පීචං වුණත්, ඒකාධිපති රජෙක් වෙන්න ජනපති ආසාවෙන් බලාසිටී.. Featured

Published in පුවත්
Sunday, 14 January 2018 14:46

ශ්‍රීලංකාවට ජේ ආර් ජයවර්ධන හිටපු පාලකයා හඳුන්වා දුන් 1978 ව්‍යවස්ථාවෙන් නිර්මිත විධායක ජනාධිපති ධුරයට බුදු හාමුදුරුවන් පත් කළත් බල තන්හාව ඇති වන බව මේ රටේ මිනිස්සු කට කහනවට වගේ කියති... ඒ කතා එහෙම නිර්මාණය වෙන්නේ,  එම ධුරය ද අහෝසි කරන්නේය.... එම බලගතු බලය පාවිච්චි නොකරන්නේය... කියමින් එන උපාසක රාළලා සයිස් එකේ හොර පූසන් මෙම තනතුරට පත් වූවායෙන් පසුව එම බලතල වැඩි කරගැනීමට දරණ වෙහෙස නිසාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බල තන්හාවේ කෙළ පැමිණියාවූ සාහසික පාලකයා වන අතර අතර අද ඒ මඟම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් ගමන් කිරීමට අඩුම කුඩුම සූදානම් කරමින් තිබේ.

තමන් නියත වශයෙන්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවත් තවත් වරක් එම ධුරය වෙනුවෙන් ඉදිරිපත් නොවෙන බවත් පසුගිය ජනාධිපතිවරණ සමයේ වේදිකාවක් වේදිකාවක් පාසා මෙරට මහ ජනතාවට පොරොන්දු පිට පොරොන්දු දුන්නෙය... මාදුළුවාවේ සොභිත හිමිගේ දේහය ඉදිරිපිටදී ද මේ පොරොන්දුව යළිත් දුන්නෙය... ඊයේ පෙරේදා කීවේ අද වුණත් මන් යන්න ලැහැස්තියි කියාය..

තක්කඩි ප්‍රතිපත්ති ලියැවිල්ල

එහෙත් මේවා ගැලරි කතා පමණය...ඇත්ත වුවමනාව ඊට වඩා වෙනස් බව දැන් පෙනෙනට තිබේ..කුඹුල් දත් එළියට අදෙමින් තිබේ.

එදා වේදිකාවේ මොන පොරොන්දු දුන්නෝ ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස ඉදිරිපත් කළ 'මෛත්‍රීපාලනයක්" නම් ලියවිල්ලේ ඉතා තක්කඩි ලෙස විධායක ජනාධිපතිධුරය වෙනස් කිරීමේ පොරොන්දුවෙන් ඔහු ගැලවී සිටී.. එහි එක වගන්තියකින් ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු නොකරන බවට ප්‍රතිඥා දී තිබේ...ඒ කියන්නෙ මෙම ධුරය වෙනස් නොකෙරෙන බවය.. ඒ ඔහුගේ බල තන්හාව ජනාධිපතිවරණයට පෙරම එළියට පැන්න තැනය.

තමන්ට අවුරුදු 6 මෙම ධුරයේ සිටීමට අවශ්‍ය නැති බවත් එය අවුරුදු 4 තිබ්බාම ඇතැයි වරක් ජනාධිපතිවරයා කීවේය. පසුව 19 වන ව්‍යවස්ථා සංශොධනයෙන් එම ධුරකාලය අවුරුදු 5 කට සීමා කළේය.. ඒ, ඒ වන විට සිටින ජනාධිපතිවරයාට ද අදාලවය. එය ඒ මොහොතේ මෛත්‍රීගේ ඉල්ලීම වුවමනාව කැමත්ත මත සිදුවූවකි..

5න් යන්න බෑ...තව ජුන්ඩක් ඕනේ..

එසේ තිබියදී එම ධුර කාලය අවුරුදු 5 ද 6 ද කියා හදිස්සියේම ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විමසුමකට ගියේය. ඒ තනිකරම බල තන්හාව නිසා මිස වෙන කිසිදු හේතුවක් මත නොවේ... ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කීවේ අවුරුදු 5 ද 6 ද කියා සමාජ කතිකාවක් ඇති වී තිබෙන බැවින් ඒ විමසීම සිදු කළ බවය..මේ පට්ට පල් බොරුවකි...එසේ කිසිදු සමාජ කතිකාවතක් නිර්මාණය වී තිබුණේ නැත... ජනාධිපතිවරයා සාමාන්‍ය යෙන් සමාජ කතිකාවත් ගැන දැන ගන්නේ පත්තරයෙනි.. එහෙත් පසුගිය කාලයේ කිසිදු පුවත් පතක මේ ප්‍රශ්නය මතු කර තිබෙනු දකින්නට තිබුනේ නැත. මේ වෙන මොකවත් නොව තනතුරේ රහ වැටී මළ පෙරේත කමට හුරු වෙන්න පටන් ගැනීමය.

තමන්ගේ ඇත්ත කැමැත්ත වසර 5න් එම තනතුරත් අහොසි කොට ගෙදර යෑම නම් ඒ සිදු කිරීම ඇත්ත වුවමනාවක් තිබුණේ නම් යළි ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්නට වුවමනාවක් නැත. විධායක ජනධිපතිධුරය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම සිදු කිරීමට නොහැකි වූවත් බලයට මළ පෙරේත කම නැතිනම් අවුරුදු 5න් තනතුරෙන් ඉවත් වීමේ හැකියාව සම්බන්ධයෙන් කිසිදු නීතිමය ගැටලුවක් ඇත්තේද නැත.

