කොමිස් ජාවාරමට ඉඩ නොදුන්නැයි ලිට්‍රෝ ගෑස් සභාපති දොට්ට !

Published in පුවත්
Wednesday, 22 June 2016 08:16

ඉදිරි වසර සඳහා එල්පී ගෑස් සැපයුම්කරුවකු ‍තෝරා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා ලිට්‍රෝ සමාගමට වඩාත්ම වාසිදායක ටෙන්ඩරයට ඒ ලබා දීමට කටයුතු කළ ලිට්‍රො සමාගමේ සභාපතිවරයා ඇතුලු එම අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කිරීමට යහපාලන බලධාරීන් තීන්දු කර තිබේ. මෙයට හේතුව වී තිබුණේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව සමාගමට ගැස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ඉහළ බලධාරීන්ගේ හිතවත් සමාගමකට ලබා දීමේ උත්සායය.

එම දූෂිත ක්‍රියා මාර්ගය වෙනුවට විනිවිධ භාවයෙන් යුතුව රජයේ මූල්‍ය රෙගුලාසි වලට අනුකූළව මෙම ටෙන්ඩරය කැඳවීම නිසා දූෂිත බලධාරීන්ට ලබා ගත හැකිව තිබූ බිලියන ගනනක කොමිස් මුදල් අහිමි වීමේ වෛරය මත වත්මන් ලිට්‍රෝ ගැස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් පලිගැනීමක් ලෙස ඔවුන්ව ඉවත් කිරීමේ තීන්දුව ගෙන තිබේ.

එජාපයේ කබීර් හෂීම් මහතා ඇමැතිධුරය දරන ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය සමාගමක් ලෙස ලිට්‍රො සමාගම පිහි‍ටුවා ඇත. ලිට්‍රෝ සමාගට වෙනම අධයක්ෂක මණ්ඩලයක් යටතේ ස්වාධීනව එම සමාගමේ කටයුතු කරගෙන යෑමේ හැකියාව තිබිණි. එහෙත් ලිට්‍රො සමාගමේ කොටස් හිමිකාරිත්වයෙන් වැඩි ම පංගුවක් ඇත්තේ ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට වන අතර එහි සභාපතිවරයා වන්නේ හේමක අමරසූරියය. මේ නිසා සමාගමේ තීන්දු තීරණ වලට ඔහු දැඩිව බලපෑම් එල්ල කරමින් තිබෙන අතර අදාල ටෙන්ඩරය ආහෝසි කරන ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපති ශලිල මුණසිංහ මහතාට දීගින් දිගටම බලපෑම් සිදු කර ඇත.

මේ වෙනුවෙන් ව්‍යාජ ලිපි ලේඛන රැසක් යොදා ගනිමින් සමාගම් නීති රීති උල්ලංඝනයකරමින් හේමක අමරසූරිය මහතා තක්කඩි ලෙස කටයුතු කර තිබේ. මෙම ටෙන්ඩරය කැඳවනු ලැබුවේ පසුගිය අප්‍රේල් 28 වන දිනය. ටෙන්ඩර විවෘත කිරීමට නියමිතව් තිබුනේ මැයි 27 වන දිනය.

ඒ අතර මැයි 12 වන දින හේමක අමරසුරිය ලිට්‍රෝ සභාපතිවරයාට ලිපියක් එවමින් මෙම ටෙන්ඩරය අහෝසි කළ යුතු බව දන්වා තිබිණි. එම ලිපියේ දිනය ලෙස ඉන් මාසයකට පෙර එනම් අප්‍රේල් 12 ලෙස යොදා තිබිණි. මේ දැනුවත්ව කළ තක්කඩි කමකි. එහෙත් පාරිභොගිකයන්ට ගෑස් සැපයීම නොකඩවා කළ යුතු වීම හා අදාල ටෙන්ඩර ක්‍රියාවලියේ කිසිදු වරදක් නොවුණ බැවින් ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ නියොජිතයන් ද ඉදිරියේ නියමිත පරිදි මෙම ටෙන්ඩරය විවෘත කිරීමට සමාගම් අධයක්ෂක මන්ඩලට පියවර ගත්තේය.
ඒ අනුව අවම මිල ගනන් සහ අනෙකුත් කොන්දේසි සපුරා තිබීම මත එම ටෙන්ඩාරය ' ෂෙල් ඊස්ටන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් ' සමාගමට පිරිනැමිණි. 2015 වසරේ මෙම ටෙන්ඩරය වෙනත් සමාගමකට ලබා දී තිබුණේ මෙට්‍රික් ටොන් 1 ක් ඩොලර් 105 ක අධි මිලකට වුවත් මෙවර එය ඩෝලර් 58 ක අඩුම මිළ ගනන ඉදිරිපත් කල සමාගමට හිමි විය. මෙමඟින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.7 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවිය.

