දැදුරු ඔය විනාශ කරන Jiffy සමාගමට ආණ්ඩුව උදව් කරනවා

Published in පුවත්
Monday, 05 October 2015 21:10

RavindraKariyawasamදැදුරු ඔයට හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිය තුළ සිදුවන පරිසර දූෂණයට සෘජුව වගකිව යුතු ජිෆී සමාගම පරිසරවේදීන්ට තර්ජණය කරන බවත් පරිසරවේදීන්ගේ කටයුතුවලට බාධා සිදුකරන බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි. ජිෆී සමාගමෙන් එල්ල වූ තර්ජණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (05) සමාජ හා සාමයික කේන්ද්‍රෙය්දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.



එහිදී අදහස් දැක්වූ රවීන්ද්‍ර කාරියවසම් මහතා,

අපි දැදුරු ඔය ආශ්‍රිතව සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට සෙනසුරාදා (03) ගියා. මේ සඳහා අප සංවිධානයේ වෑකඳවල රාහුල හිමි සහ දුමින්ද අලහකෝන් මහතා සහභාගි වුණා. අපි නිරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින විට ජිෆී සමාගමේ පුද්ගලයන් 30 ක් විතර ඇවිත් අපේ කටයුතුවලට බාධා කළා. ඔවුන් අපට තර්ජණය කරමින් අපේ කැමරා උපකරණ ආදිය උදුරගන්න උත්සාහ කලා. ඒවගේම අසභ්‍ය වචනයෙන් අපිට බැනවැදුනා.

මේ සම්බන්ධයෙන් අපි පොලීසිය දැනුවත් කළා. එම දැනුවත් කිරීමට අනුව කොබෙයිගනේ පොලීසියේ නිළධාරීන් එතැනට ආව. ඒගොල්ලො කළේ අපිව පොලිස් ස්ථානයට අරගෙන ගිහින් අපෙන් කටඋත්තර ගත්තා. ඒ වගේම අපේ පොලීසිය අපේ ෆයිල් සහ කැමරා උපකරණ ආදිය කිසිදු හේතුවක් නැතිව පරීක්ෂා කළා. නමුත් අපිට බාධා කරපු ජිෆී සමාගමේ නිළධාරීන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ. තර්ජණයට ලක්වුනේ, අපහසුතාවයට ලක්වුනේ හැබැයි පොලීසිය ක්‍රියාමාර්ග ගන්නෙ තර්ජණයට ලක්වුණු අපිට එරෙහිව.

ඉතින් හොඳටම පැහැදිලියි පොලීසිය ඉන්නෙත් දැවැන්ත පරිසර හානියක් සිදු කරන බහුජාතික සමාගම් එක්ක. පොලීසිය විතරක් නෙවෙයි එම ප්‍රදේශයේ සියලුම රාජ්‍ය ආයතන ඉන්නෙ ජිෆී සමාගමත් එක්ක. අපිට තියන ගැටලුව තමයි කිසිදු පරිසර නීතියක් නොසලකා කටයුතු කරන මේ බහුජාතික සමාගම් දැන් පරිසරවේදීන්ට, භික්ෂූන් වහන්සේලාට තර්ජණය කරන්න, කුණුහරුපෙන් බනින්න පටන් අරන් තියනවා. එතකොට එහෙම කටයුතු කරන කොම්පැනි වෙනුවෙන් තමයි පොලීසිය සහ රාජ්‍ය ආයතන පෙනී ඉන්නෙ. අපිට දැනෙන විදිහට ජිෆී සමාගමත් පොලිසියත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම පසුගිය දිනවල සුජීව සේනසිංහ ඇමැතිවරයා ජිෆී සමාගේ නෝර්වේ මව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමග ජිෆී සමාගමේ නිරීක්ෂන කටයුතු වලට සහභාගිවෙලා තිබුණා.

ඒ වගේම පසුගිය ආන්ඩුවෙ බැසිල් රාජපක්ෂ මහතාගේ බල තල පාවිච්චි කරලා ඔවුන් පරිසර හිතකාමී නොවන අන්දමින් නිතී විරෝදී ලෙස මොවුන් මෙම කටයුතු කරගෙන ගියා. ඒ වගේම මෙහි නිරීක්ෂණ කටයුතු කිරීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලයට හා මධ්‍යම පරිසර අධිකාරියට අවස්ථාවන් දුන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හරහා ඔවුන් රාජකාරියට බාධා කළා. ඉඩ ප්‍රස්ථා ඇහිරුවා. ඔවුන්ට තර්ජනය කලා. අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ යහපාලන ආණ්ඩුව තල්ලුවෙන්නෙත්, ගමන් කරන්නෙත් එතනටද කියන එක. කොහොම වුණත් අපි මේ සම්බන්ධයෙන් අපි පරිසර අමාත්‍යංශය භාර ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර  තියනවා මේ පරිසරවේදීන්ට සිදුවන තර්ජණ සම්බන්ධයෙන් පියවර ගන්න කියලා.

නීතීඥ නුවන් බෝපගේ මහතා,

මේ පරිසරවේදීන් කිසිවෙක් ජිෆී ආයතනය තුළට ඇතුළුවී හෝ ඇතුළත ඡායාරූප ගැනීමක් හො සිදුකර නෑ. දැදුරු ඔය ආශ්‍රිතව පමණයි නිරීක්ෂණ සිදුකළේ. ඒ නිසා පොලීසියට කිසිම අයිතියක් නෑ පරිසරවේදීන් පොලිස්භාරයට ගන්න හෝ ඔවුන්ගෙන ප්‍රකාශ ලබාගන්න. එහෙම කරනව නම් අධිකරණ නියෝගයකින් පමණයි ඔවුන්ව පරීක්ෂා කරන්න පුලුවන්. අනිත් අතට පොලීසිය පැමිණිලිකරුවන් සම්බන්ධයෙන් තමයි ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. ඒ වගේම පරිසරවේදීන්ගේ පැමිනිල්ල සටහන් කරගැනීමට පොලීසිය කටයුතු කරල නෑ. ඒ වගේම පැහැදිලිවම පේනවා පොලීසිය සහ නීතිමය ආයතන කටයුතු කරන්නෙ අදාල සමාගමට පක්ෂපාතී ලෙස.

අනිත් කාරණය තමයි බහුජාතික සමාගම් පටන් ගත්තා ඔවුන්ගේ කටයුතුවලට බාධා කරන පරිසරවේදීන් සහ වෙනත් පුද්ගලයන් බිලිබාගන්න හෝ ඝාතනය කරන්න. තමන්ගේ කටයුතුවලට බාධා කරන සියලු දෙනා ඝාතනය කරන්න ඔවුන් පෙළඹුනා. මෙවැනි සිදුවීම් එක්ක අපිට තහවුරුවෙමින් යනවා ලංකාවෙ තිබෙන බහුජාතික සමාගම් එවැනි ක්‍රියාවලියක් ආරම්භ කරමින් යනවද කියල.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us