විනිසුරුවන් 23ක් තිලිණට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට ගිවිසගෙන.

Published in පුවත්
Wednesday, 22 June 2016 18:43

නිතීවිරෝධිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා තිබුණද විනිසුරු තිලිණ ගමගේට අධිකරණයෙන් ලැබෙන අනියම් සහයොගයට හේතුව වී ඇත්තේ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරුවරුන් 23 දෙනෙක් විනිසුරු තිලිණට සහය ලබාදීමට මේවනවිට එක්ව කටයුතු කිරීම නිසා බව හෙලිව තිබේ.

මෙම 23 න් දෙනා මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරයාවද දැනුම්වත් කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පට්ට හොරෙක්, කුඩු ජාවාරම් කරයෙකු හා කිසිදා කවර වරදකටවත් නීතිය හමුවේ ප්‍රශ්න කිරීමකට හෝ ලක් නොවන යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු හරහා ජනාධිපතිවරයාටත් මේ සම්බන්ධයෙන් ලිපියක් බාරදීම ද මේ තක්කඩියන් 23 දෙනා සිදුකර ඇති බව දැන ගැනීමට තිබේ. ඒ අතර අධිකරණ සේවා කොමිසමේ ලේකම් වරයාටද එහි පිටපතක් බාර දී ඇතැයි පැවසේ.

ඊයේ දිනයේ ද තිළිණ ගමගේට අධිකරණය විසින් සලකනු ලැබුවේද ඒ අනුව විය හැකිය. මේ සම්බන්ධයෙන් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය පළ කල වාර්තාව අප උපුටාපල කරන්නේ එම වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් අපගේද එකඟතාවයක් පවතින බැවිනි.


' කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක විනිසුරුවරයා අලිහොරා විනි-සොරා තිලිණ ගමගේට නීති විරෝධී ලෙස ඇප ලබා දෙමින් ශ්‍රී ලංකාවේ අධිකරණය සැමට සාධාරණව යුක්තිය ඉෂ්ඨ නොකරන ආයතනයක් බව යලිත් වතාවක් ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ.

ජුනි දෙවන දා ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න විනි-සොරා විසින් තිළින ගමගේ සතුව සිටි අලි පැටවා පොදු දේපොලක් නොවන බව තීන්දුකරමින් නීති විරෝධීව තිලිණ ගමගේට ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණයට 13 දා ඉදිරිපත් කරන ලද සංශෝධිත ඉල්ලුම් පත්‍රය අනුව ඊයේ (21) තිළින ගමගේට මහාධිකරණයේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු මනිලාල් නියෝග කර තිබිණ.

ඒ අනුව තිලිණ ගමගේ ඊයේ මහාධිකරණයේ පෙනී සිටියේය.

මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ගංගොඩවිල මහසේත්‍රාත් දුන් නියෝගයේ අලි පැටවා රජයේ දේපොලක් නොවේය යන්න වෙනස් කරමින් අලි පැටවා රජයේ දේපොලක් බව තීන්දු කළේය.

එසේ තීන්දු කළද ඔහු තිලිණ ගමගේට ඇප ලබා දුන්නේය. ඇප කොන්දේසි වෙනස් කළ මහාධිකරණ විනිසුරු රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරිර ඇප තුනක් මත ඔහු මුදා හැරිණි. තිළිණ ගමගේගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කැරුණු අතර සෑම සතියකම ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙසටද නියෝග කැරිණි.

අලි පැටියකු ළඟ තබා ගැනීම ඇප දිය නොහැකි වරදක් නමුත් මෙහිදී මනිලාල් වෛද්‍යතිලක තිළින ගමගේට ඇප ලබා දුන්නේ විශේෂ කාරණයක් සලකමිනි. නීතිපති දෙපාර්තමේන්තු නීතිඥයාගේ විරෝධය නොතකෑ වෛද්‍යතිලක ප්‍රකාශ කර සිටියේ තිලිණ ගමගේ හිටපු විනිසුරුවරයෙකු නිසාත් රහස් පොලිසියට හා උසාවියට සහාය වී ඇති නිසාත් ඇප ලබා දෙන බවයි.

මනිලාල් වෛද්‍යතිලක මහාධිකරණ විනිසුරුවරයා නීති විරෝධී වන්නේ මෙතැන දී ය.

