මහින්දවාදීන් පිරිසක් අගමැති සමඟ. අලුත් පක්ෂය හබක් Featured

Published in පුවත්
Monday, 05 September 2016 17:39

මහින්දවාදින් ලෙස පෙනි සිටින කණ්ඩයමේ ශ්‍රිලනිපය නියොජනය කරන පිරිසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යොජනාවලිය සඳහා මේ වන විට පවතින 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව වන සමගාමී ලැයිස්තුව ඉවත් කිරීමට අගමැතිවරයා නායකත්වය දරන එම මෙහෙයුම් කමි‍ටුවට යෝජනා කිරීම සම්බන්ධයෙන් මහින්දවාදී තවත් කණ්ඩායමක් සිය විරෝධය පල කර නිවේදනයක් නිකුත් කොට ඇත.

ජාතික ඒකාබද්ධ කමි‍ටුව නමින් හඳුන්වා ගන්නා එම පිරිස විමල් වීරවංශ උදය ගම්මන්පිල ප්‍රමුඛව සිංහල ජාතිවාදී නඩය නියොජනය කරන කණ්ඩායම සමග වන පිරිසකි ' යුතුකම සංවාද කවය' නමින් මහින්දවාදී පිරිසට උපදෙස් සපයන විද්වත් කමිටුවක් නියෝජනය කළ පිරිස් මෙම ජාතික එකාබද්ධ කමි‍ටුවේ ද ප්‍රබලයන්ව සිටී.

ඔවුන් විසින් අද (05) නිකුත් කළ නිවේදනය මේ සමඟ පහත පලවේ. කෙසේ නමුත් මේ වන විට මහින්දවාදි පිරිස තීරණාත්මක ලෙස වෙන්වී සිටින බව දැන ගැනිමට ඇත. පසුගියදා පැවැති ශ්‍රි ලනිප සංවත්සරයේදී ජනාධිපතිවරයා විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සදහාත් මීලඟ ආණ්ඩුව ශ්‍රීලනිපය වෙත දිනා ගැනිම සදහාත් කළ විවෘත ආරාධනය මත මහින්දවාදී පිරිස් ගනනාවක් ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුව සමග එක් වීමටද නියමිතය. ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කරනු ලැබුවේද එම ඊනියා මහින්දවාදින්ගේ ඉල්ලීම පිට බවත් දැන ගැනීමට තිබේ. තමන් රජපක්ෂවරු පසුපස ගියේ ඔවුන්ට ශ්‍රිලනිපය තුල ඉහල බලයක් ඇති බවත් වෙනම තරග කළත් ඔවුන්ට ජයග්‍රහණය කළ හැකි බවට ඇති විශ්වාසයක් ගොඩනැගි තිබු නිසා බවත් ඔවුන් ජනාධිපතිවරයා හමුවේ ආ‍ඳොනා නඟා ඇති අතර තමන්ගේ දේශපාලන ජීවිතය වැට උඩ තබා තවදුරටටත් මේ බොරු සෙල්ලමෙන් කිසිවකුටත් යහපතක් නොවීම මත ආණ්ඩුවට එක් වීමට තීරණය කළ බවත් ඔවුන් පවසා ඇත. ඊට පහසුකම් සැලසිමක් වශයෙන් ජනධිපතිවරයා විවෘත ආරාධනාව කරනු ලැබ තිබේ. කෙසේ නමුත් පසුගියදා පැවැති ශ්‍රි ලනිප සංවත්සරය බලාපොරොත්තු වූවාට වඩා සාර්ථක වීම මහින්දවාදීන් බිය ගැන්වීමට හේතු වී ඇති අතර වෙන්ම පක්ෂයක ගොඩ නඟා මෛයිත්‍රීපාල සිරිසේන ට අභියොග කිරීමට ගත් තීරණය ද මේවන විට යළි අකුලා ගැනීමටද තීන්දු කෙරී ඇති බත් දැන ගැනිමට තිබේ.


...................................................................


2016 සැප්තැම්බර් 05

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමගාමි ලැයිස්තුව ඉවත් කිරීම සඳහා
ඒකාබද්ධ විපක්ෂය විසින් කර ඇති යෝජනාව පිළිබඳ
ජාතික ඒකාබද්ධ කමිටුවේ නිවේදනය

ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී.ලං.නි.ප. නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම විසින් අගමැතිවරයා නායකත්වය දරණ මෙහෙයුම් කමිටුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා කරන යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනා අතර 13වන සංශෝධනයේ පවතින 'සමගාමි ලැයිස්තුව' ඉවත් කිරීම සඳහා ද යෝජනා කර ඇත. එම යෝජනා ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ සුළු ජනවර්ගයන්ගේ අපේක්ෂා සපුරාලීම සඳහා ''යෝග්‍ය‍‍‍'' පියවරක් බව ප්‍රකාශ කරමිනි. (එම යෝජනාවලියේ 5වන පරිච්ඡේදය බලන්න).

හිටපු ජනාධිපති එවකට ශ්‍රී.ලං.නි.ප. නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වසර 2000 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. එම කෙටුම්පතේ ද සමගාමි ලැයිස්තුව ඉවත් කර තිබුණු අතර පාලන බලතල මධ්‍යම ආණ්ඩුව ක්‍රියාත්මක කරන සංවෘත ලැයිස්තුව හා පළාත් සභා ක්‍රියාත්මක කරන පළාත් සභා ලැයිස්තුව යන ලැයිස්තු දෙකකට පමණක් සීමා විය. කෙසේ වෙතත් 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත් වු පසු ඔහුගේ පුර්වගාමියාගේ ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් වැළකි සිටින ලදී.

