විදුලි දුම්රිය ආයෝජකයන්ගෙන් සිරස මාෆියාවත් කප්පන් ඉල්ලයි ! Featured

Published in පුවත්
Friday, 03 November 2017 23:57

සිරස මාෆියා රූපවාහිනී නාලිකාවේ ප්‍රධානියකු යැයි කියන පුද්ගලයකු මෙරට අධිවේගී විදුලි දුම්රිය නිපදවන කම්හලක් ඇරඹීමට කැමැත්තෙන් සිටින විදේශීය ආයෝජක සමාගමෙන් එම ව්‍යාපෘතිය ජනාධිපතිවරයා මඟින් අනුමත කරවා දිය හැකි බව පවසා ඒ වෙනුවෙන් මහරාජා සමාගම හා ගිවිසුමකට එළඹිය යුතු බව පවසා ඇතැයි එම සමාගමේ ආරංචි මාර්ග පවසයි..

මෙම ව්‍යාපෘතිය අනුමත කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානින් හා ඇමැතිවරු කිහිප දෙනෙකු කප්පන් ඉල්ලා සිටීම නිසා වසරක පමණ කාලයක් මුලුල්ලේ මෙම ව්‍යාපෘතිය අනුමත කරවා ගැනීමට නොහැකිව තිබිණි. ඒ සම්බන්ධයෙන් එම සමාගම පුවත්පත් නිවේදනයක් පසුගියදා නිකුත් කොට තිබිණි..ඒ අනුව සිරස මාෆියා කණ්ඩායමක් මෙරට සිටින දේශීය නියොජිතයන් හමුවී අදාල සාකච්ඡාව සිදු කර ඇත. ඔවුන්ගේ කාර්යාල පරිශ්‍රය පවා නිසි අවසරයකින් තොරව වීඩියො ගත කිරීමද සිදු කර තිබේ.

සිරස මාෆියාව යනු මෙරට කප්පන් ගැනීමේ ජඩමාධ්‍ය කලාවේ ප්‍රමුඛයකු වන අතර ඊට දැවැන්තම උදාහරණය පෙන්වා දෙන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියයි..ඒ සම්බන්ධයෙන් පරිසර වේදීන්ගේ විරෝධය මතුවන විට සිරස මාෆියාව ද සිදු කරනු ලැබූවේ එම විරෝධය තවතවත් තිව්‍ර කරමින් ජනමතයක් ගොඩ නැගීමය. පසුව වරාය නගරය සම්බන්ධයෙන් ප්‍රචාරක කටයුතු කරන ආයතනයට තර්ජනය කරමින් එම ප්‍රචාරක කටයුතු සිරස මාෆියාව  වෙත ලබා ගත්තේ මිලියන සිය ගනනක ලාබයක් ආයතනයට ලබා ගැනිමිනි. ඒ අනුව රට පුරා ගඩොල් කැටයක් ප්‍රදර්ශනය කරමින් වරාය නගරය මෙරට සංවර්ධනයේ සලකුණක් බව කීවේ කිසිදු හිරිකිතයකින් තොරවය. වරාය නගර විරෝධියකුව සිටි ජනාධිපති සිරිසේනද අවසානයේ සිරස මාෆියාවේ  ගොදුරක් බවට පත් වෙමින් මේ ගඩොල් කැටය සිඹ ගනිමින් කළ පිස්සුව තවම කිසිවකුට අමතකව නැත. මේ වන විට ජනාධිපතිවරයා සිරස මාෆියාවේ රූකඩයක් බවට පත්ව ඇති බව කිසිවකුට රහසක්ද නොවේ.

මෙරට ජාරාජීර්ණම මාධ්‍ය භාවිතය පෙන්වා දෙමින් සිටින සිරස මාෆියාව  මෙරට දේශපාලකයන් ‍රැසක්ද මිලයට ගනිමින් දේශපාලන ක්ෂෙත්‍රයේ ආධිපත්‍යය පිහි‍ටුවමින් තිබේ..එළඹෙන 2020 මහ මැතිවරණයට ශ්‍රීලනීප එජාප හා ජවිපෙ මඟින් සිරස මාෆියාව  අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමටද මේ වන විට සැලසුම් සකස් කර තිබේ. මේ වන විට 30 දෙනෙකුට ආසන්න අපෙක්ෂකයන් ප්‍රමාණයක්ද ඒ වෙනුවෙන් සූදානම් කරමින් තිබේ. එජාපයෙන් එම අවස්ථාව නොලැබුණ හොත් වෙනම දේශපාලන පක්ෂයක් නිර්මාණය කර විශාල අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමෙ සැලසුමක්ද තිබෙන බව මාෆියා ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේ නමුත් මෙරටට පැමිණෙන ආයෝජකයන් බිය ගන්වා කප්පන් ඉල්ලීමේ තැනට සිරස මාෆියා ප්‍රධානින් කටයුතු කිරීම විශාල අනතුරක් බව පැහැදිලිය. රටේ සංවර්ධනය තීරණය කළ යුත්තේ ආණ්ඩුව විසින් වූවත් ඒ සියල්ල එක් කූට මාෆියා ව්‍යාපාරිකයකුට තීරණය කරන්න හැකි වෙන තැනට පත්ව තිබීම වත්මන් ආණ්ඩුවට පමණක් නොව ඉදිරියේදී බලයට පැමිණෙන කවර ආණ්ඩුවකට වූව තර්ජනයකි. ඒ මේ මොහොතේම වැලැක්වීමට ආණ්ඩුව සමත් නොවේ නම් මේ රටට මහරාජාගේම පිහිටය.