තිලිණ ගමගේ රහස් පොලිසියට සහ උසාවියට සහාය වූයේ නැත. රහස් පොලිසිය විසින් තුන් වතාවක්ම ඔහුට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි කීවද ඔහු විවිධ හේතු ඉදිරිපත් කර එය මග හැරිය අතර සිව් වන අවස්ථාවේදී නිවසින් අතුරුදහන් වී සැඟවිණ. තම ගජයාගේ අධිකරණය ඉදිරියේ පෙනී සිටි තිලිණ ගමගේ රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේ ගජයාගෙන් නීති විරෝධී ලෙස ඇප ලබා ගැනීමෙන් පසුවය. ඒ අනුව මනිලාල් වෛද්‍යතිලක ප්‍රකාශ කළ පරිදි තිලිණ ගමගේ රහස් පොලිසියට සහාය වූ අයෙකු නොවේ.

සමාවක් දිය නොහැකි තරමට මනිලාල් වෛද්‍යතිලක නීති විරෝධී වන්නේ දෙවන කාරණයේදීය. එනම් චුදිත තිලිණ ගමගේ ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර නොතිබියදී ඇප ලබා දීමයි. අද විභාගයට ගත් ඇප සංශෝධිත අයැදුම්පත ඉදිරිපත් කර තිබුනේ නීතිපතිවරයා විසිනි. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයැදුම්පතකට චුදිතයාට ඇප ලබා දිය හැකි නීතියක් ලෝකයේ නැත. මන්ද යත් නීතිපතිවරයා සංශෝධනය ඉල්ලා සිටින්නේම පහල අධිකරණයෙන් ඇප ලබා දීම වැරදි බව කියමින් නිසාය. එසේ නම් තිලිණ ගමගේද ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබිය යුතුය. එවැන්නක් නොමැතිව මනිලාල් ඇප දුන්නේ ‘මනි ලොල්‘ වීම නිසාදැයි නීති ගරුක පුරවැසියාට ගැටලුවකි.

චුදිතයෙක් වූ තිලිණ ගමගේ ඊයේ දිනයේද අධිකරණයට ඇතුළු වූයේ විනිසුරුවරයා ඇතුළු වන දොරටුවෙන් වීම ද නීච පහත් සිදුවීමකි.

මනිලාල්ගේ තීන්දුවෙන් වූයේ එකම සෙතකි. ඒ නම් අලි පැටව් පොදු දේපොල නොවේ යයි නීතියෙන් ලිස්සා යෑමට අලිහොරුන්ට තිබූ අවස්ථාව අහෝසි වීමයි.

කෙසේ වෙතත් මනිලොල් වෛද්‍යතිලකගේ ඉහත නින්දා සහගත තීන්දුවෙන් පැහැදිලි වන්නේ එකම වරදකට එනම් පොදු දේපොල අපහරණය කිරීමේ වරදට මේ රටේ නීතිය එක් එක් පුද්ගලයාට එක් එක් ආකාරයෙන් සලකන බවයි. යුක්තියේ සාධාරණත්වය එක එක විනි-සොරාට අවශ්‍ය ගානට කපා ගන්නා එකක් බවයි.

පොදු දේපොල අපහරණය කිරීමේ එකම වරදට,
* අලිහොරා විනිසොරා තිලිණ ගමගේ අත් අඩංගුවට නොගෙනම ඇප ලබා දුන්නේය.
* අලිහොරා චීවරධාරියා උඩුවේ ධම්මාලෝක අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර මළ ගෙදරක යෑම විශේෂ සිද්ධියක් සේ සලකා එක දවසින් ඇප දුන්නේය
* මොහොමඩ් මුසම්මිල් ඇප නැතිව සති ගණනකට රිමාන්ඩ් කෙළේය
* අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති උපදෙස් දී ඇති රාජ්‍ය නිලධාරින් සිව් දෙනා අත් අඩංගුවට ගන්නේවත් නැතිව නිදහසේ සිටින්නේය.

ඔබට මට මොවුන් කුමක් කරයිද?

රාජපක්ෂ රෙජීමය විසින් වනචර දශකයක් තිස්සේ දූෂණය කළ අධිකරණයක් අගවිනිසුරු වෙනස් කළ පමණින් යථා තත්ත්වයට පත්වන්නේ නැත.

සමහර මිනිසුන් දඩාවතේ යන බල්ලන් එලවන්නේ වෘෂන කෝෂ වලට පැට්‍රල් ගසා ය.

Last modified on Wednesday, 22 June 2016 18:46

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us