නන්දිකඩාල් වීරයාට මංගලගෙන් දැඩි ප්‍රහාරයක්..! Featured

Published in පුවත්
Wednesday, 25 October 2017 18:57

පසුගිය දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති “වියත්මග” නම් වූ උත්සව සභාවක දී හිටපු හමුදා නිලධාරියකු පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවය. 88 - 89 භීෂණ යුගය යළි සිහිගන්වමින් ඔහු වැඩිදුරටත් `දේශද්‍රෝහීන්ට මරණය` යන ලේබලය ගසා එය කළ යුතු බවත්, එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහළට නොගත යුතු බවත්, ගෞරව නොදැක්විය යුතු බවත් පවසා ඇත.

එවැනි අතිශය බියකරු ප්‍රකාශයක් සිදුකර ඇත්තේ, මේ රටේ හැටතුන් ලක්ෂයක ජනතාවක් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළයුතු බව 2015 දී ජයග්‍රාහී ලෙසම සහතික කොට තිබියදීය. ජනතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ සම්මුතිවාදී ආණ්ඩුව ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියදී ය.

ප්‍රධාන නායකයන් දෙපළම රටේත් ලෝකයේත් විශ්වාසය දිනාගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසාගත නොහැකිව, ප්‍රජාතන්ත්‍රවාදය නොඉවසන බලලෝභී පරාජිත බලවේග වියරු වැටී ඇති බව මේ දිනවල ඇසෙන විවිධ ප්‍රකාශයන් දෙස බැලූ විට පැහැදිලිව තේරුම් ගත හැකිය. ජාතිවාදී වැසිකිළි කටවල්වලින් නිකුත් කෙරෙන එවැනි අසූචි ප්‍රකාශවලට පිළිතුරු ලබා නොදිය යුතු තරම්ය. නමුත් මල මිනී මත පිනුම් ගසමින් ලේ රස බැලීමේ නොහැකියාවෙන් වියරු වැටී සිටින ලේ පිපාසිතයන්ගේ උඩු බිරුම්වලට එරෙහි, ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් වෙනුවෙන් යමක් කිවයුතුය.

ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරි දේශපාලන අරමුණ සපුරා ගැනීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් වියත්මග ව්‍යාපාරය ආරම්භ කළ මුල් දිනවලදී මා ප්‍රකාශ කර සිටියේ එය ‘රටට විපත්මග කැඳවන්නට‘ දරණ උත්සාහක් බවය. එය ඔවුන් විසින්ම දැන් රට හමුවේ ප්‍රසිද්ධියේ සනාථ කර ඇත.

සුදුවෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහිනය තවම නිමා වී නැති බව, ඔහු වෙනුවෙන් අටවාගෙන ඇති මෙවැනි ලේ පිපාසිත ව්‍යාපාරයන්ගේ සැබෑ ස්වරූපය මිනීමරු ප්‍රකාශ හමුවේ යලි යලිත් හෙළිදරව් වෙමින් ඇත.

කමල් ගුණරත්න නමැත්තා සිය ‘හන්දිකඩාල්‘ නම් කෘතියක් මගින් උතුරේ අහිංසක ජනතාවට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයන් හා දේපළ කොල්ලකෑම් සම්බන්ධව කරුණු දක්වමින් ශ්‍රී ලංකා හමුදාව අමු අමුවේ පාවා දුන් අතර, එවැනි සිද්ධි දෙස බලමින් සිය වියරු අශාවන් සන්තර්පනය කරගත් ආකාරය පවා හෙළිදරව් කර ඇත. එපමණක් නොව ඔහු තානාපති සේවයේ යෙදී සිටියදී ලාංකේය සේවකයකුගේ අභිරහස් මරණයක් පිළිබඳ ඔහුට එරෙහිව පරීක්ෂණ තවම විභාග වෙමින් ඇත.

