යහපාලනයේ JF-17 ජෙට් ගනුදෙනුව පිටුපසත් ජාවාරමක්

Published in පුවත්
Sunday, 29 November 2015 12:05

අවි ආයුධ වෙළඳාම යනු ලෝකයේ අංක එකේ ජාවාරමකි. මෙම ගනු දෙනුවේ ශුද්ධ වන්තයෝ නැත. ශුද්ධ වන්තයෝ බලාපොරොත්තු විය යුතුද නැත. එහෙත් රාජ්‍යයකට අවම වශයෙන් හෝ අවි අයුධ ගනු දෙනුවේදී විනිවිධ භාවය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීමට සිදුවේ. ඊට රාජ්‍යයේ පාලකයන් ශක්තිමත් විය යුතුය.


ඒ කොහොම නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ප්‍රහාරක ගුවන් යානා අලුතෙන් මිළදී ගැනීම සඳහා මේවන විට අවසන් අදියරේ පවතින සැලසුම පිටුපසත් කොමිස් ජවාරමක් ක්‍රියාත්ම වීමේ විශාල ඉඩ කඩක් නිර්මාණය වෙමින් පවතින බව අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.


පසුගිය යුධ සමයේදී මිග් යානා, කෆීර් යානා පෙරටු කරගත් යම් ප්‍රබල ගුවන් ප්‍රහාරක හැකියාවක් සහිතව ගුවන් හමුදාව වැජබුණද මේවන වීට එම යානා විශාල ප්‍රමණයක් අබලං වීම හා කල් ඉකුත් වීමේ ගැටලුවක් ඇතිව තිබේ. යුධ අවධානමක් නොමැති මේ කාලයේහි සදිස්සියේ ප්‍රහාරක ග්ය්වන් යානාඅ ඇනවුම් කිරීම සම්බන්ධයෙන් කෙනෙකුට ගැටළුවක් ඇතිවීමේ ඉඩ කඩක්ද තිබිය හැකිය. එහෙත් ගුවන් හමුදවට වහාම ප්‍රහාරක ගුවන් යනා අලුතෙන් මිළදී ගැනීමට තීන්දු කර ඇත. මේ සඳහා ගුවන් හමුදාව යෝදා ගනු ලැබූ නිල ක්‍රියාපාටිය කුමක් වූවත් මේම ගනුදෙනුව සඳහා අතරමැදියා ලෙස තොරාගෙන තිබුණේ 'කැටික්' ලෙස කෙටියෙන් හදුන්වනු ලැබූ චින China National Aero-Technology Import & Export Corporation (CATIC)සමාගමය. මෙම ජෙට් යානය නිර්මාණය කිරීමේ කාර්යය සඳහා මෙම සමාගමද ආයෝජනය කර තිබිණි. මෙම සමාගම ගුවන් යානා අමතර කොටස් නිශ්පාදනය සඳහා ප්‍රසිද්ධියක් උසුලන සමාගමකි.

මෙහි දෙශිය ඒජන්තවරයා වෙන්නේ ඇක්සස් සමූහ ව්‍යාපාරය හිමිකරු සුමල් පෙරේරාය. රාජපක්ෂ ආණඩුවට සම්බන්ධ ව්‍යාපාරික ලැයිස්තුවේ ඉහළ තැනක හිටි සුමල් පෙරේරා වත්මන් යහපාලන ආණ්ඩුවේ ව්‍යාපාරික ලැයිස්තුවේ ඉහළින් වැජඹෙන්නකි.

ඒ කෙසේ වූවත් කැටික් සමාගම හා මෙම ගුවන් යානා මිලදී ගැනීම සම්න්ධයෙන් සාකච්ඡා කෙරිනි. ගුවන් හමුදා නිළධරීන් පළමු වරට මෙම ගුවන් යානය දුටුවේ ප්‍රංශයේ පැවැති 51 ප්‍රහාරක ගුවන් යානා ප්‍රදර්ශනයකදී බවද පැවසේ.

