ජවිපෙ ගලේ පහරා ගත්තේය. ආණ්ඩුව ටොයිලට් පෙපර් හොයයි.

Published in පුවත්
Tuesday, 25 October 2016 13:29

ක්‍රමය වෙනස් කිරීම ජවිපෙ හිතන තරම් සරලද? ආණ්ඩුවත් හිතන්නේ එහෙමද? මේ ප්‍රශ්නය අපි නගන්නේ අර්ජුන් ඇලෝසියස්ට නඩු දැමීමට කෝප් කමිටුව ගෙන ඇති තීරණය සම්බන්ධව දක්වන ප්‍රතිචාරයක් වශයෙන්ය.

ඇත්තටම බැඳුම්කර නිකුත් කරන්නේ රජයට සිය එදාවේල ගතකර ගැනීම වෙනුවෙන් මුදල් හිඟකම නිසාය. කොච්චර ලොකු තියරි දමා පැහැදිලි කළත් මහ බැංකුවක් විසින් බැඳුම්කර නිකුත් කිරීමකට අදාළ සරල කාරණය එයයි. ඒ අනුව බැඳුම්කර ප්‍රාථමික ගැනුම්කරුවන් විසින් මිලදී ගන්නා අතර ඔවුන් එය සිදුකරන්නේ රජය කෙරෙහී ඇති අසීමිත සෙනෙහස හෝ එදාවේල සරිකර ගන්න රජයට මුදල් නොමැති වූවොත් ඒ රටේ ජනතාවට අත්වන ඉරණම ගැන උපන් මහා කරුණාවකින් නොවේය.

ඔවුන් ඒවායේ ආයෝජනය කරන්නේ සිය ව්‍යාපාරික අපේක්ෂාව අනුව ලාභ ඉපයීම අපේක්ෂා කරගෙනය. ඊට අනුව නම් මහ බැංකුව නිකුත් කරන බැඳුම්කර මිලදී ගැනීම හරහා ලාභ ලැබීමේ අවස්ථාව ඔවුන්ට පැහැදිළිව තිබිය යුතුය. අනෙක් අතට ප්‍රාථමික ගැනුම්කරුවන් එහිදී සිදුකරන ආයෝජනය රුපියල් 100 හෝ 1000 නොව. බිලියන ගණනින්ය. ඒ අනුව ඔවුන්ගේ ලාභ අපේක්ෂාවද කෝටි හෝ බිලියන ගණනින් වීම සරල තර්කයක්ය. ද්වීතික වෙළඳපොළ කියා එකක් පැවැත්ම ලබා ඇත්තේද ඊට යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කරන්නට අවස්ථාව උදාවී ඇත්තේද ඒ තුළය. එහිදී මෙම ආයෝජකයින් පැහැදිළි ලාභයක් ලබන බවද අවිවාදිතය. ඇත්තටම මේ වන විට නිෂ්පාදන කර්මාන්ත කෙරෙහී ආයෝජන අවස්ථා වෙනුවට මුල්‍ය සමපේක්ෂණ ආශ්‍රිතව ආයෝජනයන් සඳහා ආයෝජකයින් පෙළඹීමේ රහස ඇත්තේද එතැනය.

ඉතින් එහිදී ඔවුන් ලබන ලාභය දැක කවුරුත් මුසුප්පු වීමෙන් ඵලක් නැත. මන්ද ඒ මේ ක්‍රමයේ හැටි නිසාය. මේ නොමැතිව ක්‍රමය පවත්වාගෙන යාමටද නොහැකිය. ඒ අර්ථයෙන් ක්‍රමය තුළ විසීමට හිත හදාගෙන සිටින උදවිය කළ යුතුව ඇත්තේ මෙන්න මේ ඇත්ත හමුවේ හිත හදාගෙන සිටින්නට පුරුදු වීමය. නැතිනම් සිදුවන්නේ ජවිපෙ බැඳුම්කර සිදුවීමට අදාළව වැටුණු වලේ අනෙක් උදවියටද වැටෙන්නටය.

තවදුරටත් මේ කාරණය පැහැදිලි කරගන්නවා නම් ඒ මෙසේය.

