ආණ්ඩුව පචවෙයි. ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය කොල්ලකෑවාට මිලියන 840 වන්දි ගෙවන්න සිදුවෙයි.

Published in පුවත්
Sunday, 08 January 2017 13:22

පාවෙන අවිගබඩාවක් ඇතුලු සමුද්‍රාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ගිවිසුමකින් බැඳි, ගෙන ගිය ව්‍යාපාරයට අදාල ගිවිසුම් කඩකර ඒ ව්‍යාපාරය අවසන් කිරීම නිසා තම සමාගමට වූ අගතියට එරෙහිව පවරා තිබු නඩුවකින් ඇවන්ගාර්ඩ් සමාගමට සිංගප්පූරු ඩොලර් 826,000 ක් හෙවත් ශ්‍රිලංකා රුපියල් මිලියන 840 ක මුදල් වන්දි ලෙස ගෙවන ලෙස සිංගප්පූරුවේ ජාත්‍යන්තර බෙරුම්කරණ මණ්ඩලය ( SIAC) විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගමට නියෝග කර තිබේ.

රක්නා ආරක්ෂක ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යංශයට සියයට සියයක කොටස් හිමිකමක් තිබෙන රජයේ සමාගමකි.

අන්තර්ජාතික නීතියට අනුකූලව පවත්වාගෙන ගිය මෙම ව්‍යාපාරය ඒක පාර්ශ්විකව අවසන් කිරීමට ගිවිසුම්කාර අනෙක් පාර්ශ්වය විසින් කටයුතු කිරීම එම ගිවිසුම් කොන්දේසි කඩකිරීමක් වීම නිසා අමරිකානු ඩොලර් මිලියන 6 ක මුදල් තමන්ට ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබිණි. මෙම තින්දුව ලැබී මේවන විට කිහිප දිනක් වන නමුත් මෙම ප්‍රශ්නය තව දුරටත් ගොඩින් බේරා ගැනිමට ආණ්ඩුව පාර්ශ්වය දැඩි උත්සහයක් ගෙන තිබූ බවත් දැන ගැනීමට තිබේ.

මේ අතර ඇවන්ගාර්ඩ් සාමාගම පාවෙන අවිගබඩාවක් ලෙස පවත්වගෙන ගිය 'එම් වී මහනුවර' නම් නෞකාව නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනිම නිසා එම ව්‍යාපාරයට වූ පාඩුව හේතුවෙන් මේ වන විට කොළඹ දිසා අධිකරණයේ ද නඩුවක් පවරා ඇති අතර එමගින් තම සමාගමට වූ පාඩුව වෙනුවෙන් රුපියල් මිලියන 2400 ක් ගෙවන ලෙස ඉල්ලා තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස නිතිපතිවරය හා වත්මන් නාවික හමුදාපතිවරයා නම් කර තිබේ. මෙහිදී නාවික හමුදාව අධිකරණයට පවසා ඇත්තේ මෙම ඇවන්ගාර්ඩ් නෞකාව තුල නිති විරෝධී ව්‍යාපාරයක් පවත්වාගෙන යන බැවින් ඒ වහා අත් අඩංගුවට ගන්න ලෙස ' ඉහළින් ' ලැබුණු උපදෙස් මත නැව අත් අඩංගුවට ගත් බවය. කෙසේ නමුත් මේ ' ඉහළ' නියොගය දුන්නෙ කවුරුන්ද යන්න නාවික හමුදාපතිවරයා මෙතෙක් හෙළි කර නොමැත.

ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය නීති විරෝධීව බලහත් කාරයෙන් ආල්ලාගෙන ඒ නාවික හමුදාවට පැවරීමෙන් පසුව පසුගිය වසර පුරා නාවික හමුදාව ඉන් ලැබු සමස්ත ආදායම රුපියල් මිලියන 2260 කි. එම ආදායම ඇවන්ගාර්ඩ් සමාගම විසින් එම ව්‍යාපාරය සිදුකළ කාලයේදි රජයට ගෙවනු ලැබු මුදලට වඩා අඩු අගයකි. කෙසේ නමුත් ඇවන්ගාඩ් සමාගමට මෙම ව්‍යාපාරය පැවරීම නිසා රජයට පාඩුවක් සිදු කළ බව කියමින් අල්ලස් කොමිසම ඇවන්ඩාර්ඩ් ව්‍යාපාරයට හා එවකට සිටි රජයේ නිලධාරීන්ට එරෙහිව නඩුවක් ද පවරා තිබේ. එහෙත් මේ වන් විට එම ව්‍යාපාරය ඇවන්ගාර්ඩ් සමාගමෙන් උදුරා ගැනීම නිසා රජයට පාඩුවක් සිදුව තිබෙන බව ඔප්පු වෙමින් තිබේ.


මේ අතර මෙරට අවි ගබඩා කිරීම සඳහා රක්නා ලංකා සමාගම වෙනුවෙන් රතු මුහුදේ පවත්වාගෙන ගිය 'ඇවන්ගාර්ඩ්' පාවෙන අවි ගබඩාව වෙනුවෙන් ඇවන්ගාර්ඩ් සමාගම විසින් දරූ පිරිවැය රක්නා ලංකා සමාගම විසින් නැවත තමන් වෙත ලබා දියයුතු බව කියමින් පසුගියදා රක්න ලංකා සමාගම වෙත, ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා විසින් ලිපියක් යොමු කොට තිබූ අතර එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක් අය විය යුතු බව දන්වා තිබේ. එම ඉල්ලීම විවාදයකින් තොරව පිලිගන්නා බව රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා විසින් පිලිගෙන ඇත. ඒ අනුව එම මුදල් ලබා දීම සිදු නොකළහොත් එම මුදල් අය කර ගැනීම සදහාද තම සමාගම නඩු පවරන බව ඇවන්ගාර්ඩ් සමාගම පවසයි.

අප මේ සම්බන්ධයෙන් ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් කළ විමසිමේදි ඔහු පවසා සිටියේ රටට විදේශ විනිමය බිලියන ගනනකින් ගෙන ආ, රණවිරුවන් දහස් ගනනකට රැකියා සපයනු ලැබු මෙම ව්‍යාපාරය පවරා ගැනිමට බොහො දෙනෙක් ගත් උත්සාහය නිසා අවසානයේ රටට විදෙශ විනිමය අහිමි වු බවත් හාර දහසකට පමණ රැකියා අහිමි වූ බවත්ය. එහෙත් තමන් විසින් පවරා තිබෙන නඩු වලින් ලැබෙන වන්දි මුදල් එක් අරමුදලකට බැරකර එමගින් තමන් යටතේ සිට සේවය අහිමි වූ සියලු රණවිරුවන්ට ජීවිත කාලය පුරාම වැටුප් ගෙවීම සඳහා කටයුතු කරන බව මේ මොහොතේ පොරොන්දුවක් දෙන බවය.

කෙසේ නමුත් මෙම ව්‍යාපාරය තුලින් ජාත්‍යන්තර අවි ජාවාරමක් සිදු කළ බවත් ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වූ බවත් මහා පරිමාණ දුෂණයක් වී ඇති බවත් චුදිතයන්ව අත් අඩංගුවට ගෙන දඬුවම් කළ යුතු බවටත් මේ ව්‍යාපාරය ආණ්ඩුවට පවරා ගත යුතු බවත් ආදී බොහෝ දේ කියමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක , වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, චම්පික රණවක යන අයවලුන් මෙම ව්‍යාපාරයට එරෙහිව කටයුතු කළේ වෙනත් පෞද්ගලික ප්‍රතිලාබ බලාපොරොත්තුවෙන් බවට සේනාධිපති මහතා මීට පෙර චෝදනා කර තිබිණි.

avaentgard 2avaentgard 3avaentgard 4

Last modified on Sunday, 08 January 2017 16:36

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us