ආණ්ඩුව අසමත් නැත. රාජපක්ෂලාට ඉඩදිය යුතු නැත. Featured

Published in පුවත්
Sunday, 11 February 2018 15:54

පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිපලය ගැන ආණ්ඩු විරෝධී නූගත් හෙංචයියන්ගේ සිට නිර්මාල් දේවසිරී වැනි දාර්ශනික කතා කියවන විශ්ව විද්‍යාල ආචාරිවරු දක්වා එකම බෝට්ටුවට වී පිස්සු කතාවක් කියමින් සිටී.. ඒ මෛත්‍රී, රනිල් දැන් ඉවත් විය යුතු බවයි.. මහින්ද රාජපක්ෂ මහා ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබෙන නිසා ආණ්ඩුව රාජපක්ෂලාට බාර දිය යුතු බවද කියැවෙයි.

මැතිවරණ ප්‍රතිපලයෙන් ආණ්ඩු විරෝධි අමුතු ජනවරමක් රාජපක්ෂලාට ලැබී ඇති නිසා මේ බලයේ සිටින අය දැන් ගෙදර යායුතු බව මේ අවස්ථාවාදී කාලකන්ණින්ගේ අඳෝනාවය. මහින්ද රාජපක්ෂ පාර්ශ්වය මෙන්ම රටේ බහුතරයක් ද වේලාසනම බලාපොරොත්තු වූයේ පොහොට්‍ටුව , ශ්‍රීලනිපයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ගනු ඇති බවත් එජාපය හා කරට කර තරගයක් දෙනු ඇති බවත්ය.. සිදුව තිබෙන්නේ එය මිසක් වෙන ප්‍රාතිහාරයක් නොවේ. එහෙත් පොහොට්‍ටුවට එජාපය අබිබවා යම් වැඩි ඡන්ද ප්‍රමාණයක් බොහෝ දිස්ත්‍රික්ක වලින් ලැබී තිබේ. එය අනපේක්ෂිත ලෙස තරමට වඩා ඉහළ ගිය අගයක් සේ පෙනෙන්නට තිබේ. වැඩි පළාත්පාලන ආයතන ප්‍රමාණයක් දිනා ගෙනද තිබේ.

දැන් ප්‍රශ්නය තියෙන්නේ මේ පොහොට්‍ටුවේ ජයග්‍රහණය මත රනිල්ට මෛත්‍රීට ඉවත්වෙන ලෙස කරන බලපෑමය. දේශපාලනය යනු කුමක්දැයි නොදන්නා  මෝඩයන්ට මේක මාර ප්‍රකාශයකි. මාර ‍රැඩිකල්ද විය හැකිය.

මෙහිදී හිතා මතා අමතක කරනු ලබන කාරණය නම් මෙම මැතිවරණය කැඳවීමට පෙර රටේ පළාත් පාලන ආයතනවල බලය හෙබවූයේ කවුද ? එයාලා කළේ මොනවද?  2015 ජනාධිපතිවරණයෙන් රාජපක්ෂලා ගත්තු ඡන්ද සංඛ්‍යාව හා සැසදීමේදී මෙවර ලබා ඇති අමුතු ජයග්‍රහණයක් නැත.

අනෙක් විකාරකාරණය රාජපක්ෂලාට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් කටයුතු කිරීම පමණක් නොව ඔවුන්ට එරෙහිව දේශපාලනිකව අභියෝග නොකර මේ රටේ දේශපාලනය කිරීමට වඩා නිදහස් අවකාශයක් නිර්මාණය කරදීමට කටයුතු කළ පිරිස රාජපක්ෂලාගේ ජයග්‍රහණයෙන් පසුව අපි ඉවරායි ගාගෙන නහයෙන් ඇඬීමය. රාජපක්ෂලාගේ ජයග්‍රහණය නිසා දැන් ඔවුන් සමඟ අත්වැල් බැඳ ගතයුතු බව කියන ජනවාරි 08 විප්ලවයේ අයිතිකාරයන් සේ පෙනී ඉඳිමින් ආණ්ඩු වරප්‍රසාද බුක්ති විඳිමින් සිටි තක්කඩියද වේ.

ජනවාරි 08 වනද රාජපක්ෂලාව ගෙදර යැව්වේ සේතු සාධක රැසක් නිසාය. රාජපක්ෂලා රටට කෙරූ විනාශයෙන් රට බේරාගැනීමේ මුලික අභිලාශය පවත්නා ආණ්ඩුව විසින් සිදු කළේය. එහෙත් ඒ විනාශයට මූලික වූ විෂබීජය තවමත් විනාශ නොවී පවතින බව මෙම මැතිවරණ ප්‍රතිපලය සාක්ෂි සපයයි..

දැන්වත් විය යුත්තේ ඒ මේ මජර ජාතිවාදී විෂබීජය මුලුනුපුටා දැමීමට කටයුතු කිරීමය. එහෙත් ඒ තවත් වසුරු කොන්ත්‍රාත්කාරයන් පොෂණය කරන නාස්තිකාර ව්‍යාපෘතීන් නොවිය යුතුය.  එසේ නොකර රාජපක්ෂලාට බයේ  නැවත රට බාර දී පලා යෑමට මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරනවා නම් .. සාමාජීය වහරෙන් ඔහුව හැඳින්විය හැක්කේ  'පොන්නයා' කියාය. මෛත්‍රීට සිදු වුණේ තමන් වටා සිටින ගොබ්බ තක්කඩි  උපදේශකයන්ගේ ලණු කා ස්වයං විනාශයකට ගොදුරු වීමය. දැන්වත් තමන් කවුද / තමන්ව රටේ ජනතාව බලයට ගෙනාවේ කුමකට ද යන්න තේරුම් ගෙන ජනවාරි 08 ජනතා අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටී කොන්ද කෙළින් තබා ගැනීමට ඔහු සමත්වන්නේ නම් මේ ඉදිරි අවුරුදු දෙකත් ජනතාවගේ වීරයාවන්නට ප්‍රමාණවත්ය.එජාපයේ සම්මුතික සහය ඊට ලැබිය යුතුය.

රාජපක්ෂලාගේ ඊනියා ජයග්‍රහණයෙන් ඇස් නිලන්කාර කරගෙන උනුන් හා සංවාසයට යෑමට තකතීරු තීන්දු අරගෙන ඉතිහාසයේ දේශපාලන පොන්නයන් බවට පත් නොවී නපුරට එරෙහිව සටන්කර  පරාජයට පත් වූවත් එය නම්බුකාරය.  ජනවාරි 08 වන දින රටේ ජනතාව අනුමත කළ පොරොන්දු පත්‍රය ක්‍රියාවට නැගීම දැඩිවත් කඩිනමිනුත් සිදු විය යුතුය. ඒ වෙනුවෙන් පෙල ගැසුනු 62 ක ජනතාවක් සිටී. බියවීමට හේතුවක් නැත. මෙවර මැතිවරණ ප්‍රතිපලයෙන්ද එම ප්‍රගතිශීලී බලවේග නොසැලී සිටින බව සාක්ෂාත් කර තිබේ.  අවශ්‍යවන්නේ  ඒ සෘජු නායකත්වයයි.

2011

Last modified on Sunday, 11 February 2018 18:28

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us