එදා පුද්ගලයන් පැහැර ගත් බව ගෝඨා පිලිගත්තා. ඒ ගැන සිවිල් සංවිධාන නිහඬ ඇයි ?

Published in පුවත්
Sunday, 08 November 2015 17:00

හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 08 වන ඉරිදා 'සත්හඬ' පුවත්පත සඳහා ලබා දුන් සාකච්ඡාවේදී රාජපක්ෂ රෙජීමය පැවැති අවධියේදී හමුදාව, පොලීසිය හෝ ඔවුන් ගේ අනුදැනුම මත වෙනත් කණ්ඩායම් විසින් හෝ පුද්ගල පැහැර ගැනිම සිදු කළ බව පිළිගෙන තිබේ.

විශෙෂයෙන්ම කුමාර් ගුණරත්නම් මහතාගේ පැහැර ගැනීම රාජපක්ෂ මහතා විසින්ම හෙළි කර ඇත. එම පැහැර ගැනිම සිදුකළ දිනවල රාජපක්ෂ මහතා ඒ පිලිගත්තේ නැත. එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාද පිලිගත්තේ නැත.

එහෙත් අද දින ගොඨාභය රාජපක්ෂ මහතා එය තමන් ගේ අනුදැනුම මත සිදුවූවක් බව පිළිගෙන ඇත. එහෙම එම කාල සීමාව තුලදි තවත් සිදුවීම් පෞද්ගලික හේතුන් මත සිදුවූ බවද ඔහු ප්‍රකාශ කරයි. තමන් යටතේ සිටි නිළධාරීන් මේවාට සම්බන්ධ බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. එනම් ඒ සම්බන්ධ සිදුවීම් සියල්ල ඔහු දැන ගෙන සිටි බවය. ඇතැම් සිදුවීම ගැන පරීක්ෂණ පැවැත්වීමද එම කාල සීමාවේ හැටියට සිදු නොකළ බවද ඔහු පවසයි.

එවැනි අනාවරණයක් ගෝඨාබය රාජපක්ෂ විසින්ම සිදු කර තිබියදී ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් හෝ කළ යුතු බවට හඬක් නැගිය යුතු නමුදු , අතුරුදහන් කිරීම හා පැහැර ගැනීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ කෑමොර දුන් සිවිල් සමාජය මෙහිදී දක්වන නිහඩ තාවය ගැටලු සහගතය.

විශේෂයෙන්ම පුරවැසි බලය , අලුත් පරපුර.. ආදී රාජපක්ෂ රේජීමය පැරදවීමට එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කළ සංවිධාන නිහඬය, ජොසප් ස්ඨාලින් , සමන් රතන්ප්‍රිය , රජිත් කීර්ති තෙන්නකෝන් වැනි ඕනෑ එකටයි එපා එකටයි මාධ්‍ය නිවේදන පිට නිවේදන ගසන වෘත්තීය සමිති නියෝජිතයෝද නිහඬය.

සමහර විට විදේශ ආධාර මත යැපුනු රාජ්‍ය නොවන සංවිධානවලට දැන් විදේශධාර නොලැබීම මත එම කටයුතු අඩපන වීම නිස නිහඬව සිටීනවා විය හැකිය. එහෙත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගොඩනැගුවාය කියන මහජන සංවිධාන ලෙස රට හමුවේ පෙනී සිටින සංවිධාන නියෝ ජිතයන් මෙහිදී නිහඬව සිටින්නේ. තමන් මුක්කු ගැසූ යහපාලනයට දැන් කෙළවේගන එන නිසා ඊළඟ සැරේ පැත්ත මාරු කිරීමේ වුවමනාවෙන්ද යන්න ගනද ඇත්තේ බරපතල සැකයකි.

මෙහිදි වඩාත්ම ඛේදජනක සිදුවීම වන්නේ මෙම සාකච්ඡාව එම පුවත්පතේ පළ කිරීම ගැන රාජපක්ෂ රෙජීමය පැරදවීම වෙනුවෙන් කතා කළ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඉතා බරපතල ලෙස උරනව සිටීමය. ගුණරත්නම් සිද්ධියට සිය නායකයා හවුල් වුවානම් වියයුතුව වන්නේ ඊට එරෙහි අරගලයක් පක්ෂය තුල සිදු කර යළි එවැනි වරදක් නොවීමට පක්ෂය සකස් කර ගැනීමය. එහෙත් මෙහිදී සිදුව තිබෙන්නේ, ඒ රහස් ගනුදෙනුව හෙළි කිරීම ගැන එම පුවත්පතට එරෙහිව අවලාද නැගීමය.

එහෙත් ඊට වඩා ප්‍රගතිශීලීව හා ඉදිරිගාමි ලෙස කටයුතු කරන එකසත් ජාතික පක්ෂයේ සාමාජිකයන් තමන්ගේම පක්ෂයේ ඇමැතිවරයකු වූ තිලක් මාරපනගේ ක්‍රියා මාර්ග විචේචනය කිරීම දකින්නට තිබේ.

වර්තමානයේ පක්ෂ දේශපාලනය හෝ පුද්ගලයන් මත්තේ නැසීමෙන් මේරට ඇතිවන සුගතියක් නැත. ගෝත්‍රික අදහස් හා ක්‍රියා මාර්ගවලින් මේරටට වැඩක් නැත. ජාතික සම්මුතියක් සහිතව පුළුල් දේශපාලන වුවමනාවක් සහිත වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍ය තාවයය අද රට ඉදිරියේ තිබෙන්නේ. පෙර වැරදී නිවැරදි කර ගැනිම හා යළි යළිත් එක වැරද්ද සිදු නොවීමට වග බලා ගැනීම විය යුතුව තිබේ. ඒ වෙනුවෙන් කවුරු කවර තරාතිරමක හෝ පාර්ශවීය භාවය බාධාවක් කර නොගෙන සෘජුව කටයුතු කිරීමේ හැකියාව මේ සිවිල් සංවිධාන හා එම නියෝජිතයන්ට තිබිය යුතුය. ඊට කොන්දක් තිබිය යුතුය.

තමන්ට පොස්ටර් ටික ගහලා දෙන්නේ, වේදිකාව හදලා දෙන්නේ අහවලා හෝ අහවල් සංවිධානය නිසා වෙන අනං මනං කතා කරන්නට ගොස් ඒක ගැන වචයකින් හරි විවේචනය සිදු වුණොත් තමන්ගේ හිරි ඔතප් බිඳිමට හේතුවනු ඇති බව කල්පනා කරන සිවිල් සංවිධාන වල වුන් ඇත්තෙන්ම නොම්මර එකේ තක්කඩියන්ය.මේ වන විට පෙනෙන්න්ට තිබෙන තවත් එක්තරා සත්‍යයකි මෙය.

 

සැබැඳි පුවත්:

ගුණරත්නම්ව අත්අඩංගුවට ගන්න තොරතුරු දුන්නේ අනුර ! - ගොඨා (හඬපටය)

Last modified on Sunday, 08 November 2015 17:02

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us