මෛත්‍රී දැන් මේ විගඩම් හොඳටම ඇති.. අපිට පව් නොදී ගෙදර යන්න.! Featured

Published in පුවත්
Sunday, 14 January 2018 21:01

රාජපක්ෂලාගේ ම්ලේච්ඡ පවුල් පාලනය පෙරලා දැමීමට මේ රටේ සිහිබුද්ධියක් ඇති මිනිස්සු තීරණය කළේ ආයෙත් ඒ මජර සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික තත්වයන් එලෙසම තියා ගන්න නොවෙයි. වඩා ශිෂ්ඨ සම්පන්න යුගයක් වෙනුවෙන්.. පැවැති අසික්කිත ආකල්පවලට හුරුවෙලා හිටපු මිනිස්සු එතැනින් එළියට ගෙන මේ රට වඩා යහපත් තැනක් කරන්නටයි.

එහෙත් එදා ඔයාව පොදු අපේක්ෂකයා කරගෙන ජනාධිපති පු‍ටුවේ වාඩි කළේ ඔයාට ඒ වැඩේ කරන්න පුලුවන් කියලා කිසිදු විශ්වාසයක් ඇතිව නෙවෙයි. ඒක ඔයා වගේ ගමේ බයියෙකුට කරන්න බැරි බව කවුරුත් දැන ගෙන හිටියා.. මොකද ඔයාගේ චින්තනෙත් අර මහින්දගේ චින්තනේට වඩා නොවෙනස් බව රට්‍ටු දැන ගෙන හිටියා..ඔයාගේ ප්‍රශ්නය උනේ අගමැතිකම නොලැබීම. බල ලෝබය... ඒ අර්බුදය වාසියට අරගෙන තමයි ඔයාව එතනින් එලියට අරගෙන ඒ මජර පාලනය බිඳලා දැම්මෙ..

ඒත් ඔයා හිතුව ඔයා තමයි පොර කියලා..ඒ වැරදි සිතුවිල්ල දැන් දිගටම වැඩ කරනවා.. මහින්දගේ පිස්සුව ඔයාටත් දැන් හරි ගානට මෝරලා තියෙන්නේ...ඒ දැන් ඉතාම පැහැදිලියි. අපිට වැරදුන තැන අර දින සීයෙදීම ඔය විධායක් පු‍ටුව කඩල විසිකරන්න බැරි වෙච්ච එක. ඒ හිතේ අමාරුවෙන්ම ඔයාව ඔතනට ගේන්න මහන්සි වෙච්ච සොබිත හාමුදුරුවොත් මියැදුනා.. කිසි විලි ලැජ්ජාවක් නැතුව ඔයා ඒ දේහය ඉස්සරහටත් ගිහින් කිව්වනේ ඔය පු‍ටුව කඩලා විසි කරනවා කියලා..

කමක් නෑ.. ඒත් අඩුම තරමින් ඔය අවුරුදු 5 වත් ඉඳලා එක කඩලා දාන්න ඔයා කැමැත්තෙන් හිටියානම්.. ඒත් දැන් සෙට් වෙන්න 2025 වෙනකම්වත් මේක අල්ලගෙන ඉන්න..ඒක මහ කැත වැඩක්.. ශිෂ්ඨ වැඩක් නෙවෙයි..කැතයි .නින්දිතයි ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන වැඩක්.

ඒකත් පැත්තක තියමු . තමන්ට ශිෂ්ඨ සම්පන්නකම කියන්නෙ මොකක්ද කියලා තේරෙන් නැත්නම්. ඒක දන්න මිනිස්සුන්ට ඒ වැඩේ කරගෙන යනන් ඉඩ දෙන්න තිබ්බ.. ඒත් ඔයයි ඔයා වටේ තියාගෙන ඉන්න හොර තක්කඩියන් ටිකයි ..ඔයාගේ ජාතියේ ගමේ බයියෝ ටිකකුයි එකතුවේලා මොකක්ද කළේ.. අර මහින්දගෙම චින්තනය ගේන්න හදනවා... ඒ අශිෂ්ඨ පාලනයම ආපහු ගෙනියන්න හදනවා...