රජයට සිය ආර්ථිකය හසුරවාගෙන මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා ණය ගැනීමට සිදුවේ. ඒ සඳහා මුදල් සපයාදීම භාරව සිටින්නේ මහ බැංකුවය. එවිට මහ බැංකුව වැඩි ඵලදාවක් සහ අඩු අවධානමක් ඇතිවන ලෙස ණය ගැනීමට කටයුතු කරයි. ඒ වෙනුවෙන් සිය දෙපාර්තමේන්තු මෙහෙයවන මහ බැංකුව කෙසේ හෝ රජයට මුදල් සපයා දීමට කටයුතු යෙදිය යුතුය. භාණ්ඩාගාර බිල්පත්,භාණ්ඩාගාර බැඳුම්කර යනු එසේ මහ බැංකුව මැදිහත්වී රජයට අවශ්‍ය මුදල් උපයාගන්නා මාර්ග වලින් දෙකක් ය.

ඒ මුලික පැහැදිලි කර ගැනීමෙන් පසුව දැන් අපට අර්ජුන් ඇලෝසියස් සම්බන්ධව පමණක් නොව අර්ජුන් මහේන්ද්‍රන්ද දඬු කඳේ ගැසීමට සුදානම් වන පසුබිමත් ඊට ඇති අවස්ථාත් විග්‍රහ කර ගන්නට පුළුවන.

මෙහිදී කෝප් කමිටුවක් අදාළ බැඳුම්කර නිකුතුන්ට අදාළව පත් කරන්නට කටයුතු යෙදුන පසුබිම පළමුව සිහිපත් කරගත යුතුව ඇත. විශේෂයෙන් මෙහිදී මුලිකත්වය ගෙන ක්‍රියා කළේ ඊනියා දුෂණ විරෝධීන් සහ ජවිපෙ, ඒකාබද්ධ විපක්ෂය වැනි පාර්ශවයන්ය. ඇතැම් මාධ්‍යද පොල්ල අතට ගෙන පාරට බැස්සේ අදාළ බැඳුම්කර ගනුදෙනු දෙක හරහා රජයට බිලියන ගණනක පාඩුවක් සිදුවූ බව පවසමින්ය. ඔවුන් සියලු දෙනා එක හඬින් ප්‍රකාශ කර සිටියේ මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය බෑනාට වාසි වන අයුරින් බැඳුම්කර නිකුතුවේදී කටයුතු කර ඇති බවත් ඔහුව වහා ධුරයෙන් ඉවත් කළ යුතු බවත්ය.

මෙහිදී අර්ජුන් මහේන්ද්‍රන් ඉලක්ක කර මුලික උද්ඝෝෂණ දියත් වූ අතර ආණ්ඩුව එහිදී අදාළ චෝදනා විභාග කිරීමට කෝප් කමිටුවට භාර දුන්නා පමණක් නොව අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරන්නටද කටයුතු යේදීය. කෙසේ වුවත් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ විරෝධය විකාරයකින් නිමවීමට නියමිත බවට එදා අපි නිවැරදි තක්සේරුවක සිටියේ මේ ගැන සීමිත වුවත් මුලික දැනුමක් අපට තිබු නිසාය.

පළමුව ඩීව් ගුණසේකර යටතේත් සසුව සුනිල් හඳුන්නෙත්ති යටතේත් මේ බැඳුම්කර සිදුවීමේ කෝප් කමිටු විමර්ශන සිදුවීය. මේ වන විට ආන්දෝලනයට තුඩුදී ඇති කෝප් කමිටුවේ සභාපති සුනිල් සහෝදරයාය. එහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව අදාළ බැඳුම්කර සිදුවීම විමර්ශනය කර ලබාදෙන වාර්තාව මත පදනම්ව එම කමිටුවේ විමර්ශන සිදුවන බවත් ඊට අනුව කෝප් වාර්තාව නිකුත් කරන බවත් සභාපති වරයා පවසන්නට යෙදින.

කවුරුත් විගණකාධිපති වාර්තාව එන තෙක් කට ඇරගෙන සිටියේ කුමකින් කුමක් සිදුවේද යන විමතියෙන්ය. විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුව මේ ගැන සිය වාර්තාව නිකුත් කරනු ලැබූ අතර එහෙත් එහි වංචාවක් ගැන කිසිඳු සටහනක් තිබුණේ නැත. එහි සඳහන් වුයේ වලක්වාගත හැකි රුපියල් කෝටි 167 ක අවාසියක් රජයට සිදුව ඇති බව පමණය.

