හේමසිරිගේ ඔලිම්පික් බූදලයේ ගසා කෑම හෙළිවෙයි

Published in පුවත්
Thursday, 08 February 2018 09:07

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ 2013 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදුකරන ලද මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිදරව් වී ඇති අතර ජාතික ඔලිම්පික් කමිටුවේ (එන්.ඕ.සී.) 75වැනි සංවත්සරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 52ක්ද එන්.ඕ.සී. යේ සාමාජික සංගම් අතර බෙදා දීම සඳහා තවත් රුපියල් ලක්ෂ 23.5ක්ද වශයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) විසින් 2013 වසරේදී දෙන ලද මුදල්වලට සිදුවූයේ කුමක්ද? යන්න විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර ඇති මූල්‍ය අක්‍රමිකතාවන්ගේ ප්‍රධාන කරුණු අතර වෙයි.

එනම් එකී විගණන වාර්තාවේ 4.1 ඡේදයේ (ඇ) වගන්තිය යටතේ "සාමාජික සංගම් අතර බෙදාදීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් එවන ලද රු. 2,350,000.00ක් වූ අරමුදල සමාලෝචිත වර්ෂය තුළදී අදාළ සංගම්වලට ලබාදී නොතිබිණි" යනුවෙන් සඳහන් කර ඇත. තවද 4.2 ඡේදයේ මතභේදයට තුඩුදෙන ගනුදෙනු යටතේ "2012 වර්ෂය තුළ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ 75 වැනි සංවත්සරයට සමගාමීව රුපියල් ලක්ෂ 52ක මුදලකට සමරු පොත් 2000ක් මුද්‍රණය කර සැපයීමේ කාර්යයට ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව පෞද්ගලික ආයතනයක් තෝරා ගෙන තිබුණු අතර ගිවිසුමකට එළැඹීමකින් තොරව කොන්ත්‍රාත්තුව පිරිනමා තිබිණි. එම කාර්යය සඳහා 2013 සැප්තැම්බර් මස 30 දින කොන්ත්‍රාත්තු වටිනාකමින් සියයට 50ක අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂ 26ක් ගෙවා තිබිණි. 2016 සැප්තැම්බර් මස 30 දින වන විටත් එම කාර්යය ඉටුකර ගෙන නොතිබූ අතර අත්තිකාරම් මුදල වූ රුපියල් ලක්ෂ 26ක මුදලද අදාළ කොන්ත්‍රාත්කරුගෙන් අයකර ගෙන නොතිබිණි" යනුවෙන් සඳහන්ය.

තවද 2013 වසරට අදාළව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලද ගිණුම්කරණ අඩුපාඩු අනුව සමාලෝචිත වර්ෂය සදහා ලැබිය යුතු ස්ථාවර තැන්පත් පොලී ආදායම රුපියල් 25,137.00ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබීම, විදේශ ගමන් වියදම් වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළදී සත්කාරක රටවල් දෙකකින් ප්‍රතිපූර්ණය කර ගතයුතු එකතුව රු. 2,659,740.00ක් කලින් ගෙවීම් ලෙස ගිණුම් ගතකර තිබීම යන කරුණු සිදුවූ බවට පෙන්වා දී ඇත. එසේම එම වාර්තාවේ 2.3 ඡේදයේ නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම යන සිරස්තලය යටතේ 2.3 (අ) වගන්තියේ "1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 19 වැනි වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයා විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රියාකාරිත්වය සහ යුතුකම් පිළිබඳ නියෝග පැනවිය යුතු වුවද කමිටුවේ ක්‍රියාකාරිත්වය හා යුතුකම් සඳහා අත්‍යවශ්‍ය ගිණුම්කරණ කටයුතුභාවය හා නිලවරණය වැනි කටයුතුවලදී අදාළ නියෝග පනවා නොතිබිණි." යනුවෙන් සඳහන්ය. තවද එම ඡේදයේම (ආ) වගන්තිය යටතේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 757 (2) ප්‍රකාරව භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර ඇති බව දන්වා තිබුණද එම වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබූ බවයි.

කෙසේ වෙතත් ඉහත කී 2.3 (අ) වගන්තියට අනුව එන්.ඕ.සී. ය මෙරට ක්‍රීඩා නීතියට යටත් ආයතනයක් බව විගණකාධිපතිවරයාද පෙන්වා දී ඇති අතර 2013 විගණන වාර්තා අනුව විදේශ ගමන් වියදම් සඳහා සත්කාරක රටවලින් ලැබුණු මුදලට වඩා රුපියල් 1,203,217.00ක මුදලකුත් ව්‍යාපෘති ක්‍රියාකාරකම් 5ක් සඳහා අයි.ඕ.සී.යෙන් ලබාදුන් මුදලට වඩා රුපියල් 3,258,076.00ක් එන්.ඕ.සී. යේ අරමුදලින් ගෙවීම් කර තිබූ බවද හෙළි කර ඇත.

මව්බිම

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us