එකට උදාහරණ නම් ගොඩාක් තියෙනවා පෙන්වන්න... ඒත් මේ කියන්නෙ ඔයා අද කරපු ගොං කතාව ගැනයි.. ඒ අර ඊයේ පෙරේදා මංගල ඇමැතිවරයා සුරාබදු ආඥා පනත වෙනස් කරලා අශිෂ්ඨ නීතියක් වෙනස් කළා..වැඩිහිටි කාන්තාවන්ට මත්පැන්හල් වලින් මත්පැන් මිළදී ගැනීමට සහ එම වෙළඳහල්වල සේවය කිරීමට තිබු තහනම ඉවත් කිරීම කළා..අද (14) ඔයා ඒක අවලංගු කළා.. මහා ලොකු වීරකමක් කළා වගේ... ඒක වීර කමක් කියල හිතන එක ඔයාගේ අයිතියක්. ඒත් එක තමන්ගේ තියෙන අර අශිෂ්ඨ ආකල්ප එළියට පැනීමක්. ලෝකයට මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක් බව පෙන්නුවාට ඔයා කළේ කාන්තා විරෝධී කැත වැඩක්.

ඔයාට අයිතියක් නෑ කාන්තාවන්ට ඒ අයිතිය අහෝසි කරන්න..එකම කරුණකට පිරිමින්ට ඒක අයිතියකුයි.. කාන්තාවන්ට තහනමකුත් ක්‍රියාත්මක වෙන්න බෑ... එහෙම උනාම කියන්න වෙනේ...ලිංගිකත්වය අනුව එක ජන කොටසක් පහත් කොට සැලකීම කියලා..

ඔයාට මතකද දන්නෙ නෑ ගිය අවුරුද්දේ ඔයා අත්සන් කළා ' ශ්‍රීලංකා මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය සඳහා වූ ජාතික ක්‍රියාකාරි සැලස්ම -2017 ' කියලා ලේඛනයකට...අපි ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් වලට ඉහළින්ම ගරු කරන බවත් ඒවා ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී ඉන්න බවටත් ලෝකයට දැනුම් දීමට තමයි ඒක කළේ.. ඒක හරහා තමයි අපිට ජාත්‍යන්තරයෙන් එල්ල වෙලා තිබූ තහංචි වලින් ගැලවෙන්න ඉඩක් හැදුනේ. ඔයා ජාත්‍යන්තර වීරයෙක් උනෙත් මේවා නිසා.....

ඒ ලේඛනයේ 14 වෙනි පි‍ටුවේ තියෙනවා ' සමානාත්මතාවය( හරයාත්මක්, සමනාත්මතාවය ඇතුළුව) සහ වෙනස් ලෙස නොසැලකීම තවුරු කිරීම. කීයලා කොටසක්. ඒකෙදි කිව්වෙ ස්ත්‍රීපුරුෂ භාවය, ජාතිය , ජනවර්ගය,ආගම, කුලය , උපන් ස්ථානය, ලිංග බේද අනන්‍යතාවය, ආබාධිත බව ඇතුළුව තහනමට ලක්වීමේ පදනම මත, වෙනස් ලෙස නොසැලකීම සඳහා අයිතිය ගැන තිබෙන අවුල් තැන් ටික හදනවා කියලා. ඒ වෙනුවෙන් රටේ නීති රීති වෙනස් කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඒ ලේඛනයෙම 51 වෙනි පි‍ටුවේ තියෙනවා ' කාන්තාවන්ට වෙනස්ව සලකනු ලබන ඒකකාරි ක්‍රම පි‍ටු දැකීම (Gender stereotyping) කරනව කියලත්.   ඉතිං මේ මාස ගනනට ඒවා ඔයාට අමතක වෙලා...විධායක ජනාධිපතිධුරය වෙනස් කරනව කියලා අමතක වීම ගැන පුදුමයකුත් නෑ තමයි.