කැටික් සමාගම මෙරට කූප්‍රකට ගෝල් ෆේස් ඉඩම් ගනුදෙනුවෙද පාර්ශ්වව කරුවෙකි. ගෝල් ෆෙස් පිහිටි යුධ හමුදා මුලස්ථාන ඉඩම සින්නක්කරේටම විකුණා දැමීමේදී එහි අක්කර 10ක් මිළදී ගත් සමාගමකි. අනෙක් සමාගම ෂැංග්‍රීලාය. කැටික් සමාගම තරු පහේ හෝටල් ව්‍යාපාරයට පළමු වරට පිවිසෙන්නේම කොළඹින් තුට්ටු දෙකට ලැබුණු මේ ඉඞ්මේ හෝටලයක් ඉදි කරමින්ය.


ඒ කේසේ වුවත් Pakistan Aeronautical Complex හා Chengdu Aircraft Industry Corporation (PACහාCAC) තාක්ෂණික ඒකා බද්ධතාවයකින් යුතුව පකිස්ථානය වෙනුවෙන් නිපැද වූ නවතම ප්‍රහාරක යානය වූ JF-17 Thunder fighter jet හෙවත් ෆියර්ස් ඩ්‍රැගන් (ප්‍රචණ්ඩ මකරා) සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානා 08 ක් ශ්‍රී ලංකාවට ලබ ගැනීම සඳහ සාකච්ඡා පැවැත්විනි.

මෙම වසරේ ජුනී මාසයේදී මේ සන්බන්ධයෙන් මුල්ම තොරතුරු චීනයේ වෙබ් අඩවියක්(Want China Times) විසින් හෙළි කල අතර පසුව පකිස්ථානයේ ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියද මේ අනාවරණය කරන ලදී. ඊට අනුව මෙම නොවැම්බර් මාසයේදී මෙම ගනු දෙනුවේ අවසන් තීන්දුව ගැනීම සඳහා ගුවන් හමුදාපති ගගන බුලත්සිංහල මහතා පකිස්ථානයේ සංචාරයක් සඳහා යනු ඇත. ජත්‍යාන්තර වෙබ් මධ්‍යන් හෙළි කර සිටින්නේ ගුවන් හමුදාපතිවරයා පසුගිය ජුනි මාසයේදීද මේ වෙනුවෙන් පකිස්ථානයට ගොස් ඇති බවය. 2017 වසර මුලදී මෙම ගුවන් යානා මෙරටට ලබා ගැනීම සැලසුම් කොට ඇති බව පකිස්ථනයේ ගුවන් හමුදාව උපුටා දක්වන මාධ්‍ය වාර්තා පලව තිබිණි. එහෙත් පසුගිය ජුනි මාසයේදී මේ සම්බන්ධයෙන් මෙරට ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකයා කීවේ මෙවැනි ගනු දෙනුවක් සිදු නොවන බවය.

එමෙන්ම මෙම නව ජෙට් යානයේ පළමු විදෙශ ගැනුම් කරුවා ද ශ්‍රී ලංකාව බව පැවසේ. එහෙත් බුරුමයද මේවන විට මෙම ජෙට් යානා ගනු දෙනුවකට අත්සන් කර තිබෙන බව විදේශ මාධ්‍ය වල සඳහන්ය. විදේශ මාධ්‍ය වල ශ්‍රී ලංකාව යානා 18 හෝ 24ක් ලබා ගනු ඇති බවට තොරතුරු පළවී තිබුණද ගුවන් හමුදාව බලාපොරොත්තු වන්නේ යාන 8ක් ලබා ගැනීමටය.


