අගමැති රනිල්මය... කිලී - මරා හතර හන්දි කඩාගෙනය. ඒත් තවම උම්බෑ කියයි

Published in පුවත්
Sunday, 18 February 2018 22:43

සම්මුතික ආණ්ඩුව බිඳ වට්ටවා පහත් පටු දේශපාලන හා පෞද්ගලික වුවමනාවන් ඉ‍ටුකර ගැනීමට කිලී මහරාජා සහ මහින්ද රාජපක්ෂගේ පොහොට්‍ටු කල්ලිය සිදු කළ කුමන්ත්‍රණ හෙළිදරව්වී ඔවුන් හතර හන්දි කඩාගෙන සිටියද තව දුරටත් එම උත්සාහයයන් වල නිරත වෙමින් සිටී.

ජනාධිපතිවරයා තමන්ගේ ගොබ්බ උපදේශකයන්ගේ රැවටීම බහට අවනත වී පසුගිය කාලයේ කළ පිස්සු කෙලීම මේ වන විට ඔහු තේරුම් අරගෙන තිබේ යැයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.. එහෙත් කිලී මහරාජාගෙන් එල්ලවන පීඩනය තවමත් එසේම සිදුවෙමින් පවතී. ජනාධිපතිවරයාට මේ පීඩනයෙන් ගැලවීමට නොහැකි වී ඇත්තේ විශේෂයෙන්ම සිරිසේන පවුලේ සහෝදරයන් සහ දුව බෑනා මහරාජාගේ උගුල් වල පැටලී සිටීම නිසා බවද කියැවේ. පවුලේ උදවියගේ ආරක්ෂාව වෙනුවෙන් කර කියා ගන්නට දෙයක් නැති තැනට ජනාධිපතිවරයා පත්ව ඇති බව කියැවේ. පවුලේ සාමාජිකයන්ගේ දැවන්ත මුල්‍ය ගනුදෙනු හා අක්‍රමිකතා හේතුවෙන් මහරාජාට පි‍ටු පෑමට නොහැකිව  ජනාධිපතිවරයා තවමත් සිරව සිටින බව එම ආරංචි මාර්ඟ පෙන්වා දෙයි.

කෙසේ නමුත් මේ තත්වය ගැන අගමැතිවරයා දැනුම්වත්ව සිටි අතර ඔහු සුක්ෂම ලෙස කටයුතු කරමින් එම තත්වයන් පාලනය කිරීමට සමත්ව තිබේ.. අගමැතිවරයා එජාපයේ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා කිලී මහරාජා එජාපයේ කිහිප දෙනෙකු අල්ලාගෙන ගෙන ගිය කුමන්ත්‍රණයද තාවකාලිකව පරාජය කිරීමට අගමැති සමත්ව ඇත.

කෙසේ නමුත් අවසානයේදී අද සවස කතානායකවරයා ද සම්බන්ධ වු සාකච්ඡාවේදී ජනාධිපති සහ අගමැති වත්මන් සම්මුතික ආණ්ඩුව අත්‍යවශ්ය ප්‍රතිසංස්කරණයන් සමඟ දිගටම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. මෙය රටේ ජනතාවගේ වාසනාව නිසා සිදුවූ දෙයක් යැයි කීවාට වරදක් නොමැත.. එසේ නොවුනා නම් රටම අවුලෙන් අවුලට පත් වී යළි අරාජක කාලකන්ණි යුගයක් නිර්මාණය වීමට ඉඩ තිබිණි.