මේ ට්‍රයි කරල බලුවේ තවත් කොහොම හරි ජුන්ඩක් පු‍ටුවේ වාඩි වී සිටීමට ගේමක් ගැසීමය. තව මොනවා හෝ දෙයක් යන තැනකට කරගෙන යෑමේ ආසාවය.

තන්හාවේ පරිවාස උගුල

ඉන් නොනැවතී ජනාධිපතිවරයාගේ උපදේශයකයෙක් ලෙස කටයුතු කරන ශිරාල් ලක්තිලකගෙන් ජනාධිපතිවරයාගේ ඒකාධිපති බල තන්හාව ගැන අලුත්ම කතන්දරය එළියට පැන තිබේ ..ඒ ඉතිරි අවුරුදු 2 සම්මුතික ආණ්ඩුව විසිරුවා.. ජනාධිපතිවරයා යටතේ පරිවාස ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමය. ඒ කියන්නෙ ඉදිරි වසර දෙක ජනාධිපතිවරයාට ඕනෑ විදිහට නටන්න තිබෙන ආසාවය. ඒකාධිපතියකු ලෙස කටයුතු කිරීමේ වුවමනාව හැර මේ වෙනකක් නොවේ.

මෛත්‍රීපාල සිරිසේනට ඔනා විදිහට පරිවාස ආණ්ඩු පිහි‍ටුවාලිය යුතු බව කියන්නට ශිරාල්ල ට පිස්සුද යන්න අපි දන්නෙ නැති මුත් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පෙන්නුම් කර තිබෙන සුදුසු කම් මොනවාද? යන්න ඉදිරිපත් කළා නම් සාකච්ඡාවකට හෝ යමක් ඉතිරු කර ගන්නට තිබිණි. එහෙත් එහෙම කිසිවක් නැත. මේ වසර 3 ට කළ කෙන් ගෙඩියක් නැත..ගමේ බයියෙකුගේ ග්‍රාම්‍ය වැඩ වල ගෝත්‍රික භාවය මිසක් වෙන පෙන්නුම් කළ දෙයක් නැත.. බල තන්හාව ..කුහක කම, තක්කඩිකම , මුග්ධබව, ඉරිසියාව හැර පෙන්නුම් කළ වෙන කිසිවක් නැත..ඔහු බාර ගත් කාර්යභාරයන් ගෙන් මොනවාද සිදුකර ඇත්තේ.? අනුන්ගේ වැඩ වලට නම ඈඳා ගැනීම හා  ආණ්ඩුවේ වැඩ වලට උදැල්ල දමා ඒවා කඩාකප්පල් කිරීමේ වැඩ නම් යසට කළේය.

අපරාධකාරයෝ වෙනුවෙන් ජනපති පෙරට

අපරාධ චෝදන හොරකම් වංචා චෝදනා පිට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගොඨාබය රාජපක්ෂව අත් අඩංගුවට ගැනීමේන් වලැක්වීමට ඔහුට රජයේ රහස් තොරතුරු හෙළිදරව කර පිටරට පළායෑමට් උදව් කර ඇත්තේ දැන් මේ ජනාධිපතිවරයා ය. එහෙම කියනේ ඔහුගේ කිරිපල්ල අස්සෙ ලැගගෙන ඉන්නා බස්නාහිර මහ ඇමතිවරයාමය. එහෙව් ජනාධිපතිවරයෙක් පික් පොකෙට් කාරයෙක්වත් අල්ලන්නු ඇතැයි කිසිවකුත් බලාපොරොත්තු නොවිය යුතය. මේ දූෂණ ප්‍රේමියෙකි.. අපරාධ ප්‍රේමියෙකි.. ඒකාධිපති ප්‍රේමියෙකි.


තමන් විධායක බලය පාවිච්චි කරන්නේ පරිසරය රැකීමට පමණක් යැයි කී, මේ ජනාධිපතිවරයා රැක ගත් එක තණ කොළ ගසක් තිබේද ? නැත. පරිසර විනාශය සුපුරුදු පරිද්දෙන් සිදුවෙමින් පවතී... බොරු නීති රෙගුලාසී කඩදාසිවල පමණක් දිලෙමින් තිබේ...වහසි බස්, නරිවාදම් නිරන්තරයෙන් දෙඩීමෙන් පීචං වූවා හැර වෙන වූවක් නැත, බලවත් ඒකාධිපති රජෙක් වෙන්නත් ඊට සරිලන දැනුම පෞර්ෂය නායකත්ව ගුණය තිබිය යුතුය. එහෙත් කිච පීචං වී පඹයෙකු ගානට වැටී සිටින ග්‍රාම්‍ය බයියකු රටක ඒකාධිපතියකු තියා ග්‍රාම සේවකයෙක් වූවත් සිදු වන්නේ මළ විකාරයකි. එහෙව් ග්‍රාම සේවකයකු රටේ ජනාධිපති කර ගැනීමේ පල විපාකය අද රටටම අත් විඳින්නට සිදුව තිබේ යැයි ඒ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ වුන්ම කියන විට තත්වය කෙතරම් සොචනීයදැයි වටහා ගත හැක.

ඉතිං තවත් පච නොවී බයිලා නොගහා අදම හෝ ගෙදර ගියා නම් අඩු ගානේ පොඩි නම්බුකාර කමක් ගැනවත් ඉතිහාසයේ ලියවා ගැනීමට ඉඩක් හදා ගත හැකිව තිබිණි. වටේ ඉන්නා ගොබ්බ උපදේශකයන් ඊටවත් ඉඩක් හදා දෙන බවක් පෙනෙන්නේ නැත.

Last modified on Sunday, 14 January 2018 15:09

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us