රනිල් පරාදයි කියන අයට මහින්දගේ පරාජය ගැන ඇත්ත කතාව Featured

Published in පුවත්
Sunday, 11 February 2018 20:23

මෙවර පළාත්පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයකට ලක්ව තිබෙන බවට ගෙන යන ප්‍රචාරයන් හී කිසිදු සත්‍යතාවයක් නොමැති බව දේශපාලන විචාරක මතයයි.

එජාපය තමන්ගේ ඡන්ද පදනම ආරකෂා කර ගනිමින් වැඩි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන බව මෙවර ඡන්ද ප්‍රතිපලයෙනුත් පෙනී යන බව පෙන්වා දෙන ඔවුන් ,පැහැදිලිවම පරාජය වාර්ථා කරගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බව ද පවසයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපළය සංසන්දනය කළ යුත්තේ අවසන්වරට පැවැති පළාත්පාලන මැතිවරණය සමඟය. ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී එසේත් නැත්නම් පළාත් සභා මැතිවරණයකදී ලබා ගත් ප්‍රතිපළ හා මෙය සංසන්දනය කිරීම පළක් නොමැති දෙයකි. එසේම ඒ ඒ මැතිවරණ වලදී ඡන්ද දායකයන්ගේ හැසිරීම ඒ මැතිවරණ වලට සාපෙක්ෂව වෙනස් මුහුණුවරයන් ගන්නා නිසාය.. සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිම ප්‍රතිශතයක් ඡන්ද පාවිච්චි කරන්න යොමු වන්නේ ජනාධිපතිවරණයකදී වන අතර අඩුම ජන අවධානයක් යොමු වන්නේ පළාත් පාලන මැතිවරනයේදීය. මෙවර පළාත් පාලන මැතිවරණයේදි වෙනදාට වඩා තරමක් ඉහළ ප්‍රතිශතයකින් ඡන්ද දායක සහභාගිත්වයක් තිබුණද ඒ පසුගිය මහ මැතිවරණයට වඩා අඩු ප්‍රතිශතයකි.

මහින්දගේ පරාජය

කෙසේ නමුත් අවසන් වරට 2011 වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදි මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ලබාගත් ජයග්‍රහණය මෙවර රැක ගැනීමට හැකියාව ලැබී නැත . ලැබූ සමස්ත ඡන්ද ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩි වී ඇත්තේ සුළු වශයෙනි. එය මෙවර සමස්ථ ඡන්දදායකයන් ප්‍රමාණය (මිලියන15.8 ) ලක්ෂ 20 කි පමණ වැඩිවී තිබියදී  සැලකිය යුතු තරම් නොවන්නේය. මහින්ද  2011 දී  ඡන්ද 4,821,203  (56.45 %)  ක් ලැබූ අතර එය මෙවර 5,018,198 කි. (45.31% කි.) ප්‍රතිශතාත්මකව බැලු මහින්දගේ පසුබෑම කැපී පෙනෙයි.

2011 සිට අලුත් ඡන්ද දායකයන් ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයක් ලියා පදිංචි වී ඇති තත්වය යටතේ මෙය දැවැන්ත පසුබෑමකි. ජයග්‍රහණය මැනිය යුත්තේ දිනා ගන්නා ආයතන ප්‍රමාණයෙනි. එ අනුව පළාත් පාලන ආයතන 270 ක් 2011 වසරේදී රාජපක්ෂවරු ජයග්‍රහණය කර තිබේ. එහෙත් ඒ මෙවර 239 කි .ආයතන 31 මහින්ද  අහිමිකර ගෙන තිබේ. එමෙන්ම මෙහිදී අනෙක් වැදගත් කරුණ නම් මහින්ද ජයග්‍රහණය කළ ආයතන් 100 කට වඩා බහුතරර බලය පවතින්නේ අනෙක් පාර්ශ්ව සතුවය. මේ නිසා මෙම ආයතන වල ආණ්ඩුබලය පවත්වාගෙන යෑම මහින්ද රාජපක්ෂ කණ්ඩායමට අසීරු වනු ඇත.

රනිල්ගේ ජය

2011 වසරේදී එජාපය ලැබුවේ ඡන්ද 2,710,222 (31.73%)කි. මෙවර එය 3,621,338 (32.23%) දක්වා වැඩි කර ගැනිමට සමත්ව ඇති අතර 2011 දී ආයතන 9 ක පමණක් තිබූ බලය මෙවර මහ නගර සභා 10 ක් ඇතුලුව ආයතන 42 ක් දක්වා වැඩි කර ගෙන තිබේ. මෙය විශාල වර්ධනීය තත්වයකි.  දැන් මහින්දගෙන් වහන්න හදන්නේ මේ  ජයග්‍රහණයයි.

මෛත්‍රීගේ නායකත්වයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය ආයතන 07 ක් දිනා ඇත.

දිනා ගත් සභිකයන් සංඛ්‍යා ගැන සංසන්දනය කිරීමක් කළ නොහැක. මන්ද මෙවර එම ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩි කිරීමට නව මැතිවරණ ක්‍රමය විසින් සකසා ඇති බැවිනි.

මෙහිදී 2011 හා සංසන්දනය කිරීමෙන් එජාපය මෙන්ම  ජවිපෙ ද සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව සැඟවිය නොහැක.

එසේම 2015 වසරේ  ජනාධිපතිවරණය හා සැසදීමේදී මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය එකතුව ලබාගත් ඡන්ද සංඛ්‍යාව මෙවරත් ආරක්ෂා වී වැඩි අගයක් ගෙන පවතින අතර මෙහිදී ද මහින්ද පරාජය වී තිබේ.


මේ අනුව එජාප නායකත්වය වෙනස් කළ යුතු යැයි කියමින් ස්වයං වින්දනයක යෙදෙන් වුන්ට අතේ අමාරුව හදාගැනීමේන් පමණක් ඒ කටයුත්ත නිම කිරීමට දැන් කාලය පැමිණ ඇත.

2011

 

Last modified on Monday, 12 February 2018 09:45

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us