ඒ කෙසේ නමුත් රාජපක්ෂගේ පොහොට්‍ටු කණ්ඩායම හා කිලී මහරාජාගේ බත් බැලයො ටික හෙට සිටම ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙනු ඇත. පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට ඉඩ නොදීමත් මාධ්‍ය හරහා ආණ්ඩුවට එරෙහිව මඩ අවලාද නැගීමත් සිදුවනු ඇත. මේ තත්වයන් යටතේ ආණ්ඩුවට පසුගිය කාලයේ හුරතල් කරමින් සිටි වංචනිකයන්ට අපරාධකාරයන්ට එරෙහි ක්‍රියාමාර්ග ඉදිරියට ගැනීමට අනිවාර්යෙන්ම සිදුවෙනු ඇත. දේශපාලන ගේම් ගැසීම වෙනුවට රට ගැන ජනතාව ගැන හිතා පැහැදිලි දැඩි තීන්දු ගැනිමට සිදුවනුද ඇත.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලය ආණ්ඩුවේ පැවැත්මට කිසි ලෙසකින්වත් හානියක් බලපෑමක් සිදු නොකළ නමුත් අගමැති රනිල් තනතුරෙන් ඉවත් විය යුතු බවට ව්‍යාජ ජනමතයක් සකස් කිරීම කිලී මහරාජාගේ මාධ්‍ය පඩංගු මඟින් සිදු කළ අතර කිලි මහරාජා විසින් නිවාස අඩස්සියට ගෙන සිටි ජනාධිපතිවරයාද තමන්ගේ දැවන්ත පරාජය වසා ගැනීමට එයම පුනරුච්චාරණය කිරීමට පටන් ගැනීම මේ අර්බුධයට හේතු විය. මේ ව්‍යාකූලතාවයෙන් ප්‍රයොජනයට ගත් මහින්ද රාජපක්ෂ විසින්ද  මේ ඇවිලෙන ගින්නට පිදුරු පමණක් නොව පැට්‍රෝල් ද විසි කරමින් පැත්තකට වී බලා සිටියේ තමන්ට වාසියක් වන තුරුය.

මේ තත්වය නිසා රට අරාජක විය. රාජ්‍ය යාන්ත්‍රණය උඩුකුරුඤ්ඤං වී තිබේ. රාජ්‍ය ආයතනවල මහින්ද වාදි කොටස් දැස් නොවසා බලා සිටියේ මහින්දගේ ආණ්ඩුව පිහි‍ටුවන තෙක්ය. අපරාධ චූදිතයෝ ඉන් නිදහස් වීමේ බලාපොරොත්තු දල්වාගෙන සිටිති. ඒ විමර්ශන කටයුතු අඩපණ වී ඇත. නීතිපතියේ ෆයිල් වසා දමලාය. ගමේ අලුත් පොහොට්‍ටු මෙම්බර්ලා කොන්ත්‍රාත් කඩා ගැනිමට පිඹුරු පත් සකස්මින් සිටිති. සිදුවෙමින් පැවති සංවර්ධන කටයුතුද මඟ හිටයේය. ආර්ථිකය අයාලේ යන්නට හැර තිබේ. ඩොලරය ඒ පස්සෙන්ම ඉහළය යමින් තිබේ..මඟට ආ ආයෝජකයෝද ආපසු හැරී යමින් ගියෝය. රට කිසිදු පාලනයකට යටත් නොවී පසුගිය සතිය ගෙවී ගියේය.

මේ අරාජිකත්වය තව වැඩි දවසක් පැවැතුනානම් රට මුලුමනින්ම කඩන් වැටෙනු ඇත. රට විසාලා මහනුවරක් වනු ඇත. මේ තත්වයන් තවදුරටත් ඉදිරියට ගොස් කිලී මහරාජගේ ආසාව අනුව ජනාධිපති මෛත්‍රීපාල විසින් අගමැතිවරයාව ඉවත් කිරීම සිදුවූවා නම් රටට වන අනතුරට මේ කිසිවකුත් වග කියන්නෙ ද නැත.

කිලී - මරා කුමන්ත්‍රණ මාට්‍ටු.. ශ්‍රිලනීප පිරිසක් දොට්ට..පොහොට්‍ටුවෙත් පෙති ගලවයි!

Last modified on Sunday, 18 February 2018 23:18

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us