කෙසේ වුවත් ඒ වාර්තාව පැහැදිලි මනසක් ඇති අයෙක් කියවූවා නම් බැදුම්කර ගැන මෙලෝ හසරක අවබෝධයක් එහි නැති බව දැන ගන්නට තිබිණ. අප එය කියවූ අතර වෙළඳපොල හැසිරීම, පොළී අනුපාත නිශ්චයවීමට අදාළ වටපිටාව, රජයේ මුදල් අපේක්ෂාව, ගැන හොඳම අවබෝධයක් ඒ වාර්තාව සකස් කළ උදවියට තිබී නැති බව එහිදී දක්නට ලැබිණ.

ඒ වෙනුවට ඔවුන් අවධානය යොමුකර තිබුණේ හුදු විගණනයක් කෙරෙහි පමණය. කෙසේ වුවත් එම වාර්තාව මෙන්ම කෝප් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කළ මහ බැංකු නිලධාරීන් ලබාදුන් ප්‍රකාශ මත පදනම්ව කෝප් වාර්තාව සකසන්නට තිබිණ. දැන් ඇත්තේ ඒ අවස්ථාවය.

දේශපාලන ඩීල් හේතුවෙන් මෙන්ම දේශපාලනය තුළ ධනේෂ්වර පක්ෂ දුන් සියඹලා අනුභව කරසිටි ජවිපෙ එම අවස්ථාවෙන් පලාගියේ 2020 විප්ලවය නැවත කල් දමමින්ය. අද ගලේ පැහැරූ බළලුන් තත්ත්වයට ඔවුන් පත්ව සිටින්නේ එනිසාය. කොහොමටත් සුනිල් සභාපතිට බැඳුම්කර නිකුතුවේ වැරදිකරු ගැන තිබුණේ දෙබිඩි පිළිවෙතක්ය.

ඒ පාර්ලිමේන්තුවෙන් පිටතදී " අර්ජුන් හොරා, ඇලෝසියස් හොර බෑනා සහ ඔවුන් රකින අගමැතිත් හොරා" ලෙස කෑ මොර දුන්නද පාර්ලිමේන්තුව තුළදී "අගමැති හොඳා' අර්ජුන් තමයි හොරා" වශයෙන් ලඝුකිරීමය. ඇත්තටම මෙහිදී ජවිපෙ උත්සහ කළේ අර්ජුන් මහේන්ද්‍රන් බිල්ලට දී සිය ජාමේ බේරාගෙන යන්නටය. එහෙත් අග්‍රාමාත්‍යවරයා මෙන්ම එජාප පාර්ශවය එසේ ගනුදෙනු බේරන්නට එකඟ වුයේ නැත. අනෙක් අතට සුනිල් මේ කෝප් විමර්ශනය පුරා අවධානය යොමුකර සිටියේ බැඳුම්කර ගැන ප්‍රතිපත්තිමය කාරනා කෙරෙහි පමණය. ඒ අන් කිසිවක් නිසා නොව බැඳුම්කර සිදුවීමට අදාළ ඇත්ත තත්ත්වය සහ පක්ෂයක් ලෙස වුවත් ඔවුන්ට කටයුතු කළ හැකි සීමා ගැන තිබු අවංක අවබෝධය නිසා විය හැකිය. එහෙත් එළියේදී කිව් කතා තමන්ට පාරාවලල්ලක් වන බව නොදැන කටයුතු කටයුතු කළා නොව වෙන කරන්නට දෙයක් ජවිපෙ ට තිබුණේ නැත. මන්ද ජවිපෙ අත දැම්මේ තමන්ට අදාල කරුණකට හෝ අදාල ආකාරයෙන් නොවේ. ජවිපෙ ඉතිහාසය පුරා සිය දේශපාලන පදනම මාක්ස්ලෙනින්වාදය බව පැවැසීම හා තමන් පිලිගන්න අර්ථක්‍රමය සමාජවාදය බව පැවසීම මේ විගඩම තවතවත් තිව්ර කරන්නකි.

