රක්නා ලංකා, ඕනෙද එපාද ? තීරණය ජනපති අතේ

Published in පුවත්
Wednesday, 14 October 2015 10:11

රක්නා ආරක්ෂා ලංකා ආරක්ෂක ආයතනය තවදුරටත් පවත්වාගෙන යනවාද නැතිනම් අහෝසි කර දමනවාද යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ළඟදීම තීරණය කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

මේ සමාගම හරහා විවිධාකාර වූ ගැටලු සහගත තත්ත්වයන් මෑතක සිට විවිධ අවස්ථාවල පැන නඟින අතර එය තවදුරටත් පවත්වාගෙන යාමෙන් මේ රටට ඇතිවෙන ප්‍රයෝජනය හෝ හානිය පිළිබඳ මේ වන විටත් අවධානය යොමු වී තිබෙන බවද රුවන් විජයවර්ධන මහතා පවසයි.

පසුගියදා ගාල්ල වරායට නුදුරු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් 'ඇවන්ගාඩ්' නෞකාවේ තිබී හසු වූ අවි ආයුධ තොගයද රක්නා ලංකා ආරක්ෂක සමාගමට අයත් ඒවා බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

2006 වසරේදී රක්නා ආරක්ෂා ලංකා ආරක්ෂක සමාගම පිහිටුවා තිබේ. මෙය ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ කර පිහිටුවන ලද ආයතනයකි. මෙවැනි ආරක්ෂක ආයතනයක් පිහිටුවීමේ ප්‍රධාන අරමුණ ලෙස එවකට පැවැති රජය පෙන්වා දී ඇත්තේ මෙරටට නුදුරු මුහුදු සීමාව තුළින් ගමන් ගන්නා විවිධ රටවලට අයත් නෞකා මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීම සහ වෙනත් විවිධ හේතු මත නැව් වලට එල්ලවන තර්ජනවලින් බේරා ගැනීම සඳහා වෙයි. මේ සමාගම නැව් වලට ආරක්ෂාව සපයන නිලධාරීන් හාරදහසක් පමණ සම්බන්ධ කරගෙන ඇත. ඒ සඳහා එම සමාගම යටතේ අවි ආයුධ විශාල ප්‍රමාණයක්ද වෙයි.

සම්පූර්ණ පුහුණුව ලැබූ නාවික ආරක්ෂක ප්‍රධානීන් හත්සියයක් පමණද මෙම ආයතනය යටතේ සිටිති.

රක්නා ආරක්ෂා ලංකා ආරක්ෂක සමාගම පිහිටුවීම තුළින් ආරක්ෂක අමාත්‍යාංශය බලාපොරොත්තු වූ අරමුණ ඉෂ්ඨ වී තිබේද නැද්ද යන්න සම්බන්ධව මේ වන විටත් සාකච්ඡාවට භාජනය වී තිබේ.

‍එය මෙරටට අනවශ්‍ය එකක් බව පෙනී ගියහොත් එය පවත්වාගෙන යාම නැවැත්වීමටද ඉඩ ඇත.

dinamina

Last modified on Wednesday, 14 October 2015 10:20

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us