රවීගේ මැජික්, මංගලගේ ලොජික්, අයවැය ජිමික් Featured

Published in පුවත්
Wednesday, 08 November 2017 13:54

රටක අය වැයෙන් මැජික් පෙන්වීමේ සම්ප්‍රදාය ශ්‍රිලංකාවට පමණක් ආවේනික වූවක් නොවේ. දේශපාලන ආර්ථික අස්ථාවර රාජ්‍යයන් හී මේ පොදු අත්දැකීමකි..

ජනතාව අය වැයෙන් මැජික් බලාපොරොත්තු වීම වියයුතු බවට මතය එම රාජයයන්හී පාලකයන් විසින් ගොඩනඟා ඇති තත්වයකි. මේ නිසා මැජිකම් බලාපොරොත්තුවෙන් අය වැය දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නා ජනතාවක් මේ රටවල සිටිති.

ශ්‍රීලංකාවේ ජනතාවද එසේමය. තමන්ට ක්ෂණික ලොතරැයි ජයග්‍රහණයන් බලා සිටීම ඒ අනුව සිදුවෙයි. සහන නැත්නම් ඒ අය වැය ජනතාවාදී අය වැයක් වන්නෙ නැත. මැතිවරණයක් ළඟ ඇත්නම් සහන අනිවාර්යය. මැතිවරණයෙන් පසුව රටට කෙලවීම ජනතාවට හෝ පාලකයාට අදාල නැත. ශ්‍රීලංකාව දැවැන්ත ණය අර්බුදයක ගිලී සිටින්නේ මේ මැජික් පෙන්වීමට පාලකයන් ගත් උත්සාහයේම ප්‍රතිපලයක් ලෙස මිස වෙනකක් නිසා නොවේ. අවසානයේ මේ සියලු ණය බර තම මත තමන්ගේ දරුපරපුර මත පැටවී ඇති බව ජනතාවෝ තවමත් තේරුම් ගෙන නැත.

යහපාලන ආණ්ඩුව බලයට එනවිට මේ රටේ ආර්ථිකය විනාශයේ දොරකඩට පැමිණ අවසානය. යහපාලකයෝ බලය ලබාගත්තේ ඒ නොදැන නොවේ. යහපාලන ආණ්ඩුවට දැන් දෙවසරකුත් ගෙවී ගොසිනි. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද දැන් ආර්ථිකය හරි පාරට ගෙන ඇති බව කීවේ වරක් දෙවරක් නොවේ...එහෙත් ඒ ප්‍රකාශයන් හා ඇත්ත අතර ඇත්තේ විශාල පරතරයකි.

නිදසුනකට පසුගිය 2017 අය වැය වාර්තාවෙන් එවකට මුදල් ඇමැතිවරයා කළ මැජික් යෝජනාවන්ගෙන් ක්‍රියාත්මක වී ඇත්තේ මොනවාදැයි පසු විපරමක් කර බැලුව හොත් මේ ඇත්ත වැටහෙනු ඇත.. එකදු යෝජනාවක්වත් ක්‍රියාත්කම වී නැති බව පසුගියදා බන්දුල ගුණවර්ධන විපක්ෂ මන්ත්‍රීවරයා කළ චෝදනාව මුලුමනිම බොරුවක් නොවේ.. එහි සත්‍යතාවයක් පවතී.. 2017 අය වැයෙදී කළ යොජනාවන් සම්බන්ධයෙන් ගත යුතු චක්‍ර ලේඛයක් හෝ නිකුත් කිරීමට ආණ්ඩුව අසමත්ව තිබේ. මේ අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමට රවී කරුණානාකය ඇමැතිධුරයේ වැඩි කල් නොසිටිය බව ඇත්තකි. එහෙත් ඉන් පසුව පැමිණි මංගල සමරවීර මුදල් ඇමැතිවරයාටද ඊට මාස 6 ක පමණ කාලයක් ඉතිරිව තිබිණි.. එහෙත් ඊට නිසි පියවරයන් ගෙන ඇති බව පෙනෙන්නට නොමැත.

2018 අය වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමට මංගල සමරවීර සැදී පැහැදී සිටින්නේ ඒ පසුඹිමේ සිටියදීය.

ඇමැතිවරයාගේ පාර්ශ්වයේ පිරිස් පසුගිය දින කිහිපයේදී හඟවමින් සිටින්නේ මෙවර අය වැයෙන් මැජික් බලාපොරොත්තු නොවෙන ලෙසය. ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනනාවක් මෙවර අය වැයෙන් ගෙන තිබෙන බව ඔවුන් කියයි. රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ දැඩි ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතු බව ඇත්තය. ඒ සිදු විය යුතුය. ඒ අනුව ජනතාවද පටි තද කර ගැනීම විය යුතුය. එහෙත් ආණ්ඩුවේ වැඩ විශ්වාස කිරීමට තරම් කිසිදු හේතුවක් ඉතිරිව නොමැත. මේ නිසා ජනතාවට පටි තද කර ගැන්නේ යැයි ඉල්ලීමට ආණ්ඩුවට බැරිය. ජනතාවට පටි තද කර ගැනීමට නම් ආණ්ඩුව විශ්වාසය තහවුරු කළ යුතුය. අඩුම තරමින් මෙවර අය වැයෙන් පසුවවත් මේ අයවැය යෝජනා ක්‍රියාත්මක වන්නේ දැයි ආණ්ඩුව අඩුමතරමින් මාසයක් මාසයක් ගානේ ඒ ප්‍රගතිය ගැන ජනතාවට කරුණු දැක්විය යුතුය. යොජනා අය වැය වාර්ථාවේ තිබුණට වැඩක් නැත . ආණ්ඩුවේම ආරංචි මාර්ග පවසන්නේ ගිය වර අය වැයෙන් අමාත්‍යංශවලට වෙන් කළ මුදල් වලින් විශාල ප්‍රමාණයක් කිසිදු වැඩක් නොගෙන යළි භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බවය. වැඩ කරන ආණ්ඩුවක් තිබේ නම් එහෙම වන්නෙ නැත.

මංගල සමරවීර ඇමැතිවරයා ප්‍රකටව ඇත්තේ වැඩ කරන ඇමැතිවරයකු ලෙසය.ඔහු මැජික් පෙන්වන්නේ ඒ වැඩවලින් පසුවය...ඔහු ලොජික් වලින් වැඩ කරන කෙනෙකි. ආර්ථිකයේ ලොජික් එක මෙවර අය වැයෙන් ඔහු පෙන්වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

Last modified on Wednesday, 08 November 2017 13:58

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us