1987 දී 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූදා පටන්, බෙදුම්වාදි බලවේගයන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ව්‍යවස්ථා සංශෝධනයෙන් සමගාමි ලැයිස්තුව ඉවත් කිරීමටය. දැන් පෙනී යන්නේ, ඒකාබද්ධ විපක්ෂය ද මෙම බෙදුම්වාදීන්ගේ ඉල්ලීමට එකඟ වී ඇති බවයි. ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී.ලං.නි.ප. කණ්ඩායමේ නායකයන්ගේ මෙම හදිසි ප්‍රතිපත්ති වෙනස්වීම පිළිබඳව මේ රටේ ජනතාව ඉදිරියේ හේතු දැක්වීමක් කර නැති බව අප කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. එසේම ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී.ලං.නි.ප. කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලැබු එකී යෝජනාව පිළිබඳව තම ස්ථාවරය ඒකාබද්ධ විපක්ෂයට අනුබද්ධ පක්ෂ විසින් කිසිදු පැහැදිලි කිරීමක් කර නැත.

සමගාමි ලැයිස්තුව මගින් ජනතාවගේ එදිනෙදා ජිවිතයට සෘජුව බලපාන්නා වූ වැදගත් විෂයන් රැසක් පිළිබඳ කටයුතු කිරීමට මධ්‍යම රජයටත් පළාත් ආණ්ඩුවටත් යන දෙකටම අවස්ථාව ලැබේ. සමගාමි ලැයිස්තුවේ වැදගත්කම විශේෂයෙන්ම අද අපට වඩාත් දැනෙන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් ආණ්ඩුවල පරිපාලකයන්ගේ ක්‍රියාකලාපය නිසාය. උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත් වන සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මධ්‍යම රජයට කටයුතු කළ හැකි වන්නේ මෙම සමගාමි ලැයිස්තුව නිසාය. අපගේ අසල්වැසි රටවල් වන ඉන්දියාව සහ පකිස්ථානය පවා ඔවුනොවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළට සමගාමි ලැයිස්තු ඇතුළත් කර ඇත. එසේම 1996 දී දකුණු අප්‍රිකානු ජනරජයේ ව්‍යවස්ථාවේ ද සමගාමි බලතල ඇතුළත් කර ඇත.

1997 දී චන්ද්‍රිකා මහත්මියගේ රජයෙන් කෙටුම්පත් කළ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති නීතීඥ, දේශමාන්‍ය එච්.එල් ද සිල්වා මහතා විසින් 1998 ජුලි මාසයේ දී රචිත ''Concurrent Powers Revisited''(සමගාමි බලතල පිළිබද සමාලෝචනයක්) නම් ලිපියේ සමගාමි ලැයිස්තුවේ අවශ්‍යතාවය පිළිබඳඔහු ව්‍යක්තව දැක්වූ අදහස් උපුටා දැක්විම සුදුසුය.

ඔහු පවසා සිටියේ ''සමගාමි ලැයිස්තුව ඉවත්කර පාලන බලතල ලැයිස්තු දෙකකට සීමා කිරීම මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු දෙකටම සමගාමිව ක්‍රියාත්මක කළ හැකි බලතල පිළිබඳ නිසි ලෙස තේරුම් ගැනීමට අපොහොසත් වීමකි. බලය බෙදිමේ සාර්ථකත්වය රඳා පවතින්නේ පළාත්වලට ලබා දෙන බලතලවල වපසරිය හා ප්‍රමාණය වැඩි කිරීමෙන්බව උපකල්පනය කිරීම, පළාත් රාජ්‍යවල සහයෝගය ඇතිව සමස්ත රාජ්‍යයේ සුභසාධනය සැපයීමට මධ්‍යම රජයට අති පරම වගකීම හඳුනා ගැනීමට අපොහොසත් වීමකි''.

එබැවින් ඒකාබද්ධ විපක්ෂය අප රටේ ජනතාවගේ සහයෝගය අපේක්ෂා කිරීමට පෙර රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ තම ප්‍රතිපත්තිය සහ මතය පැහැදිලිව ප්‍රකාශ කිරීම අත්‍යාවශ්‍යය. ජාතික ඒකාබද්ධ කමිටුවේ සමාජිකයන් වන අපි, 13වන ව්‍යවස්ථා සංශෝධනය හෝ ඒ හා සමාන ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබෙන තාක්කල් මෙම සමගාමි ලැයිස්තුව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා තරයේ ප්‍රතික්ෂේප කරමු. අපගේ ස්ථාවරය වන්නේ පරිපාලනමය වියවුලක් නිර්මාණය කර ඇති 13වන සංශෝධනය සම්පුර්ණයෙන්ම ඉවත් කළ යුතු බවයි. කෙසේ වෙතත් දැනට 13වන සංශෝධනය වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන බැවින් සමගාමි ලැයිස්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම උතුරු සහ නැගෙනහිර ජිවත් වන සුළු ජන කොටස් දැඩි ලෙස අවධානමකට ලක් කිරීමක් බැවින් එය ඉවත් කිරීම ඉතා අනුවණ ක්‍රියාවක් බව අපගේ අදහසයි.

මෙයට,
ජාතික ඒකාබද්ධ කමිටුව වෙනුවෙන්,


විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර
කර්නල් අනිල් අමරසේකර
ගරු සම සභාපතිවරු

දිමුත් ගුණවර්ධන
ගරු ලේකම්

ආචාර්ය රංජනි රත්නපාල
ගරු භාණ්ඩාගාරික

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
කමිටු සාමාජික

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us