යාපනය කො‍ටුව සංරක්ෂණයෙන් රුපියල් මිලියන 120ක් ගසාකාලා. Featured

Published in පුවත්
Saturday, 04 June 2016 17:46

යාපනයේ ඓතිහාසික ලන්දේසි බලකො‍ටුව සංරක්ෂණය සඳහා රුපියල් මිලියන 104 මුදල ඇස්තමේන්තු ගත කර එම වැඩ කටයුතු 2010 වසරේ දී ආරම්බ කරනු ලැබූ අතර මේ වන විට මිලියන 224ක වියදම් දරා ඇත. වෙන් කළ මුදලටත් වඩා දෙගුණයක තරම් විශාල වියදම් දරා ඇති නමුත් එම කටයුතුවලින් සියයට 65ක්වත් වැඩ අවසන් කර නොමැත.

මෙම ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්ත රජය රුපියල් මිලියන 62.1 ක් සහ ශ්‍රි ලංකා රජය රුපියල් මිලියන 42.4 ක් ලෙස දායකත්වය ලබා දෙන බව නෙදර්ලන්තය සමඟ වන එම ව්‍යාපෘති ගිවිසුමේ සඳහන්ය. එමන්ම මේ සංරක්ෂණ කටයුතු 2012 වසරේ දෙසැම්බර් මාසයේ දී අවසන් වීමටද නියමිතව තිබිණි. එහෙත් මේ වන විටාත් එම කටයුතු අවසන්ව නොමැත.

මෙම වයාපෘතිය සදහා වන ගිවිසුම අත්සන් කරනු ලැබුවේ ඒවකට මුදල් අමාතයංශ ලේකම්ව සිටි පී බී ජයසුන්දර මහතා හා නේදර්ලන්ත තානාපතිවරයා විසිනි. මෙම ව්‍යාපෘති යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට අනුමැතිය ලාබා ගන්නා ලද්දේ ඒවකට සංස්කෘතික කටයුතු හා ජාතික උරුමය ඇමැතිව සිටි මහින්ද යාපා අබේවර්ධනය.

මෙම ව්‍යාපෘතියේ උපදේශකවරයා මෙන්ම අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කෙළේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාය. මෙහි සියලු වගකීම් ඔහු විසින් දරා ඇත. ව්‍යාපෘති ඇස්තමේන්තු සැකසීම මෙන්ම ප්‍රගතිය පිළිබඳ වාර්ථා සැකසීමද ඔහු වෙතින් සිදුව තිබුණ අතර මෙම ව්‍යාපෘතිය දූෂිත බවට දිගින් දිගටම චෝදනා එල්ල විය. පසුගියදා මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී මේ ඇස්තමේන්තු වාර්තාවල අධි මිළ ගනන් සඳහන් කර ඇති බවත් ප්‍රගති වාර්තා ලෙස ලබා දි තිබු වාර්ථා සියල්ලම සාවද්‍ය බවත් හෙළිව තිබේ. එමෙන්ම ව්‍යාපෘති ඉදිකිරීම සඳහා යැයි කියමින් මිලදී ගෙන තිබු අමුද්‍රව්‍ය ප්‍රමාණය මේවන විට ඉදිකිරීම අවසන් කර ඇති කොටස් හා සසඳා බැලීමේදී භාවිත කර නොමැති බවද හෙලිව තිබේ. උදාහරණයක් ලෙස සිමෙන්ති කොට්ට 20,328 ක් මිළදි ගැනීම සඳහා මුදල් වැය කළ බව සඳහන් වූවද වැඩ බිමට ගෙනවිත් ඇත්තේ සිමෙන්ති කොට්ට 7,700 ක් පමණි.

මෙලෙස ව්‍යාපෘතියේ සැම කොටසකින්ම මුදල් වංචා කිරීමක් සිදුව තිබේ. මෙම ව්‍යාපෘතිය කොටස් 18 කින් සමන්විතව ආරම්බ කළ අතර එහි කොටස් 6 ක වැඩ ආරම්බ කිරීමක් හෝ නොකර තිබූ නමුත් ඒ වෙනුවෙන්ද මිලියන 10 ක මුදලක් ලබා ගැනීම සිදුව ඇති බව හෙළිවිය.

මෙම ව්‍යාපෘතියේ සැලසුම සකස් කිරීමේ වගකීමද මණ්ඩාවල මහතා වෙත පැවැරී තිබු නමුත් කිසිදු මූලික වැඩ සැලසුමක් හෝ සකසා නොතිබිණි. ඔහුගෙ හිතු මනාපෙට ඉදිකිරීම් කටයුතු සිදුව තිබේ.එමෙන්ම මෙම කාලය තුලදී රජයේ ව්‍යාපෘති ගනනාවක සේවය කරමින් වැ‍ටුප් , දීමනා හා වරප්‍රසාද අයතා ලෙස ලබා ගත් බවටද මණ්ඩාවෙල මහතාට චෝද්නා ඉදිරිපත්ව තිබේ.

කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය මඟින් මිලියන 120 ක ගසා කෑවේ කවුරුන් විසින්ද යන්න ගැන මේවන විට රජයේ ඉහල මට්ටමේ පරීක්ෂණයක් සිදුවෙමින් තිබේ.

යාපනය කො‍ටුවලන්දේසීන් විසින් 1690 දී ගොඩ නංවන ලද අතර එය ලාංකාවේ දෙවන විශාලතම බල කො‍ටුවය. 1795 දී මෙය ඉංග්‍රීසීන් විසින් අල්ලා ගන්න ලදී. උතුරේ යුධ සමයේදී මෙහි ඇතැම් කොටස් විනාශ විය.

Last modified on Saturday, 04 June 2016 17:54

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us