අනෙක් අතට කෝප් වෙත ලැබුණු සාක්ෂි වලට අනුව අර්ජුන් දඬු කඳේ ගැසීම හෝ බැඳුම්කර නිකුතුවේදී බිලියන ගණනක ' වංචාවක්' සිදුව ඇති බව තහවුරු වුයේද නැත. එනිසා සිය දේශපාලන බෙලහීන කමත් ධනපති දේශපාලන ඩීල් නිසාත් පලායාම හැර කරන්නට වෙනත් දෙයක් සුනිල්ට මෙන්ම සුනිල්ගේ නායකතුමාටද නැත.

ඒ නිසා දැන් ඒ විගඩමට කවුන්ට් කිරීමට සුනිල් නැති කෝප් කමිටුවද තවත් විගඩමක් සුදානම් කර ඇත. අජිත් පී පෙරේරා මන්ත්‍රී පසුගියදා මාධ්‍ය හමුවේ නිරාවරණය කර සිටියේ ඒ විගඩමය. ඇත්තටම නම් මේ ජනතාව අන්දන විගඩම් ය. මෙය ලියන්නට අප තීරණය කළේද එනිසාය.

වාර්තා වන ආකාරයට කෝප් කමිටු විමර්ශනයට අනුව මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්ට එරෙහිව කරන්නට ඇති දෙයක් නැත. ඇත්තටමත් එහෙමය. ඔහු කටයුතු කර ඇත්තේ රජයේ මුදල් අපේක්ෂාව ඉටුකරදීම සඳහාය. එහිදී අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම (Perpetual Treasuries සමාගම) බැඳුම්කර වල ආයෝජකයා වීම නිසා අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරුවා වීමට නම් ඒ Perpetual Treasuries සමාගම වෙත මහ බැංකුවේ මෙම බැඳුම්කර නිකුතුවට පෙර "අභ්‍යන්තර තොරතුරු" (insid information) ලබා දීමට මහ බැංකු අධිපතිවරයා කටයුතු කර ඇති බවත් ඒ අනුව අක්‍රමිකතාවයක් වී ඇති බවත් (insider dealing) තහවුරු කරගත යුතුව ඇත. එහෙත් විමර්ශනය තුළ එවැන්නක් තහවුරු වන්නේ නැත. විගණකාධිපති වාර්තාවේවත් එවැන්නක් සඳහන් වන්නේ නැත. කෝප් කමි‍ටු සභාපතිවරයා හෝ සෙසු සාමාජිකයන් හෝ මේ ගැන එම කමි‍ටුවේදී කතා කරන්නේද නැත.

ඒ අනුව සුනිල් නැති කෝප් කටයුතු කරන්නේද ඉතා අතාර්කික, මුග්ධ දර්ශනයකින් යුතුවය. ඒ මෙවැනි ගනුදෙනු වලදී ලාභ ලැබීම අලුත් දෙයක් නොවීම යන සරල කාරණය නිසා නොව ලාභ ලැබීම නිසා ප්‍රාථමික ගැනුම්කරුවෙකුට අපරාධ චෝදනා එල්ල කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම හමුවේ වෙළඳපොල වෙත නරක පණිවිඩයක් නිකුත් කරන නිසාය. වඩාත් සරලව කියනවා නම් මෙරට බැඳුම්කර වෙළඳපොලේ ආයෝජනය කර ලාභ ලැබීම අපරාධ චෝදනා ලැබීමට නියමිත තත්ත්වයක් ලෙස පණිවිඩයක් වෙළඳ පොළ වෙත නිකුත් වීම නිසාය. එසේම ඒ තත්ත්වය මත ද්වීතික වෙළඳපොළද අර්බුදයට ගමන් කිරීම අනිවාර්යය. ඒ නිසා වඩා වැදගත් කාරණය වන්නේ Perpetual Treasuries හී පසුගිය වසරේ අධි ලාභ ප්‍රතිශතයක් ලැබීම ගැන නිසි විගණනයක් සිදුකර එහි යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් පමණක් නඩු මගට යාමය.

ඉතිං, වත්මන් ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන ගණිකාවන්ගේ පතිවත ගැන වැඩමුළු පරදන වැඩමුළු පැවැත්වීමට වඩා වැඩ ආණ්ඩුවට ඇත. වඩාත් වැදගත් කාරණය වන්නේ, මොහොතක සුව පතා ගණිකා ඇසුර සිදුකළත් ඔවුන්ව නිවසට ගෙනගොස් කසාද බඳින්නේ නැති බව සිහිතබාගෙන ඉදිරියට යාමය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us