චම්පිකගේ ගෝලයා අයිටීඑන් සේවකයන්ගේ බෝනස් එකටත් කෙලී

Published in පුවත්
Tuesday, 22 December 2015 17:22

ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක මහතාට බාර දි තිබු 'ලක්හඬ' ගුවන් විදුලිය පාඩු පිට පාඩු ලබා බංකොලොත් වීම නිසා ස්වාධීන රූපවාහිනියේ සේවකයන්ට මේ වර්ෂ අවසානයේ දී ලැබීමට නියමිතව තිබු ප්‍රසාද දීමනාව(බෝනස්) කප්පාදු කර ඇත.

පසුගිය වසරේදි ප්‍රසාද දීමනා ලෙස ලබා දු රුපියල් 75,000 ක පමණ දීමනාව මේවර 40,000 දක්වා කප්පාදු කර තිබේ.

ධනුෂක රාමනායක මහතාට ලක්හඬ ගුවන් විදුලිය බාර දෙන විට එය LMRD ratings හී 9 වන ස්ථානයේ පසුවූ අතර මාසිකව රුපියල් ලක්ෂ 70 ක් පමණ ආදායකම් ලබා ගනිමින් තිබිණි. එහෙත් මේවන විට ලක්හඬ ගුවන් විදුලිය 14 වන ස්ථානය දක්වා පසු බැස ඇති අතර මාසික ආදායම ලක්ෂ 40 දක්වා පහත වැටී ඇත. සාමාන්‍යයෙන් මෙම ගුවන් විදුලි සේවාව පවත්වගෙන යම සඳහා මාසිකව රුපියල් ලක්ෂ 100 ක පමණ මුදලක් වැය වේ. මේ නිසා ලක්හඬ සමස්ථ පාඩුව ස්වාධීන රුපවාහිනියේ ආදායමෙන් පියවා ගැනිමට සිදුව තිබේ.

ධනුෂ්ක රාමනායක මහතා වසර ගනනාවක් ඇමැති පාඨලී චම්පික රනවක මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත් වීමක් ලබා ගැනීමට ද දැඩි උත්සාහයක්ද ගනු ලැබීය. එහෙත් එය වැලැක්වීමට කිලී මහරාජා සමත් විය. පසුව චම්පික රණවක ඇමැතිවරයාගේ ඉල්ලීම පරිදී ජනාධිපතිවරයා විසින් ජාතික රුපවාහිනියට හො ස්වාධීන රූපවාහිනියට පත්වීමක් සකසා දෙන බව පොරොන්දු විය. ඒ අවස්ථාවේදී ඔහු සිය හිතවතුට පවසා සිටියේ එම ආයතනයක සභාපති ධුරයක් තමාට ලැබෙන බවය.
පසුව ක්‍රියාකාරී අධ්‍යක්ෂක තනතුරකින් සෑහිමකට පත්වීමට ඔහුට සිදුවිය.

එහෙත් ස්වාධීන රූපවාහිනිසේ සභාපතිධුරයට පත් වූ ධම්මික ගංගනාත් දිනාසානායක මහතා රූපවාහිනී විෂය ගැන ධනුෂ්කගේ ඇති නොදැනුම නිසා ඔහුට ලක්හඬ බලා ගන්නා ලෙස පවරනු ලැබීය. (ධනුෂ්ක මීට පෙර අවස්ථාවක ගුවන් විදුලි නිවේදකයකු ලෙස කට යුතු කර තිබිණි)

ඒ කෙසේ නමුත් රාමනායක මහතා යටතේ ලක්හඬ පාඩු දැරීම, තමන්ගේ ප්‍රසාද දීමනාවෙන් පියවා ගැනීමට ස්වාධීන රුප්පවාහිනී පාලනධිකාරිය තීරණය කිරීම ගැන එම සේවකයන් දැන්ටමත් සිය විරෝධය පළ කර ඇති බවද දැන් ගන්නට තිබේ.

එමෙන්ම කෙතරම් පාඩු ලැබුවත් රාමනායක මහතා ජාතික හෙළ උරුමයේ ව්‍යාපෘතියක් ලෙස ලක්හඩ හරහා ප්‍රචාරය කිරීමට සැලසුම් කර ඇති 'දහම් චාරිකා‘ නැමැති වැඩ සටහනක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 100 ක මුදල් වෙන් කිරීම ගැනද එම සෙවකයෝ විරෝධය ප්‍රකාශ කරයි.

අප වෙත ලැබි තිබෙන තොරතුරු අනුව එම වැඩ සටහන මෙහෙයවීම බාර දී තිබෙන්නේද රාමනායක මහතාගේ බිරිඳගේ යෙහෙලියකටය.ඇයව ලක්හඬ ආයතනයේ අලෙවි අංශයේ තනතුරක් සඳහා බඳවාගෙන ඇත්තේද රාමනායක මහතා විසින්ම වන අතර ඇයට රුපියල් 90,000 ක මාසික වැ‍ටුපක්ද ගෙවනු ලබයි.

 

Last modified on Tuesday, 22 December 2015 17:27

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us