ඇවන්ගාඩ්ගෙන් සල්ලි ගත්ත වෙබ්කාරයන් පත්තරකාරයන් දේශපාලුවන්ගේ නම් හෙළි කරනවා - අනුරගෙන් යළිත් සහතිකයක්

Published in පුවත්
Tuesday, 08 December 2015 09:25

ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් පිළිබඳ තොරතුරු ළඟදීම හෙළිදරව් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.

එම සමාගම පිළිබඳව පැවැති කල් තැබීමේ විවාදයෙන් පසුදින පළවූ පුවත්පත් අතුරින් දෙකක් හැර අනෙකුත් සියලු පුවත්පත් ඇවන්ගාඩ් සමාගම නීත්‍යනුකූල සමාගමක් ලෙස ඒත්තු ගැන්වෙන අයුරින් පුවත්පත් වාර්තා පළ කිරීමෙන් එම සමාගමෙන් මුදල් ලබා ගත්තේ කවුරුන්දැයි හෙළිදරව් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.


ඔහු මෙසේ පැවැසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (07දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් පැවැසුවේ ඇතැම් මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි ඇවන්ගාඩ් සමාගම වර්ණනා කරමින් ලිපි පළකරන බවත්, ඇවන්ගාඩ් හරහා රටේ මාධ්‍යකරණය සහ දේශපාලනය තීරණය කරන්නේ නම් එම සංස්කෘතියට ජනතා විමුක්ති පෙරමුණ දැඩි විරෝධයක් පළ කරන බවයි.


ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් පිළිබඳව රටේ ජනතාව අනිවාර්යයෙන්ම දැනුවත් කළයුතු වන්නේ වරප්‍රසාද ලබා ගැනීම උදෙසා තම පෑන හසුරුවන මාධ්‍යවේදීන් කවුරුන් දැයි ජනතාව දැනුවත් විය යුතු නිසා බවද දිසානායක මහතා පැවැසීය.

ඇවන්ගාඩ් ගනුදෙනුවේ බරපතළ වංචා සිදුව ඇති බවට ප්‍රකාශ කළ දිසානායක මහතා වැඩිදුරටත් පැවැසුවේ ඇවන්ගාඩ් ආයතනය නාවික හමුදාවට පවරා ගැනීමෙන් පසුව නාවික හමුදාව ලබන ආදායම පිළිබඳව මේවන විට විවිධ ප්‍රචාරයන් පැතිර ඇති බවය.

මේ කෙසේ නමුත් මීට කලකට පෙර ඇවන්ගාඩ් හිමිකරුගෙන් සල්ලි ගත් දේශපාලකයන් හෙළිදරව් කරන බව පවසා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා, විජයදාස රාජපක්ෂ , තිලක් මාරපන , වජිර අබේවර්ධන යන දේශපාලකයන් ඇවන්ගාඩ් සමාගමේ හිමිකරුවා හා සම්බන්ධතා පවත්වන බව ඔහු කිවේය, නමුත් සල්ලි ගත් බවක් නිශ්චිතව කීවේ නැත.

ඊට පසුව තමන්ගෙන් සල්ලි ගත් දේශපාලකයන් කවුද යන්න ඇවන්ගාඩ් හිමිකරු විසින්ම හෙළි කරන ලද්දේ ඊට ඇති සාක්ෂිද සමගය.

අනුර කුමාර දිසානායක මහතා විවිධ චෝදනා සම්බන්ධයෙන් කටකතා පතුරනවා මිසක මේ කිසිදු චෝදනාවක් සම්බන්ධයෙන් නිශ්චිත සාක්ෂි ඉදිරිපත් කර නොමැත. සියලුම චෝදනා අනුමානයන්ය. ඊයේ දිනයේදි ද නැවත වරක් ඔහු විසින් මතු කරනු ලබන දේ ගැන බොරු මාධ්‍ය සංදර්ශන නොපවත්වා ඔහු නිශ්චිතව නම් ගම් සාක්ෂි සහිතව පවසන්නේ නම් මේ සමාජයට ඔහුව විශ්වාස කළ හැකිය. නැතන්ම් මේවන විටත් සමාජය හමුවේ ජෝකරයකු වී සිටින දිසානායක මහතා තව දුරටත් ජෝකරයකු ලෙස තහවුරු වීම හැර වෙන කිසිවක් වන්නේ නැත.


අනුරගේ ජවිපය ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදින් හා වේදිනියන් සමඟ පවත්වන අනියම් සම්බන්ධතා ගැන අපටද ඕනෑතරම් තොරතුරු තිබේ. ඔප්පු කළ හැකි සාක්ෂිද තිබේ. එහෙත් ගැටළුව ඇත්තේ එම සම්බන්ධතා තුල නොවේ. සමාජය හා පවත්වන සම්බන්ධතාවය ගැනය. සියලු දේශපාලකයන් හා මාධ්‍ය සම්බන්ධයෙන් ඒ එසේම වෙයි.

අනුරම කියන ලෙස '..ඇවන්ගාඩ් හරහා රටේ මාධ්‍යකරණය සහ දේශපාලනය තීරණය කරන්නේ නම් එම සංස්කෘතියට ජනතා විමුක්ති පෙරමුණ දැඩි විරෝධයක් පළ කරන බව..' වන ප්‍රකාශය අපටද අනුර හා ජවිපෙ සම්බන්ධයෙන් එලෙසම කිව හැකිය. ඒ අනුව ජවිපෙට රටේ දේශපාලනය හෝ මාධ්‍යකරණය තීරණය කිරීමට ඉඩ නොදී සිටීමට ජනතාවට ද අයිතියක් තිබේ.

එමෙන්ම අනුර ඊයේ දිනයේදී කළ ප්‍රකාශය හරහා තමන් කියනා ලෙස ඇවන්ගාඩ් ව්‍යාපාරය නීතිවිරෝධී යැයි සමාජයත් එලෙසම බාර ගත යුතුය යන බලකිරීම අනුර වෙතින් සිදුව තිබේ. මෙය ඔවුන්ගේ පැසිට්වාදී දේශපාලන වුවමනාව හෙළිදරවවීමක් වන අතර ඔවුන් හට බලය ලැබීය යනු මෙරට කවර ගනයේ පාලනයක් බිහිවනු ඇත්දැයි අනුමාන කිරීමද ජනතාවට කළ හැකිය.

2020 දී අගමැති වීමට බලා සිටින දිසානායක මහතා හා ජවිපෙ එක් එක් ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් කටයුතු නොකොට මීට වඩා වගකීම් සහගත ලෙස ප්‍රජාතන්ත්‍රාවාදය කෙරෙහි විශ්වාසය තබා දේශපාලනයෙහි නිරතවන්නේ නම් එය රටට යහපතක් විය හැකිය.

 

 

Last modified on Tuesday, 08 December 2015 09:29

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us