විදෙස් ගුවන්යානා විශේෂඥයින් පවසන අන්දමට JF‍-17 තන්ඩර් ලෙස පාකිස්ථානයත්, FC‍-1 සියාඕලොන්ග් (Xiaolong or Fierce Dragon) ලෙස චීනයත් හඳුන්වන මෙම සැහැල්ලු ජෙට් ප්‍රහාරක යානය, මිලෙන් අඩු, කාර්යක්ශමතාවයෙන් හා විශ්වාසදායිත්වයෙන් වැඩි, දිවා රාත්‍රී දෙකෙහිම මෙහෙයුම් වල යෙදිය හැකි, බහුකාර්ය ප්‍රහාරක යානයකි. ප්‍රහාරක ජෙට් පරම්පරාවේ සිව්වැන්නා ලෙස හැඳින්වෙන මෙම යානාව නිපදවීම සඳහා 1999දී චීනය හා පාකිස්ථානය ගිවිසුමකට එලබුණු අතර 2003 වසරේදී ප්‍රථම පරීක්ශණ පියාසැරිය සිදුව තිබේ. 2007දී පාකිස්ථාන ගුවන්හමුදාවට JF‍-17 යානය අනුයුක්තකල අතර දැනට යානා පනහකට වැඩි ප්‍රමාණයක් පාකිස්ථාන ගුවන්හමුදාවේ සක්‍රිය සේවයේ යොදා තිබෙ.

මෙහි මෙට්‍රික් ටොන් 3.5කට අධික බෝම්බ හා මිසයිල රැගෙනයා හැකිය.රුසියාවේ නිශ්පාදිත සුප්‍රකට මිග්-29 ප්‍රහාරක යානයේ එන්ජිම පාදක කොටගෙන JF-17 යානයේ එංජිම නිර්මාණය කොට ඇත

කොහොම නමුත් පකිස්ථානයට මෙම ගනුදෙනුවට දැඩි උනන්දුවක් දැක්වූයේය. ඊට හේතුව යූයේ 30 වසරක යුද්ධයක් ජය ගත්තා කියන යුධ සෙන්පතියන් යුධ විශේෂඥයන් විසින් පරික්කෂා කර බලා තමන්ගේ බලවත් ගුවන් හමුදවට, මෙම ගුවන් යානා එක්කර ගැනීම සිදුවුවහොත් ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සඳහා මහත් රුකුලක් වීමය.

එහෙත් මෙම ගනු දෙනුව සිදුවන්නේ චීන සමාගමක් හරහා වීම නිසා මෙම ගනු දෙනුවේ වාසිය ශ්‍රී ලංකාවට මුළුමනින්ම නොලැබී යා බව මෙම මේවන විට දැන ගැනිමට තිබේ.

චීන සමාගම ලබා දී ඇති මිළ ගන්න අනුව මෙම ගුවන් යානයක මිළ ඩොලර් මිලියන 45 කි. වගකීම 1 වසරකි. සේවා කාලයද 1 වසරකි. නොමිළේ අමතර කොටස් ලබා දීම හෝ කෙතරම් කාලයක් මුදලට හෝ අමතර කොටස් ලබා දීම සම්බන්ධයෙන් වගකීමක් නැත. මෙම ගුවන් යානයේ නිශ්පාද කාලය (වර්ශන්) එක පවතින්නේ තව වසර 7ක් තෙක් පමණි.

පකිස්තානු නිශ්පාදන සමාගම පවසන්නේ, මෙම යානය පියාසර පැය 4000ක් එනම් වසර 25ක පමණ ආයුකාලයක් ඇස්තමේන්තුකොට නිමවා ඇති බවය.

එහෙත් මේ අතර මෙම ගුවන් යානයේ අලෙවිය වෙනුවෙන් පෙනී සිටින පකිස්තාන සමාගම හරහා මෙම ගුවන් යානා ගනුදෙනුව සිදු වේ නම් එක් යානයක මිල ඩොලර් මිලියන 30 කට අඩු මුදලකට ලබා ගැනීමේ හැකියාව ඇති අතර වසර තුනක වගකීමේ සහතිකයක් හා සේවා කාලයක් ලැබේ. එමෙන්ම වසර 7ක් තෙක් නොමිලයේ අමතර කොටස් සැපයීමේ වගකිමද එම සමාගම බාර ගනී. ඊටත් වඩා ඔවුන් ඉදිරිපත් කරනු ලබන පැකේජය අනුව යාන 8ක් මිළදී ගැනීමේදී තවත් යානයක් නොමිලයෙම ලැබෙන්නේය. එමෙන්ම ගුවන් යාහා පැදවීමේ පුහුණුව පවා එරටින් නොමිළයේම ලැබෙයි.

