සිංහල බෞද්ධ ජාතිවාදයේ නායකයා මහින්දය ! Featured

Published in පුවත්
Monday, 05 March 2018 23:57

සිංහල යනු ශුද්ධ වූ ජාතියක් නොවේ. බෞද්ධ යනු ශුද්ධ වූ ආගමක් නොවේ. එහෙත් සිංහල බෞද්ධ යනුවෙන් ජාතිවාදී ආගමික ශුද්ධ වූ සාහසිකයන් පිරිසක් මේ රටේ බිහිවී සිටිති. මේ පිරිසේ උත්තරීතර නායකයා මහින්ද රාජපක්ෂ නම් බොල් සුරුවමය. බොල් සුරුවමක් යැයි කීවේ.. අද ඔහු තුලින් එන්නේ ජීවය සිඳුන බොල් හඬ පමණක් හෙයිනි.

ඔහු වටා සිටි තක්කඩියන් විසින් මහින්ද රාජපක්ෂ නම් දේශපාලඥයා, දේශපාලනික මරණයට පත්කර ඔහුව රාජ්‍යත්වයකට, දේවත්වයකට නංවා සිංහල බෞද්ධයාගේ උත්තරීතර නායකයා බවට පත් කරනු ලැබීය. එදා ශ්‍රීලනිපයත්, ජවිපෙත්, ජාතික හෙළ උරුමයත්, කහකඩයෝ පිරිසකුත් මේ සිදුකරනු ලැබීය. එදා මංගල සමරවීර හා වාමාංශිකයන් යයි කියන පිරිසත් වැටී සිටියේ මේ ගොඩටමය.

2005 දී රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාතිවාදී ඝෝෂාව හැර වෙනත් විකල්පයක් නොමැතිකමෙන් මහින්දට ‍තෝරා ගන්නට සිදුවූයේ මේ සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රකාශනයමය. මෙය කිසිසේත්ම එල්ටීටීඊ ප්‍රභාකරන්ට එරෙහිව යොදාගත්තක් නොවේ. ප්‍රභාකරන් ඝාතනය කිරීම යනු මේ සිංහල බෞද්ධ ජාතිවාදය තමන්ගේ උරුමයක් බවට පත්කර ගැනීම වෙනුවෙන් ගත් කුකුල් බිල්ලකි.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් ඔබ්බට ගොස් තමන්ගේ ඒකාධිපති රෙජීමයේ පැවැත්ම වෙනුවෙන්ද ජාතිවාදය යොදාගන්නා තැනට මහින්ද පාර්ශ්වය පත් විය. කවර හෝ හේතු මත ජවිපෙට, මංගලට, හෙළ උරුමයට මහින්දගෙන් ගැලවෙන්නට සිදුවූ නමුත් මහින්ද පාර්ශ්වයේ ජාතිවාදය එලෙසම විය. යළි සිංහල බෞද්ධ ජාතිවාදය වෙනත් කිසිදු පාර්ශ්වයකට හිමි කර නොදීමටද මහින්ද පාර්ශ්වය වග බලා ගත්තේය. මහින්ද ද එහිම ගොදුරක් බවට පත්ව බොල් සුරුවමක් බවට පත් විය.

රනිල් වික්‍රමසිංහට එරෙහිව අදත් ජාතිවාදයම හැර වෙනත් විකල්පයක් මහින්ද පාර්ශ්වය සතුව නොමැත. සිංහල බෞද්ධ ජාතිවාදය පෝෂණය කරමින් රට ගිනි තබමින් සිටින්නේ ඒ නිසාය.

දෙමළාට එරෙහිව මුසල්මානුවාට එරෙහිව අද රට පුරා ගොඩනැගෙන සිංහල බෞද්ධ ගෝත්‍රික ජාතිවාදී සාහසිකත්වය මහින්දගේ නාමයෙන් පැතිර වූ ම්ලෙච්ඡ ආගමකි. ඒ අදහන බැතිමතුන්ගේ උත්තරීතර නායකයා මහින්දය. මේ අද සිදුකරමින් පවතින විනාශය මේ බැතිමතුන්ගේ නොමද දායකත්වයෙන් සිදුවන්නකි.

රටත් ජනතාවත් සභ්‍යත්වයත් ඔවුන් විනාශ කරමින් සිටී... මෙය ආපසු හැරවිය හැක්කේ මහින්දටම පමණි. නමුත් ඔහු දැන් බොල් සුරුවමකි.

මේ බොල් සුරුවම විනාශ කළ යුතුව තිබේ... ඊට ශිෂ්ඨ සම්පන්න උත්තර නැත... නමුත් ඒ වෙනස් කිරීමට මේ යහපාලනය සමත් නැත. එය දුර්වලය.

අනෙක, රටේ බහුතරයක් ගොබ්බයෝ වන විට යහපාලනයෙන් කොහෙත්ම වැඩක් නැත. ආණ්ඩුවට නොතේරෙන තැන එතනය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us