දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනු !

Published in පුවත්
Tuesday, 13 October 2015 09:35

දෙමළ දේශපාලන සිරකරුවෝ 223 දෙනෙක් තමාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ඊයේ උපවාසයක් ආරම්බ කර තිබේ.

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් 35 ක්ද,මැග්සින් බන්ධනාගාරයේ 160 ක්ද,බෝගම්බර 15ක්ද,යාපනයේ 03ක්ද,වැලිකඩ කාන්තා සිරකාරියන් 10ක්ද සඳුදා සිට උපවාසයේ යෙදෙන බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් පවසයි.

මෙම සිරකරුවන් අතරින් මේවන විට චෝදනා ගොනු කර ඇත්තේ 40 දෙනෙකුට ආසන්න පිරිසකට පමණක් වන අතර අන් කිසිවකුට මේ දක්වා කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට පොලිසිය හෝ ආරක්ෂක අංශ සමත්ව නැත. වසර දහයක පමණ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින්නන්ද මේ අතර සිටී. උපවාසකරුවන්ගේ ඉල්ලීම වී ඇත්තේ තමන්ට වඩා දරුණු අපරාධවලට සම්බන්ධ වූවන් නිදහසේ සිටින අතර ඉතා සුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් තමුන්ව මෙලෙස නඩු පැවැරීමකින් හෝ තොරව රඳවා තබා ගැනීම අසාධාරණ බවත් තමන්ට චෝදනා ඇත්නම් නඩු පවරන ලෙසත්ය.

2012 වසරේදීද මෙලෙස දෙමළ දෙශපාලන සිරකරුවන් වවුනියාව බන්ධනාගාරයේදී උපවාසයක් ආරම්බ කළ එහිදී බන්ධනාගාර නිළධාරීන් හා වෙනත් මැර පිරිසක් එල්ල කළ ප්‍රහාරයෙන් සිරකරුවන් දෙදෙනකු මිය ගිය අතර කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා සදාකාලික අබ්බ්ගාතයන් බවටද පත් විය.

මේ අතර දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස් ලබා දීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත හැකි ආකාරය සඳහන් ලිපියක් උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේස්වරන් විසින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත යවා තිබේ.

එම ලිපිය ඔස්සේ ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ වසර ගණනක සිට ඉතා දුක්ඛිත තත්ත්වයකින් කල් ගෙවන මෙම පිරිස නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙසයි.

ප්‍රධාන කාරණා හතක් ඔස්සේ කරුණු ඉදිරිපත් කරන ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රඳවා ගෙන සිටින පිරිස් විසින් සිදු කොට ඇති වරදේ ස්වභාවය මත ලැයිස්තුවක් සකස් කළ යුතු බවයි.

මේ කාරණාව ඉටු කිරීමට සතියක කාලයක් සෑහෙන බවත් ඔහුගේ ලිපියේ සඳහන් කොට තිබේ.


ඉතා සුළු වැරදි මත අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් මුළුල්ලේ රඳවා ගෙන සිටින සැකකරුවන් ඇප මත නිදහස් කොට ඔවුන්ට එරෙහිව යම් නඩු විභාගයක් ආරම්භ කරන ලෙසද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සුළු වැරදි කළ පිරිස ඇප මත නිදහස් කොට පසුව නඩු ඇසීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බවටත් ප්‍රධාන අමාත්‍යවරයා ලිපිය ඔස්සේ යෝජනා කරයි.

අත්අඩංගුවේ පසු වන පිරිසට යම් චෝදනාවක් වේ නම් ඔවුන්ට චෝදනා පත්‍රයක් භාර දීමට ක්‍රියා කොට එකී චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග කරන ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබා දෙන මෙන්ද ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

වරද පිළිගත් බව සඳහන් කරමින් ඒ මත බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පෙන්වා දෙන ප්‍රධාන අමාත්‍යවරයා එම පිරිස් ඉතා දීර්ඝ කාලයක් රඳවා ගෙන සිටීම ජාත්‍යන්තර මෙන්ම දේශීය අධිකරණ ක්‍රියාදාමයටද පටහැණි බවත් ඒ හරහා මානව හිමිකම් උල්ලංඝනය වන බවත් ලිපිය මගින් පෙන්වා දී තිබේ.

අධිකරණ සේවා කොමිසම මගින් විනිසුරුවරයන්ට විශේෂ බලතල ලබාදී මෙම දේශපාලන සිරකරුවන් විසින් සිදු කොට ඇති වැරදි සම්බන්ධයෙන් කඩිනමින් නඩු විභාග කොට ඔවුන්ට දඬුවම් කිරීම හෝ නිදහස් කිරීම සිදු කරන මෙන්ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේස්වරන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

බිබීසී ඇසුරෙණි

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us