ෆොන්සේකා අල්ලස් කොමිසමට යයි, පිස්සු නැත්නම් ෂෝක්

Published in පුවත්
Tuesday, 08 December 2015 15:09

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් දැමීමට ගොස් ඇති බව මාධ්‍ය වාර්තා පළ වී තිබේ. ඒ ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති තමන්ට මිළ මුදල් යාන වාහන ලබා දී ඇති බව කළ ප්‍රකාශය නිසාය. එය තමනට අල්ලස් දීමට ගත් තැතක් බව ෆොන්සේකා මහතා පසුගියදා මාධ්‍යවලට ප්‍රකාශ කර තිණි.

එහෙත් ප්‍රශ්නය වන්නේ ෆොන්සේකා මහතාට අල්ලස් දීමට ඇවන්ගාඩ් හිමිකරුට තිබු වුවමනාව කුමක්ද යන්නය. ෆොන්සෙකා මහතා යනු විශ්‍රාමික හමුදා නිළධාරියෙකි. ඔහුට රජයේ ආයතන සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් ද නැත. ෆීල්ඩ් මාර්ශල් තනතුර යනු නම්බුනාමයක් මිස හමුදාවේ තනතුරක් නොවේ. ඔහුට ආරක්ෂක අංශ වල කටයුතුවලට මැදිහත් වීමේ අයිතියක්ද නැත. එමෙන්ම ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තබා ආණ්ඩුවේ දේශපාලකයකුගේ පියන් කෙනෙකුවත් නොවේ.
ඔහු විශේෂ පුද්ගලයකු වූවද ඔහුට විශේෂිත රාජකාරියක් රජයෙන් පනවා නැත. මේ අදාල කාලය තුල හෝ මේවන විට රාජ්‍යය හා සම්බන්ධයෙන් ඔහු විශේෂිත අවස්ථාවක් සමඟ සම්බන්ධ පුද්ගලයකු ද නොවේ.

එහෙම කෙනෙකුට අල්ලස් ලබාදීම ගැටලු සහගතය. ඔහු ලවා ඇවන්ගාඩ් හිමිකරුට කුමක් කරවාගන්න තිබුණාද යන්න ෆොන්සේකා මහතා හෝ ප්‍රකාශකර නැත. අල්ලසක් දෙන්නේ නියම පිළිවෙලට නොගොස් වෙනත් ආකාරයකින් යමක් ඉ‍ටුකර ගැනීමටය.

මෙරට අල්ලස් සම්බන්ධ නිතිය අල්ලස් පනතේ තිබේ. අල්ලස් පනතේ විධිවිධානයන් උල්ලංඝනය කරමින් යම් නීති විරෝධී තුටු ප‍ඩුරක් පිරිනැමීම, අයදීම, භාර ගැනීම හෝ එබදු යම් විධිවිධානයක් උල්ලංඝනය කරමින් කරනු ලබන වෙන යම් ක්‍රියාවක් වේ.

මෙම අල්ලස් පනත අදාල වන්නේ,

අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ට
කථානායක හා නියෝජ්‍ය කථානායකට
කාරක සභා නියෝජ්‍ය සභාපතිට
නියෝජ්‍ය අමාත්‍යවරුන්ට
පළාත් ආණ්ඩුකාරවරයෙකුට
පළාත් අමාත්‍ය මණ්ඩලයට, පළාත් මන්ත්‍රීවරුන්ට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට
අධිකරණ නිලධාරීන්ට
සියලුම රජයේ සේවකයින්ට
පළාත් රාජ්‍ය සේවයේ සාමාජිකයෙකුට
ජූරි සභිකයෙකුට
බලයලත් මිනින්දෝරුවකුට
විශේෂ වූ අවස්ථාවලදී ඕනෑම පුද්ගලයෙකුට

අධිකරණයක් විසින් හෝ රජයේ නිසි බලධරයෙකු විසින් යම් කටයුත්තක් හෝ කාරණයක් තීරනය කිරීම හෝ වාර්තා කිරීම පිණිස යොමුකර ඇති ‍බේරුම්කරුවකුට හෝ වෙනත් තැනැත්තකුට

පළාත් සභා සහ පළාත් පාලන ආයතනයක හෝ උපලේඛනගත ආයතනයක හෝ කොටස් වලින් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් ආණ්ඩුව විසින් දරනු ලබන 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද සමාගමක සභාපතිවරුන් අධ්‍යක්ෂවරුන්ට, අධිපතිවරුන්ට, සාමාජිකයෙකුට, නිලධරයෙකුට හෝ සේවා නියුක්තියකුට ය.

ෆොන්සේකා මහතා මේ කිසිදු තනතුරක් හා බැ‍ඳෙන්නේ නැත. ඔහු විශ්‍රාමික හමුදා නිළධරයකු හා අසාර්ථක දේශපාලන පක්ෂ නායකයෙකි. ඔහුට අල්ලස් දිමට උත්සහ කළාය යනුවෙන් අල්ලස් කොමිසම හමුවට ඔහු යන්නේ මේ අල්ලස් නීතිය හෝ නොදැන බව පැහැදිලිය. නැත්නම් ඒ දැන දැන මාධ්‍ය සංදර්ශනයක් කිරීමේ තක්කඩි උවමනාව වෙනුවෙනි.

එමෙන්ම යම් ලෙසකින් 'විශේෂිත අවස්ථාවලදී ඕනෑම් පුද්ගලයකු.'වගන්තිය යටතේ අල්ලස් පනත ඔහු කෙරෙහි බලපවත්වන්නේ යැයි තීරණය කළහොත් අල්ලස් ගැනීමේ වරදට ඔහු ද හසුවේ.

මෙම අල්ල්ස ගත්තාය කියන්නේ ඔහු සමඟ සිටි හමුදා නිළධාරියකු විසින්ය. නමුත් ෆොන්සේකා මහතා ඒ නොදැන එම මුදල්, කාර්යාලය, යාන වාහන මාස ගනනාවක් පාවිච්චි කළාය කියන කරුණ නීතිය පිළිගන්නේ නැත. එම නිසා තමාගේ අනුදැනුම යටතේ තවත් පාර්ශ්වයක් මඟින් මෙම අල්ලස ගෙන තිබෙන නිසා ෆොන්සේකා මහතා අල්ලස් ගැනීමේ වරදට හසුවේ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us