හොරිකඩ කහකඩයො ටිකකුයි ඔයාගේ අර මීඩියා එකේ ඉන්න හුජ්ජ කොලු කුරුට්ටොයි එක්ක එකතු වෙලා දැන් ඔයා කළේ මේ රටේ කාන්තාවන් පහත් කොට, වෙනස් කොට සැලකීම කියන එක කියලා ඔයාට කෙසේ වෙතත් සිහි බුද්ධියක් තියෙන ඕන කෙනෙකුට තේරෙන්න ඔන.. ඒත් ඔයාලගේ ඔය තියෙන කැත පිරිමි ආකල්ප නිසා ඒක එච්චරටම තේරෙන දෙයක් නෙවෙයි. ජයන්ති, ගෙදරට වෙලා බත් තම්බ තම්බ දෙන එක හරි.. ඔයාගේ ළමයි වැදුව එකයි.. ගෙදර වාල් කම් කරපු එකයි.. තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය.. ඒක හරි තමයි කියලා.. රටේ ආදර්ශය වෙන්න ඔනෙ කියල හිතන එක අවුලක්.. ඔයාට ගෙදර ගෑණු විඳින පීඩාව නොපෙනන කොට රටේ ගෑණුන්ගේ ප්‍රශ්නය තේරෙන්න විදිහක් නෑ.. ඒක ඇත්ත..

ඒත් ඔයා රටේ ජනාධිපති.. ඔයාට ශිෂ්ඨ සම්පන්න වෙන්න බැරිනම් ඒ වැඩේ කරන එකාට හරි ඉඩ දෙන්න ඕන..අපි හිතමු.. ඔයා වෙන ගෑණු ඇසුරු කළා කියලා..ඒත් ඔයා රටේ පිරිමින්ට කියන්නෙ නෑනේ උඹලත් වෙන ගෑණු පස්සෙ පලයන් කියලා..එහෙම තමයි..මිනිස්සුන්ට පෞද්ගලිකත්වයක් කියලා දෙයක් තියෙනවනේ.. ඒක ඔයාට වගේම අනිත් මිනිස්සුන්ටත් එහෙමයි.. ගෑණු බොන්න කැමති නම් ඒක වලක්වන ඔයාට අයිතියක් නෑ... අනික මේ කියන්නේ අමුතුවෙන් බොන්න කියලා නෙවෙයිනේ.. බාර් එකට ගිහිල්ල බඩු අරං එන්න තියෙන අයිතිය ගැන...බොන ගෑනු කොහොමත් බිව්ව. පිරිමියෙක්ව වදෙන් පොරෙන් හරි කඩේ යවල.

ඔය පන්සල්වල ඉන්න කහඩයො බොන්නෙ නැද්ද....නෑ බොනවා.. ඇබිත්තයාව හරි වෙන කාව හරි දායකයෙක්ව කඩේ ඇරලා ගෙන්වා ගන්නවා.. ඒවා වෙනවා මේ රටේ..ඒවා ප්‍රශ්න නෙවෙයි.

ප්‍රශ්නය තියෙන්නෙ ඒ අයිතිය වැලක්වීම ගැනයි.. ඉතිං ආයෙත් කියන්න තියෙන්නේ ඔයා ඔය විධායක බලතල පාවිච්චි කරලා කළේ කැත වැඩක් කියලා තමයි. ඉස්සරහටත් මේ වගේ තව කැත වැඩ ඔයා කරයි.. මොකද යන්නෙම අර මහින්ද ගිය පාරෙම හින්දයි... ඉතින් මේ ආදරයෙන් කියන්නේ, ඔයාට ශිෂ්ඨ වෙන්න බැරිනම් අපට පව් නොදී ගෙදර යන්න කියලයි... නැත්නම් අර මහින්දයාව එලෙව්ව වගේ නින්දිත විදිහට තමයි ඔයාටත් ගහල පන්නන්න වෙන්නේ... හොඳේ....

Last modified on Sunday, 14 January 2018 21:09

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us