රට සංවර්ධන කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවතින යහපාලන ආණ්ඩුවට අවංක හැඟීමක් තිබේ නම්..පළමුව කළ යුත්තේ ඊට හරස් වන තක්කඩි නිලධාරීන්ගෙන් හා දේශපාලන බලවතුන්ගෙන් රට නිදහස් කර ගැනීමය. දෙවනුව ආයෝජකයන්ගේ පහසුව වෙනුවෙන් පවතින ජරාජීර්ණ ක්‍රමවේදයන් වහා වෙනස් කිරීමය. මේ වෙනුවෙන් යෝජනා වූ, සංවර්ධන පනත නමින් අගමැතිවරයා ගෙන ඒමට අදහස් කළ නව නීතිය වහා ස්ථාපිත කර සංවර්ධනය සඳහා විනිවිධ භාවයෙන් යුතු යාන්ත්‍රණය කඩිනමින් පිහි‍ටු විය යුතුය. ඊට පසුව සංවර්ධනයට වින කටින ඉන් අයුතු ප්‍රයෝජන ගන්නා තක්කඩි මජර මාධ්‍ය මාෆියාව මට්‍ටු කිරීම සිදු කළ හැකිය.ඊට කිසිවකුගෙන් විරෝධයක් මතු නොවනු ඇත.

ඒ අනුව මේ සෘජු විදේශීය ආයොජනවලින් නිසි ප්‍රයෝජනය ගැනීමට රටට හැකි වුවහොත් මේ රට ආසියාවේ සංවර්ධනයෙ කේන්ද්‍රස්ථානයක් වීම කිසිවකුට වැලැක්විය හැකි නොවේ.

සැබැඳි පුවත :

ලංකාවට පැමිණි ලොකුම ආයෝජකයාව ආපසු හරවා යවයි !

රතනගේ ජෝගිය සහ සිරිසේනගේ ජංගිය

2020 ජනපති මෛත්‍රී, අගමැති ගෝඨා, ශ්‍රිලනීප හීන

ගෝඨාව සුදු මහත්තයෙක් කරන කොන්ත්‍රාත්තුව සිරස බාරගනී..

පුස්ස බින්ද ඇවන්ගාඩ් විමර්ශනය 

මෛත්‍රීගේ දින දහදාහේ සැණකෙළිය, ආඬි හත් දෙනාගේ කැඳ හැළිය වගේලු !

සිරස'ගම්මැද්ද දින සියය' දේශපාලන අභියෝගයක් 

මහේන්ද්‍රනුයි කුමාරස්වාමීයි ඉගෙන ගත්තෙ රොනීගෙන්ලු 

ජනපතිගේ විධායක බලේ කිලී අතේ. විගණකාධිපතිත් රූකඩ නළුවෙක් ලු 

අර්ජුන්ට එරෙහි ව්‍යාපාරයත් කිලී මහරාජාගේ වැඩක්..

පාවෙන අවිගබඩා ව්‍යාපාරය මහරාජාට ! රුවන් උගුලක, අර්ජුන ගිනි පිබියි, අනුර හොරි කසයි. 

සන්ධාන ආණ්ඩුවක් හදන්න මෛත්‍රී පාර්ශ්වය කුමන්ත්‍රණයක ! 

රනිල්ව පන්නන්න බලා සිටි ජනපති කාර්යාලයේ කුමන්ත්‍රණකරුවෝ පරාජය වෙති ! 

මීළඟ අගමැති, තීරණය කරන්නේ කිලී මහරාජා. 

ඡන්දය ක‍ටුගාන්න එපා. මෛත්‍රී යන්නෙත් ප්‍රජාතන්ත්‍ර විරෝධි ගමනක්. හැකි වෙරක් යොදා සන්ධානය පරාජයට පත් කළයුතුය. 

රනිල් පැන්නීමේ ජනපති කුමන්ත්‍රණ කතාව, සිරසත් තහවුරු කරයි 

එජාපයේ නායකත්ව ගැ‍ටුමක් හදන්න කිලි මහරාජා දතකයි, මෛත්‍රීව අන්දන මෙහෙයුමකුත් කරයි. 

මිලින්ද, මෛත්‍රීට ළං වුණේ හොඳකට නොවේ.

කිලී මහරාජා, වරාය නගරය වෙනුවෙන් මෛත්‍රීපාලව සල්ලි වලට ගත්තාද ? 

සිරස ටී.වී. ඩීල් කතාව මඩක්. අගමැති උත්තර දෙයි 

 

Last modified on Saturday, 04 November 2017 00:10

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us