මේ මොහොතේ සිය හාම්පුතාගේ ලේ පිපාසිත ආශාවන් ඉටුකිරීම වෙනුවෙන් ඔහු මේ කරන්නේ, ආරක්ෂක හමුදාවට එරෙහිව ඇතැම් පාර්ශ්වයන් ගෙන එන `යුධ අපරාධ චෝදනා`වලට තර්කානුකූල පසුබිම සැකසීමක් නොවේද?

ජාතිවාදී සාහසිකයකු ලෙස දිගින් දිගටම කටයුතු කරමින් සිටින සරත් වීරසේකර නමැත්තා ද ``නව ව්‍යවස්ථාවට පක්ෂ වූවන් මරා දැමිය යුතු`` බව පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ සුවච කීකරු ප්‍රකාශකයා වෙමිනි.

ජාතිවාදී තක්කඩිකම සිය දේශපාලන උපායමාර්ගය කරගත් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ``ව්‍යවස්ථාව සම්මත කරගත නොහැකිවන පරිදි පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු`` බවට ප්‍රකාශයක් කර තිබේ. ඔහු එදා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ සිය මස්සිනාගේ ආදර්ශය අනුව යමින් 88-89 යුගය නැවත මේ සමාජයට සිහිගන්වන්නට උත්සාහ කරනුයේ වියරු දේශපාලන තක්කඩිකම රටට හෙළිදරව් කරමිනි.

රාජ්‍ය බලය නොමැති සිවිල් වේදිකාවක සිට මෙවැනි මිනීමරු ප්‍රකාශ කළ හැකි නම්, රාජ්‍ය බලය සහිතව නිල ආයතන තුළ සිට මොන තරම් අපරාධ කරන්නට ඇත්දැයි සිහිබුද්ධිය ඇති පුරවැසියන්ට අනුමාන කළ හැකිය. එපමණක් නොව, මෙම තත්වය තුළ නව ව්‍යවස්ථාවට පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි බුද්ධිමත් පුරවැසියන්ගේ ජීවිත අවදානමක අනතුරක් මතුකරයි.

කැළය මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු නොවන බව සිහිගන්වමින් මේ සහසික කණ්ඩායමට බලය තිබුණත් නැතත් ඔවුන් මිනිස් ඝාතකයන් බව, ලේ පිපාසිතයන් බව සමාජය හමුවේ අනාවරණය කර ඇත. සුදු වෑන්වලින් පැමිණ විවිධ ඝාතක කල්ලි යොදවා සිවිල් පුරවැසියන්, මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් අතුරුදන් කළ රහසිගත ඝාතක කල්ලි ක්‍රියාත්මක වූ රාජපක්ෂ යුගය මේ රටේ මිනිසුන්ට තවම අමතක වී නැත.

මේ රටේ හැට දෙලක්ෂයකට අධික ජනතාවක් නව ව්‍යවස්ථාවක් ඉල්ලා සිටියේ එවැනි භීෂණකාරී පාලනයක් නැවත නිර්මාණය වීමේ අනතුර වළක්වා ගැනීම වෙනුවෙනි. වරක් නොව දෙවතාවක්ම එකී වියරු පාලකයන් පරාජය කරනු ලැබුවේ මේ රටේ මිනිසුන් ඒ බියකරු බවේ සාහසිකත්වය හොඳින් අත්විඳ ඇති බැවිනි. ඒ නිසා නැවත ඔවුන්ට ඉඩ ලබා දිය යුතු නැත.

ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව නිර්මාණය කිරීම වෙනුවෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමටත්, සංවර්ධනයේ දිශානතිය ගොඩගැනීමේ කාර්ය වියරු බලලෝභී කිසිදු බලවේගයකට නතර කළ නොහැකි බවත් ප්‍රකාශ කර සිටිමු. එසේම අති බහුතරයක් වූ මානවවාදී මිනිසුන්ගේ සියලු බලවේග සමග අත්වැල් බැඳගෙන ලේ පිපාසිත වියරු බලවේග නැවත පරාජය කරන්නටත් අපි සූදානම් බව ප්‍රකාශ කර සිටිමු.

 - මංගල සමරවීර

 

Last modified on Wednesday, 25 October 2017 19:02

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us