යුධහමුදාපති බිරින්දෑ බජව් දාන්න, සෙබළුන්ගේ වැ‍ටුප හූරගෙන කයි Featured

Published in පුවත්
Saturday, 02 July 2016 11:09

වත්මන් යුධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වාගේ බිරිඳ වන සේවා වනිතා ඒකකයේ සභාපති නයනා ද සිල්වා මහත්මිය ගේ අත්තනොමතික ක්‍රියා කලාපය හේතුවෙන් යුධ හමුදාවේ සියලුම රෙජිමේන්තුවම නිළධාරීන් හා සෙබලුන්ගේ පඩිපතට තට්‍ටු වන ලකුණු පහල වී ඇත.

සේවා වනිතා ඒකක විසින් හෙට එනම් ජුලී 03 වන දින නෙලුම් පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිත " රණවිරු මියැසි හරසර" නමින් වන සංගීත සංදර්ශනයක සඳහා වන ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම හමුදා බල ඇණි වලට බාර දී තිබේ. අනිවාර්ය නියමයක් ලෙස නිශ්චිත ප්‍රවේශ පත් ප්‍රමාණයක් අලෙවි කළයුතු බවද එමෙන්ම සමරු කලාපය සඳහා වෙළඳ දැන්වීම් එකතුකර දිමද නියම කර තිබේ.

ඒ අනුව හමුදාවේ සෑම රෙජිමේන්තුවකින්ම රුපියල් 50,000 ක වෙළඳ දැන්වීම ලබා දිය යුතුය. එමෙන්ම සෑම බලෑණියක් විසින්ම රුපියල් ලක්ෂ 3 ක ප්‍රවේශපත්‍ර විකුණා දිය යුතුය. මේ මුදල් සොයා දීම අනිවාර්ය කර තිබෙන අතර ඒ සඳහා අපොහොසත් වන අණදෙන නිළධාරීන්ගෙ නම් සේවා වනිතා ඒකකය වෙත දන්වන ලෙසද සේනා විධායකයන් වෙත දැනුම් දී ද තිබේ. මේ අනුව හමුදාපති බිරින්දෑ ඉල්ලා සිටින මුදල් තමන්ගේ වැ‍ටුපෙන් හෝ ගෙවීමට අද වන විට හමුදා සෙබලුන්ට සිදුව තිබේ.


මෙම අනිවාර්ය නියෝගය හමුදපති බිරින්දෑ විසින් සිදුකරනු ලබන්නේ මෙවැනි කටයුතු සඳහා හමුදා සෙබලුන්ව යොදා ගැනිම මීට කලකට පෙර හමුදා මුලස්ථානය මඟින් තහනම් කර තිබියදීය. සෙබලුන්ට මාස දෙකකට වතාවක්වත් හමුදාවේ විවිධ අංශ වලින් පැවත්වෙන මෙවැනි අරමුදල් සොයා ගැනීමේ වැඩ සටහන්වලට නිරන්තරයෙන් ව්‍යාපාරිකයන් හමුවීමට හා තම හිතවතුන්ට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට සිදුවීමෙන් වන අපහසුතාවය හා හමුදාවට වන අපහාසය මෙන්ම ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීමෙන් වැ‍ටුපෙන් ඒ ගෙවීමට සිදුව තිබීම හෙතුවෙන් මේ තහනම් කළේය. මෙය තහනම් ක්‍රියාවක් බැවින් ප්‍රවෙශ පත්‍ර අළෙවි කිරීම සම්බන්ධයෙන් සෙබලුන් ගනනාවක්ම හමුදා පොලීසිය මගින් ප්‍රශ්න කිරීමද සිදුව තිබිණි.

හමුදාවේ රෙජිමේන්තු 25ක් හා බලඇණි 180 ක් පමණ තිබේ. ඒ අනුව මිලියන 18 ක පමණ මුදලක් මෙම ප්‍රසංගය වෙනුවෙන් එකතුකර දීමට හමුදා සෙබලුන්ට සිදුව තිබේ. මේ දමෙම ප්‍රවේශ පත් තොගය හමුදා රෙජිමෙන්තු වෙත ලබා දී තිබුණේ මීට සති දෙකකට පෙරය.

එමෙන්ම මෙම ප්‍රසංගයේ සම්බන්ධීකාරකයකු යැයි කියන හමුදාවේ නොවන පුද්ගලයකු සඳහා රුපියල් ලක්ෂ 5ක් ගෙවීමක්ද හමුදාවේ නොවන නිවේදකයාට ලක්ෂ දෙකහාමාරක ගෙවීමක්ද ලබා දි ඇතැයි පැවසේ.  නමුත් හමුදාව තුල මෙම කටයුතු සිදුකිරීමට සුදුසුකම් සැපිරූවන් ඕණෑවටත් වඩා සිටින බව රහසක් නොවේ. එමෙන්ම ගායක ගායිකාවන් සඳහා එක් අයකුට රුපියල් ලක්ෂ දෙකහාමරක් බැගින් ගෙවා ඇතැයිද දැන ගැනීමට තිබේ.

කෙසේ නමුත් මේ යුධ හමුදා පති බිරින්දෑගේ තනි තීරණයක් මත මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත. මේ බිරින්දෑගේ අත්ත්නොමතික කටයුතු ගැන හමුදාවේ සියලු සාමාජිකයන්ගේ පිලිකුල මේවන විට ජනාධිපතිවරයාට අගමැතිවරයාට ආරක්ෂක ලෙකම් වරයාට හා ඇගේ සැමියා වන හමුදාපති වරයා වෙත ද හමුදා සෙබලුන් විසින් ලිඛිතවම මේවන විට යොමු කර තිබේ.

army1army2

Last modified on Saturday, 02 July 2016 11:25

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us