2006 වසරේ සිට දියුණු කල මෙම ජෙට් යානයේ නිශ්පාදනයන්( වර්ෂන්) 2 ක් තිබේ . ඒ අනුව පලමු නිශ්පාදනය ඩෝලර් මිලියන 16 කුත් 2013 දී නිකුත් කළ දෙවන නිශ්පාදනය ඩොලර් මිලියන 35 කුත් වන බව එම සමාගමට අදාල වෙබ් අඩවි වල දැක්වේ. ලබන වසරේදී නව සංස්කරණයක්ද නිකුත් වීමට නියමිතය. ශ්‍රී ලංකාව මිලදී ගැනීමට සූදානම් වන්නේ මින් පළමු කාණ්ඩයේ ගුවන් යනාවන් බවද දැන ගැනීමට තිබේ.

මේ අනුව මේම ගනු දෙනුව මඟින් විශාල මුදලක් ශ්‍රි ලංකාවට අහිමි වීමට නියමිතය. මෙය නොදැන කරන ගනුදෙනුවක් නොවේ. පකිස්ථාන සමාගමෙන් මේ ගනුදෙනුව සිදු වීමෙහි වාසිය ගුවන් හමුදාවේ ඉහල නිළධාරීන් මෙම දේශපාලන අධිකාරියේ ප්‍රබලයන් පුර්ණ අවබෝධයක සිටී. ඒ අනුව මේම ගනුදෙනුව චීන සමාගම හා සිදු වේ නම් එහි තෙරුම මෙහි කොමිස් කුට්ටි කිහිපයක්ම තැන තැන වැටෙන බවය.

මෙම ප්‍රහාරක ගුවන් යානය මිළදී ගැනිම සම්බන්ධයෙන් කිසිදු වෙනත් ගැටලුවක් නොමැති අතර එය ඉතා හොඳ තේරීමක්ද වේ.

පසුගිය රජපක්ෂ රෙජීමය සමයේදී සිදු වූ කූප්‍රකට මිග් යානා ගනු දෙනුවද මෙයට සමාන ලෙස බරපතල කොමිස් ගනුදෙනුවක් සමඟ වූවක් නමුත් මිළදී ගනු ලැබුවේ නියම නිශ්පාදන නොව පාවිච්චි කරන ලද යානා හතරකි.

මේ අතර මෙම ගනු දෙනුව නිසා යම් රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක්ද නිර්මාණය වී තිබිණි. ඒ ඉන්දියාව මෙයට එරෙහි වීමය. මීට මාස කිහිපයකට පෙර මෙරටට පැමිණි ඉන්දීය අගමැතිවරයා විසින් මෙම පකිස්තානු යානය වෙනුවට ඉන්දියාව මැතකදී නිශ්පාදය Tejas Licght Combat Aircraft (LCA) සැහැල්ලු ප්‍රහාරක ජෙට් යානා ලබා ගන්නා ලෙසද යෝජනා කර තිබිණි.

සැහැල්ලු ප්‍රහාරක යානා වෙළඳ පොලේ මේවන විට පවතින තරගකාරී යානා දෙක වන්නේ මෙම JF- 17 හා LCA යානා දෙකය. ඒ කෙසේ නමුත් මෙම ගුවන් යානා ගනු දෙනුව හරහා සිදු වීමට නියමිතව ඇතැයි සැක කෙරෙන විශාල කොමිස් ගනු දෙනුව වලක්වා ගැනීම යහපාලනය උදෙසා පෙනී සිටින රාජ්‍ය පාලකයන්ගේ වගකීමකි.


සත්හඬ පුවත්පත ඇසුරෙණි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us