1917 විප්ලවයේ සියවස් සැමරුම: රනිල්ගෙ ආරාධනා ලිපිය මෙන්න!

Published in පුවත්
Saturday, 07 January 2017 14:04

1917 ඔක්තෝබරය පිළිබඳව සංවාදයක් ඇරඹිය යුත්තේ කොතැනින්ද යන්න වටහා ගැනීමට අවශ්‍ය වන්නේනම්, ඒ සඳහා අවශ්‍ය සියලුම දේ ඇතුලත් වන ලිපියක් පහතින් දැක්වේ.

මෙම ලිපිය ඒවා තිබෙනා පැරණි වමේ ක්‍රියාකාරිකයාගේ නමට ඉහළින් රතු පාට දැමුවේත්, එම ලිපිය තුළ සඳහන් වන සාකච්ඡාවට සහභාගී වූ අනෙක් කණ්ඩායමේ නම් ලැයිස්තුව මෙහි පළ නොකළේත්, මේ මගින් කිසිවෙකු පුද්ගලිකව අපහසුතාවයට පත් කිරීම අපගේ අරමුණ නොවන නිසාය. අපට අවශ්‍ය වන්නේ ‘1917 ඔක්තෝබරයේ’ සියවස් සැමරුම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ අති විශාල ශබ්දයක් නගන්නට සැදී පැහැදී සිටිනා අප හිතවතුන් වෙත, අප ජීවත් වන දේශපාලන මොහොත පිළිබඳව බිහිසුණු යථාර්ථයක් මතක් කර දීමටයි.

අපි දැන් එම ලිපිය කියවමු.

ranil letter


මෙම ලිපිය මගින් කියා සිටිනා පරිදි ‘ඔක්තෝබර් විප්ලවයේ’ ශතවර්ෂ සැමරුම අපිට හැකි තරම් උත්කර්ෂවත් අයුරින් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කැඳවා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. අප ජීවත් වන්නේ ‘ඔක්තෝබරය’ අයත් වූ දේශපාලන යුගයෙන් ඓතිහාසිකව කණ්ඩනය වී බව වටහා ගැනීමට මෙයටත් වඩා විශිෂ්ට නිදර්ශනයක් තිබේදැයි සිතා ගැනීම අපහසුය.

‘1917 ඔක්තෝබරය’ අයත් වූ යුගයේ සමාජ පරිකල්පනය තුළ ‘රනිල්’ සහ ‘ඔක්තෝබර්ය’ යනු කිසිදු අයුරකින් එක්ව තිබිය හැකි හැඟවුම්කාරක දෙකක් නොව අන්‍යෝන්‍ය වශයෙන් බහිශ්කාරක වූ හැඟවුම්කාරක දෙකකි. එකක පැවැත්ම, සාර්ථකත්වය, ව්‍යාප්තිය යනු අනෙකේ ස්වයංක්‍රීය විනාශය, පරාජය, ප්‍රතික්ෂේප කිරීම විය. නමුත් අප ජීවත් වන ලෝකය තුළ ‘රනිල්’ සහ ‘ඔක්තෝම්බරය’ යනු අන්‍යෝන්‍ය වශයෙන් බහිශ්කාරී හැඟවුම්කාරක නොවනවා පමණක් නොව එකක සිට අනෙක වෙත පහසුවෙන් ආදේශ විය හැකි දේද මේ ලිපිය පෙන්වා දෙයි.

සැකයකින් තොරවම මේ සමස්ත සිදුවීම හුදු පුද්ගලයන් කීපදෙනෙකුගේ – මෙම සාකච්ඡාව සංවිධානය කළ සහ එයට සහභාගී වූ අය ගේ – දුර දිග නොබලා ගත් තීරණයක් ලෙස පමණක් අරුත් ගැන්වීමේ අවස්ථාවක් තිබේ. ඒ අනුව මෙය ‘ප්‍රතිසංස්කරණවාදී’, ‘අපගමනයට ලක් වූ’ වාමාංශිකයන් කීප දෙනෙකුගේ සුළු අත්වැරැද්දක් ලෙස අමතක කර දැමීමට කෙනෙකුට හැකි ය. නමුත් මෙවැනි අර්ථකථනයක ඇති සීමාව වන්නේ ඒ මගින් ‘රනිල් වික්‍රමසිංහ’ සාධකය අමතක කිරීමයි.

‘රනිල්’ ගේ පැත්තෙන්ද වී තිබෙන්නේ අත්වැරද්දක්ද? එයට අනුව, නිදර්ශනයක් ලෙස, ‘ධනේශ්වර පන්තිය’ රනිල් ට දොස් පවරනු ඇතිද? ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ‘අධිරාජ්‍යවාදී කඳවුර’ රනිල් සමග උරණ වනු ඇතිද? එය එසේ නොවන බව ඕනෑම කෙනෙකුට වැටහිය යුතුය.

