කිලී - මරා කුමන්ත්‍රණ මාට්‍ටු.. ශ්‍රිලනීප පිරිසක් දොට්ට..පොහොට්‍ටුවෙත් පෙති ගලවයි! Featured

Published in පුවත්
Saturday, 17 February 2018 21:56

මහින්ද රාජපක්ෂගේ පොහොට්‍ටු කණ්ඩායම ලබාගත් ඊනියා ජයග්‍රහණය ආපස්සට හරවා පොහොට්‍ටු කණ්ඩායම සීසීකඩ කිරීම සඳහා එජාප හා ශ්‍රීලනීප ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතින බව ශ්‍රීලනීප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පළාත්පාලන මැතිවරණය ප්‍රතිපලයෙන් පසුව ඇති කළ දේශපාලන ගැ‍ටුම් මධ්‍යයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව ආරක්ෂා කරන මුවාවෙන් ඔහුව දේශපාලනික වශයෙන් විනාශ කර දැමීම සඳහා ශ්‍රීලනීප මෛත්‍රී පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින රාජපක්ෂ බත් බැලයන් හඳුනාගැනීමට හැකිවීම හා එම කුමන්ත්‍රණකාරී සැලසුම් ගැන තොරතුරු අනාවරණය වී තිබේ. එම කුමන්ත්‍රණකාරීන්ව ආණ්ඩුවෙ ඇමැති තනතුරු වලින් ඉවත් කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. 

 මේ අතර පළාත්පාලන මැතිවරණ ප්‍රතිපළ පදනම් කරගෙන අගමැති රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත්කිරීම සඳහා කිලී මහරාජා සහ ජනාධිපති උපදේශකයන් විසින් නිර්මාණය කෙරුණු ව්‍යාජ දේශපාලන අර්බූදය හෙලිවූ අතර  මේ වනවිට එම අර්බුදය සමතයකට පත්ව තිබේ. ඒ අනුව ලබන සතියේ සුපුරුදු ලෙස සම්මුතික ආණ්ඩුව ක්‍රියාත්මක වෙනු ඇත. එසේම නව ප්‍රතිසංස්කරණයක් කිහිපයක්ද සිදුවනු ඇත.

රාජපක්ෂ කණ්ඩායම දිගින් දිගටම උත්සහ කළේ මේ අර්බුධය දඩමීමා කරගෙන තමන්ගේ පාර්ශ්වයේ වාසිය සඳහා යොදා ගැනීමටය.

බුද්ධි අංශ විසින් ලබා දී තිබෙන තොරතුරු අනුව නව ආණ්ඩුවක් පිහි‍ටුවා. එය නිශ්චිත මොහොතකදී පරාජය කිරීමත්, ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමත්, ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් ඉදිරිපත් කර ඔහුව තනතුරෙන් නෙරපා හැරීමටත් , එසේත් නොමැති වුවහොත් රට අරාජික වන්නට ඉඩ හැර ඒ සියලු වරද ජනාධිපතිවරයා පිට පටවා ඔහුව අපකීර්තිමත් රාජ්‍ය පාලකයකු ලෙස හන්වඩු ගසා ඉවත් කිරීමත් ආදී වශයෙන් සැලසුම් ගනනාවක් රාජපක්ෂ කණ්ඩායම තුල සාකච්ඡාවට ලක්ව තිබේ. මහින්ද රාජපක්ෂගේ ඒකායන බලාපොරොත්තුව වන්නේ ඉදිරි වසර දෙක තුලදී රාජපක්ෂවරුන්ට එරෙහිව ඇති චෝදනාවලින් නිදහස් වීමත් මෛත්‍රීපාල සිරිසේනව දේශපාලනික විනාශ කර දැමීමේ අපේක්ෂාව පමණි.

විශේෂයෙන්ම යොෂිත රාජපක්ෂට ඇති චෝදනාවන්ගෙන් ඔහුව නිදහස් කර ගැනීම ගැන පසුගියදා ජනාධිපතිවරයා රහසිගතව මුණගැහුනු රාජපක්ෂ කණ්ඩායමේ ප්‍රබලයකු සාකච්ඡා කර තිබූ බවද වාර්තා විය. මේ අනුව ඉදිරියේදී රාජපක්ෂ කණ්ඩායම බෙලහීන කිරීමේ කටයුතු කඩිනම් කෙරෙනු ඇති බව ශ්‍රීපනීප ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

විශේෂයෙන්ම රාජපක්ෂ පවුලට එරෙහිව ඇති චෝදනා විමර්ශනය කඩිනම් කර නීතිය ක්‍රියාත්මක කිරීම වඩාත් ප්‍රමුඛ කටයුතක් ලෙස සිදු කෙරෙනු ඇත. එමෙන්ම එම කණ්ඩායම තුල සිටින දැනටමත් ජනාධිපතිවරයාට සමීපව කටයුතු කරන පිරිස ආණ්ඩුවට එක කර ගැනීමත් සිදු වනු ඇත. රාජපක්ෂ කණ්ඩායම පලාත් පාලන ආයතන 239 ක් දිනා ගත්තා යැයි කීව ද ඔවුන්ට තනි ආණ්ඩු පිහි‍ටුවා ගත් හැක්කෙ 140 කට ආසන්න ප්‍රමාණයක් වන නිසා බහුතර ආයතන ප්‍රමාණයක බලය එජාපයට හා ශ්‍රිලනීපයට හවුලෙ පිහි‍ටුවා ගැනීමේ හැකියාව තිබේ. එසේම පොහොට්‍ටුවෙන් ජයග්‍රහණය කර ඇති පිරිසෙන් විශාල පිරිසක් කිසිදු දේශපාලන මතයක් නොදරණ එහෙන් මෙහෙන් අහුලා ගත් සාමාන්‍ය පුද්ගලයන් වන අතර එම පිරිස ආණ්ඩුවට දිනා ගැනීමේ පහසු හැකියාවක් ද තිබේ.

පළත් පාලන මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ රාජපක්ෂවරුන්ගේ උත්සාහයට අනියමින් සහය පළ කළද මේ වන විට එවැනි දේශපාලන උපක්‍රමයක් අනුගමනය කිරීමේ දේශපාලනික වැදගත්කමක් එජාපයට නොමැත. එජාපයට ඉදිරියේදී අභියෝගයක් වනුයේ රාජපක්ෂගේ පොහොට්‍ටු කණ්ඩායමම වන නිසා එම කණ්ඩායම දේශපාලනිකව නිශ්ක්‍රීය කර දැමීම එජාපයේද අරමුණ වනු ඇත. මේ අනුව ශ්‍රීලනීපය, එජාප සහය ඇතිවම මෙම මෙහෙයුම ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ඇත.

රාජපක්ෂ කණ්ඩායම තව දුරටත් ආණ්ඩුව අර්බුදයකට ලක්වන ආකාරයෙන් මාධ්‍ය උපයෝගී කරගෙන කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළද එළඹෙන සතිය වන විට එම කණ්ඩායම තුල විශාල අර්බුද හට ගැනීම් සිදුවනු ඇත. පළාත්පාලන ආයතන තනතුරු හා ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීම ගැන දැනටමත් ගැ‍ටුම්කාරී තත්වයක් හටගෙන තිබේ. ඒ සියල්ල බැසිල් රාජපක්ෂ විසින් තීරණය කරන්නට යෑම නිසා බේරා ගත නොහැකි ගැ‍ටුමක් ද නිර්මාණය වනු ඇත.

Last modified on Saturday, 17 February 2018 21:58

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us