එහෙත් රක්ෂණ සමාගමේ අධයක්ෂක මණ්ඩලයේ තීරණයක් ලෙස හේමක අමරසූරියගෙන් බලපෑම් එල්ල වුයේ මේ වාසිදායක ටෙන්ඩරය අහෝසි කරන ලෙසය . එයද ටෙන්ඩර් පටිපාටියෙන් තොරව 'වෙනත් ක්‍රියාමර්ගයක්' මඟින් සිදු කල යුතු බව ඔහු ලිඛිතවම ලිට්‍රෝ සභාපතිවරයාටා දන්වා තිබිණි. ඒ පසුගිය ජුනි 16 වන දින බාර දුන් ලිපියක් මඟිනි. එහෙත් ඊතා කූට ලෙස එම ලිපියේ දිනය ලෙස සඳහන් කර තිබුණේ අප්‍රේල් 15 වන දිනය. කෙසේ නමුත් එම ලිපියේද අදාල ටෙන්ඩරය අවලංගු කල යුතු බවට කිසිදු හේතුවක් සඳහන් කර තිබුණේද නැත. ඒ අතර ඇතැම් අමාත්‍යංශ නිලධාරීන් හරහා ඊට වඩා ඉහළ මිල ගනනක් ඉදිරිපත් කළ වෙනත් සමාගමකට මේ කොන්ත්‍රාත්තුව ලබා දිය යුතු බවට නිල නොවන ලෙස අනියම් බලපෑමක්ද ඒවන විට සිදුවෙමින් පැවැති බවත් දැන ගැනීමට තිබේ .

එහෙත් හේමක අමරසූරියලා ජාරාව මත්තේම නැහෙන වසල කුලයේ ව්‍යාපාරිකයන් වන නිසාම ඔවුන්ට අප්‍රේල් 15 වන දිනය රක්ෂණ සංස්ථාවේ නිවාඩු දිනයක් බව අමතක වී තිබිණි. එදින වෙනත් අගුපිළක හෝ එම අධ්‍යක්ෂක මණ්ඩලයක් ‍රැස්වී නැත. එමෙන්ම මුල් ලිපිය දිනය ආප්‍රේල් 12 ය. ඒ අනුව මේ නිවාඩු දින තුනක කාලයේදී රක්ෂණ සංස්ථාවේ අධයක්ෂක මණ්ඩලය මේ තීන්දු තීරණ ගෙන තිබේ. මේ පුදුම ආශ්චර්යයකි. එමෙන්ම ටෙන්ඩරය අහොසි කරන ලෙස මේ ලිපිවලින් දැනුම් දුන්නද ඒවන විටත් (අප්‍රේල් 15) අදාල ටෙන්ඩරය කැඳවන බවට ලිට්‍රො සමාගම පුවත්පත් දැන්වීමක් හෝ පල කර තිබුණේ නැත. ඒ අනුව මේ රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට අනාගතය දැකීමේ ඥානයද තිබී ඇත.

ඉතා පැහැදිලි ලෙසම මේ ලිපි ලේඛන සියල්ල බලධාරීන්ගේ කොමිස් ජාවාරම වෙනුවෙන් සැකසූ ව්‍යාජ එවා වේ.

අනෙක් ගැටලුව නම් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරන බවට ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථා අධ්‍යක්ෂක මණ්ඩලය ‍රැස්වී තීන්දුව ගෙන ඇතැයි සඳහන් වන්නේ පසුගිය ජුනි 01 වන දිනය. එම ලේඛනය සඳහා සභාපති හෙමක අමරසූරිය හා තවත් සාමාජිකයක් දෙදෙනකු අත්සන් තබා ඇතැයි දැන ගන්නට තිබේ. නමුත් මෙම දිනයෙදී හෙමක අමරසූරිය මහතා මෙරට සිටියේ නැත. ඔහු විදෙශ සංචාරයක නියැලී සිටි බවත් තොරතුරු හෙළිව ඇත. ඒ අනුව මෙම අධ්‍යක්ෂ මණ්ඩල ‍රැස්වීම හා එම තීන්දුවද පිළිගත හැකි නොවේ. ඒද සම්පූර්ණයෙන් කුමන්ත්‍රණකාරී සැකසුවක් බව පැහැදිලිය. අද කබීර් හෂීම් මහතා අත ඇති මේ ලිපිය හා එහි අඩංගු කරුණු කොමිස් ජාවාරම වෙනුවෙන් ව්‍යාජව සකස් කළ එකකි. එමෙන්ම මෙහි නව සභාපතිවරයා ලෙස නම් කර තිබෙන්නේ නිරෝෂන් විජේසුන්දර නම් මූල්‍ය අක්‍රමිකතා ‍රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ව්‍යපාරිකයෙකි. හේමක අමරසූරියලාගේ ගේම් වල හැටියට ඔහුට ගැලපෙන සභාපතිවරයා නිරෝෂන් විජේසුන්දර විය හැකිය.

යහපාලනය ගැන ලවක් දෙලවක් නොමැතිව පසුගිය කාලයේ කෑ මොර දුන් කබීර් හෂීම් මහ්තාද දැන් ඉන්නේ මේ යහපාලන පිලේද හොර තක්කඩියන් සමඟද යන්න මේ ඉදිරි දින දෙක තුනදී රටම දැන ගන්නවාද ඇත.

වත්මන් සභාපතිවරයා වන ශලිල මුණසිංහ මහතා එම ධුරයට පත්වන විට එම ධුරය සඳහා රුපියල් ලක්ෂ 19 ක වැ‍ටුපක් සමඟ සියලු දීමනා සමඟ ලක්ෂ 25 ක තරමින් මාසිකව හිටපු සභාපතිවරයා ලබාගෙන තිබිණි. එහෙත් මුණසිංහ මහතා එය ලක්ෂ 2 දක්වා කපාහැර ආයතනයේ දූෂණ වංචා නාස්තිය වලක්වා යහපාලනය යනු කුමක්ද යන්න ගැන ආදර්ශක් බවට ලිට්‍රෝ ගෑස් සමාගමේ පාලනය පත් කිරීමට උත්සහගත් බවත් අවසන් වශයෙන් සටන් කළ යුතුය.

Last modified on Wednesday, 22 June 2016 08:26

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us