‘රනිල්’ ගේ පැත්තේ සිට බැලූ විට මෙය මොනයම් ආකාරයක හෝ අත්වැරැද්දක් හෝ පසුව කණගාටු වීමට නියමිත තීරණයක් හෝ නොවේ. ඔක්තෝබරයේ සියවස් සැමරුම් උළෙල වෙනුවෙන් ‘වියට්නාමය වැනි කොමියුනිස්ට් රටවල නියෝජිතයන්’ ගෙන්වා දීමට පවා ඔහු සිය සහයෝගය පොරොන්දු වී තිබෙන්නේ මෙම විශ්වසනීය බව නිසාය.

එනිසා, මෙම සිදුවීම පුද්ගලයන් කීප දෙනෙකුගේ අපගමනයක් ලෙස අර්ථකථනය කිරීමට වඩා ප්‍රයෝජනවත් ආකාරයකට කියවා ගැනීමේ අවස්ථාවක් අපට තිබේ. සැබවින්ම අප මෙය සැලකිය යුත්තේ අපගේ දෑස් විවර කරගැනීමට ලැබී ඇති වටිනා අවස්ථාවක් ලෙසයි. ‘ඔක්තෝබරය’ පිළිබඳව ඉදිරි මාස කීපයේදී සංවාදයක් ඇති වන්නේනම් එහි ආරම්භක ලක්ෂ්‍යය කුමක් විය යුතුද යන්න මේ මගින් අපට ඉතාම හොඳින් පැහැදිළි කර දී ඇත. ඒ තමයි ‘1917 ඔක්තෝබරය’ යනු තවදුරටත් මේ ලෝකයේ ආධිපත්‍යධාරී සමාජ කණ්ඩායම් වලට එරෙහිව නිසඟ ප්‍රතිරෝධයක් ජනනය කරන්නක් නොවේ යන බිහිසුණු යථාර්ථය. එහෙමත් නැතිනම්, තවත් සරල ලෙස, ‘ඔක්තෝබරයේ පණිවුඩය’ මහජනයාට කියා දීම සම්බන්ධයෙන් තවදුරටත් පාලකයන් බිය වන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ගෙන් අපට අසන්නට ලැබෙන්නේ මෙවැනි දෙබස් කාණ්ඩයකි : ‘හරිම හොඳයි මේ ශතවර්ෂ සැමරුම! මමත් එන්නම් ඔගොල්ලන් ගේ වැඩේට! මොනවා හරි වෙන්න දෙයක් තියෙනවම් කියන්න!’.

මේ අනුව, අවසාන අර්ථයෙන් ගත්විට, මේ මගින් අප වෙත ඉදිරිපත් කරනා මූලික ප්‍රශ්නය වන්නේ මෙයයි: ඔක්තෝම්බරයේ සැමරුම යනු රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයට පරස්පර නොවන්නා වූ දෙයක්නම් ‘අප සහ ඔක්තෝම්බරය’ අතර සම්බන්ධය අප විසින්ම අර්ථකථනය කළ යුත්තේ කෙසේද? අප සහ ඔක්තෝම්බරය අතර තිබෙන්නේ ඓතිහාසික අකණ්ඩතාවයක්ද? ‘අප’ යනු ‘ඔක්තෝබරය ද’ අයත් වූ එකම දේශපාලන ක්‍රියාවලියක, දේශපාලන අනුක්‍රමණයක, කොටසක්ද? නැතිනම්, අප සිටින්නේ නව ඓතිහාසික මොහොතක් තුළද? එය එසේනම්, මානව විමුක්තිය පිළිබඳ අදහස මෙම නව ඓතිහාසිකත්වය තුළ අර්ථකථනය කරන්නේ කෙසේද? අප සිතනා පරිදි ‘ඔක්තෝබරය’ විසින් නියෝජනය කළ රැඩිකල් විමුක්තිකාමී මොහොත වෙනුවෙන් උනන්දු වන අය පළමුවෙන් කළ යුතු වන්නේ මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා තැබිය යුතු මූලික පියවර සළකා බැලීමයි.

ඒ වෙනුවට, ඉදිරි මාස කීපය තුළ ‘ඔක්තෝබරයට’ සම්බන්ධ ඓතිහාසික ඡායාරූප, එහි නායකයන්ගේ ජනප්‍රිය උපුටන ආදිය මගින් සිය ෆේස්බුක් ගිණුම් පුරවාලීමට පමණක් සුදානමින් සිටිනා මිතුරන්ට අප ආදරයෙන් මෙලෙස කිව යුතුය: රනිල් වික්‍රමසිංහත් ඒවාට ‘ලයික් එකක්’ දැමීමට ඉඩ තිබේ!

- bavaweb.wordpress.com

 

සැබැඳි පුවත්

ශ්‍රේෂ්ඨ ඔක්තොබර් විප්ලව සියවස් සැමරුම රනිල්ගේ ප්‍රධානත්වයෙන් !

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us