වන්ෂොට් වෙන්න ගිය රංජන්ට, මහින්දානන්ද නොකවුට් වෙන්න ගහලා! Featured

Published in පුවත්
Tuesday, 21 June 2016 16:10

මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධාකාර දූෂණ අක්‍රමිකතාවලට යොදාගත් බව කියන ඩිෆෙන්ඩර් වාහනයක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ගාල්කර තබා ඇති අයුරු සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක හා පා.ම ආනන්ද අලුත්ගමගේ විසින් අද මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමග ගොස් මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කළේය. එහෙත් ඒ පට්ට පල් බොරුවක් බව ඊට සුලු මොහොතකට පසුව හෙළිව තිබේ.

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු ලොබියේදී මහින්දානන්ද අලුත්ගමගේ හා රංජන් රාමනායක අත‍ර වූ බහින් බස් වීමකදි රංජන් විසින් තමන් අතින් වරදක් වු බව පිලිගෙන සමාව ඉල්ලා තිබේ. ඒ අතරේදී එජාප මන්ත්‍රීවරු කණ්ඩායමක් මහින්දානන්දගේ කෑ කෝ ගැසීම ඇසී එතැන්ට දිව එත්ම රංජන රාමනායක ' වන් ෂොට්' බවට වෙස් මාරු කරගෙන ඔලුවට පපුවට දෙතින් ගසා ගනිමින් අපිත් කාරාටි කාරයෝ අපිටත් කලුපටි තියෙනවා යැයි කියමින් මහින්දා නන්දට පා පහරක් එල්ල කර ඇත. එම අවස්ථාවේදි මහින්දානන්ද රංජන්ගේ කණ හරහා පහරක් එල්ල කර තිබෙ. ඉන් අඩ පණ වු රංජන්ට පසුව දැඩි ප්‍රහාරයකට ලක් වීමට සිදුව තිබූ අතර අනෙක් එජාප මන්ත්‍රීවරු මැදිහත් වී රංජන්ව බේරාගෙන තිබේ.


අද මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක කියා සිටියේ මෙම වාහනය පසුගිය රජය සමයේ ක්‍රීඩා අමාත්‍යංශය සතු වාහනයක් බවත්, එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා බවත්ය. එහෙත් මෙම රථය අයත්ව ඇත්තේ වත්මන් හබීබි මොහොමඩ් මොහොමඩ් හරීස් ක්‍රීඩා නියෝජ්‍ය ඇමැතිවරයාට බවත් දැන ගැනිමට තිබේ. හිටපු ඇමැති මහින්දා නන්දට කේන්ති ගොස් තිබුණේ තමාව පටලවා ලෝක බොරුවක් රංජන් විසින් මාධ්‍ය ඉදිරියට පැමින ප්‍රකශ කිරීම සම්බන්ධයෙනි. සාමානයයෙන් රංජන් රාමනායක මෙයට පෙරද මෙවැනී පට්ට පල් බොරු මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.

මෙම මාධ්‍ය හමුව අවස්ථාවේදි ඔහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් ජී.ඊ 2034 අංක තහඩුව සහිත එම වාහනය ලියාපදිංචි කර ඇතිදැයි විමසූවිට අදාළ නිලධාරියා එවැනි අංකයක් සහිත වාහනයක් ලියාපදිංචි කර නැති බව කියා සිටියේය.

සාමාන්‍ය පුද්ගලයෙකු ලියාපදිංචි නොකළ වාහනයකින් ගමන් කළහොත් ඔහුට අත්වන ඉරණම ගැන එහිදී අදහස් පළකළ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙම වාහනය මනුෂ්‍ය ඝාතන, පහරදීම් ඇතුළු දූෂණ වංචා රැසකට සම්බන්ධ බවත්, ඊට අදාළව නාවලපිටිය හා කුරුඳුවත්ත පොලිසිවල පැමිණිලි ඇති බවත්, මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

ඔහු පැවසුවේ ‍ඉහත කී චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ඇති බවත්, මෙම අංකය සහිත වාහනය ද උසාවිය විසින් පොලිසියට සොයන ලෙස දැනුම්දි ඇති බවත්ය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ද දූෂණ වංචා චෝදනා රැසක් එල්ල වී තිබියදී එවැනි පුද්ගලයෙකු කෝප් කමිටුවට පත්කර ‍ඇතැයිද හිටපු අමාත්‍යවරයාගේ ඥාති සහෝදරයෙකු ද වන ආනන්ද අලුත්ගමගේ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

කෙසේ වුවද දැන් එම වාහනය මෙතැන ඇති බවත්, වගකිව යුතු නිලධාරීන් මේ ගැන සොයාබැලිය යුතු බවත්, නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා අවධාරණය කළේය.

ඔහු කියා සිටියේ ඇමතිවරු කෝටි දෙකේ, තුනේ වාහන මිලදී ගැනීමට කතා කරන අවස්ථාවක මෙවැනි වාහන එකතැන දිරාපත් වීමට නොදී ප්‍රයෝජනයට ගත යුතු බවයි.

මෙම වාහනය පසුගිය මැයි 13 වැනිදා සර්විස් කර ඇති බවත්, අවසන් වරට එය මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයට පැමිණ ඇත්තේ 2016.05.14 වැනිදා බවත්, එය කිලෝමීටර් තුන්ලක්ෂ ගණනක් ධාවනය කර ඇති බවත්, මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පොලිස් මුරපොළ නිලධාරීන් වෙත මාධ්‍යවේදින් කැටුව යමින් නියෝජ්‍ය ඇමතිවරයා තහවුරු කරගත්තේය.

Last modified on Tuesday, 21 June 2016 16:26

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us