පොර්ට් සිටිය ලංකාවේ ඉරණම තීන්දු කරන හැඩ

Published in පුවත්
Saturday, 07 November 2015 09:00

කොළඹ වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු පිළිබඳව මතු වී ඇති මතභේදාත්මක තත්වයක් මත වත්මන් ආණ්ඩුව තුළ යම් අර්බුධකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ව්‍යාපෘතියට පක්ෂව සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට විරුද්ධව කටයුතු කිරීම මෙම අර්බුධකාරී තත්වයට හේතු වී තිබේ. කොළඹ දකුණු වරාය දියකඩනය සහ ගාලු මුවදොර පිටිය දෙසට වන මුහුදු ප්‍රදේශය හෙක්ටයාර 233 ( අක්කර 575ක් පමණ ) ගොඩ කරමින් ඉදිකෙරෙන මෙම වරාය නගරය සී/ස චයින් කොමියුනිකේශන් කන්ස්ට්‍රක්ශන්ස් සමාගමේ ස්වේච්චා ව්‍යාපෘති යෝජනාවක් ලෙස පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය වෙත ඉදිරිපත් වූවකි. එනම්, මෙය සෘජුවම ශ්‍රී ලංකාවේ වුවමනාවක් ලෙස නොව චීනයේ උපායමාර්ගික වුවමනාවක් වෙනුවෙන් ඉදිරිපත් වූවකි.

මෙහි ව්‍යාපෘති වියදම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1337ක මුදලක් ව්‍යාපෘති යෝජක චීනය විසින් දැරීමට නියමිත අතර එය පියවා ගැනීම සඳහා ඉදිකෙරෙන වරාය නගරයේ විකිණිය හැකි ඉඩම් ලෙස හඳුනා ගන්නා හෙක්ටයාර 170න් 108ක් ම ඔවුන් විසින් පවරා ගැනීමට යෝජනා වී තිබේ. මීට යම් ආකාරයෙන් සමාන ව්‍යාපෘතියක් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කොළඹ සංවර්ධන සැලැස්මේද තිබුණු නමුත් ව්‍යාපෘතිය පිළිබඳව හෙළිදරව් වූ මොහොතේ පටන් ශ්‍රී ලංකාවේ පාරිසරික සංවිධාන කෙරෙන් එල්ල වූ දැවැන්ත විරෝධය පවා නොතකා රාජපක්ෂ පාලනය මීට එකඟ වන්නේ චීනයෙන් ලැබිය හැකි දැවැන්ත කොමිස් මුදල් සම්භාරය නිසා ය. විදේශිකයින්ට ඉඩම් විකිණීමට නොහැකි ලෙසට පවතින ඉඩම් නීතියද අමු අමුවේ උල්ලංඝනය කරමින් චීනයේ වුවමනාවන් වෙනුවෙන් අපගේ මුහුදු තීරය පාවා දෙමින් මෙන් ම දැනටද මුහුදු කෑමේ අනතුරට ආසන්න වෙරළ තීරයන් ලක් කරමින් රාජපක්ෂ රජය ගෙනගිය මේ ව්‍යාපෘතියට එල්ල වූ මහජන විරෝධය නිසා ම පසුගිය ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ ප්‍රධාන සටන් පාඨ අතරට මෙම වරාය නගරය හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය නවතා දැමිමද ඇතුළත් ව තිබිණි.

මෙය චීනය විසින් දකුණු ආසියානු කලාපය තුළ සිය බලපෑම වර්ධනය කිරීම සඳහා ගෙන යන ක්‍රියාවලියක් ලෙස හඳුනාගනිමින් ඉන්දියාව මෙම චීන පෝට් සිටි ව්‍යාපෘතියට දක්වන්නේ දැඩි විරෝධයකි. කලක පටන් ඉදියාව සහ ඇමරිකාව එක්සත් දේශපාලනික ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණව ඇති හෙයින් ඇමරිකාවද මෙම ව්‍යාපෘතියට විරුද්ධය. මෙම තත්වය තුළ දේශීය විරෝධය පසෙකින් තිබිය දී වුව අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර වත්මන් රජය තුළ පෝට් සිටි විරෝධී පාර්ශ්වයක් ලෙස ඉදිරියට පැමිණෙමින් සිටිති.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පෝට් සිටි ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට පක්ෂපාතී ස්ථාවරයක පසුවන බවක් පෙනෙන්නට තිබේ. ඊට හේතු වී ඇත්තේ මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කළ මොහොතේ සිට චීනය විසින් ලංකාවට දෙන ලද ආධාර ද නතර වීමයි. වර්තමානයේ ලංකාවේ සංවර්ධනය තීන්දු කරන ප්‍රධාන සාධකය චිනයයි. ඉන්දියාව හෝ අමරිකාව මෙරට සංවර්ධනයට උර දෙන රාජ්‍ය නොවේ. මේ නිසා ශ්‍රී ලංකාව මේ මොහොතේ දැඩි අර්බුදයකට මුහුණ දි තිබේ. මෙම ව්‍යාප්‍රතිය ස්ථිර ලෙස නතර කරන තෙක් ඉන්දියවෙන් යන්තමින් හෝ ලැබෙමින් තිබු සහයද ශ්‍රීලංකාව අහිමිව තිබේ.

2014 සැප්තැම්බර් 17 දින චීන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔහුගේ ම මූලිකත්වයෙන් නිල වශයෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් ලංකාවේ රජයේ තීරණයක් අනුව නතර කෙරෙන්නේ නම් එය චීනයට සිදුවන බරපතළ අපහාසයක් ලෙස චීනය විසින් සලකන අයුරක් පෙනේ.

කෙසේවෙතත් මතුව ඇති තත්වයන් මත පෝට්සිටි ව්‍යාපෘතිය යහපාලන සම්මුති ආණ්ඩුවට තුළ අර්බුධ මතුකරමින් වුවද නොනැවතී ඉදිරියට ක්‍රියාත්මක වන ලකුණු පැහැදිලිය.

Last modified on Saturday, 07 November 2015 09:17

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us