේ සිටින ආරක්‍ෂක හමුදා ප්‍රධානීන් හා ඊට පහළින් සිටින හමුදා ප්‍රධානීන් විශාල සංඛ්‍යාවක්‌. මුළුමහත් ජාතියක අපේක්‍ෂාවන් සඵල කිරීමට එදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සමත් වුණා.

Last modified on Tuesday, 29 September 2015 07:29

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us