පාරමි ගැන වැදූ මව කියන කතාව

Published in පුවත්
Tuesday, 16 October 2018 19:53

“ ජයග්‍රහණය පසුපස ඇත්තේ, වාසනාවටත් වඩා කැපවීම බව මේ ක්‍රීඩා ලෝකයේ නොයෙකුත් උදාහරණ අපට කියා දෙන්නේය. එකී උදාහරණ තුළ අප රට තුළම පායා එන තරු ලෝකය ජය ගමින් සිටියි. එවන් වීර යොවුන් කාන්තාවක් අද ලෝකයේම හදවත් දිනාගෙන අවසන්ය. සියලු බාධක මැද කටුක ජීවිතයට අරුතක් ගෙන එන ඇය හලාවත අඹකඳවිල මුහුදු අයිනේ පදිංචි පාරමි වසන්ති මාරිස්ටෙලාය.

දුප්පත්කමින් ගොඩයාමේ ආයුධය ක්‍රීඩාවත්, අධ්‍යාපනයත් බව ඇය ලොවටම කියමින් සිටින්නීය. මෙය කියවන අපිට දැනෙන්නේ ඇත්තටම ඇය දුප්පත්ද යන්නයි. භෞතික පරිසරය දුප්පත් වුවත් පාරමි යනු පිනට උපන් වීර දරුවෙක් බව පාරමිගේ අම්මා වන රීටා මාග්‍රට් ආඩම්බරයෙන් කියා සිටින්නීය.

අධිෂ්ටානය ජයග්‍රහණය නම්, හැකියාව විශ්මිත විය යුතුයි යන්න කියමනක් තිබේ. පාරමිගේ අධිෂ්ඨානය එතරම් බලවත්ය. ඇය තවමත් 17 වියේ පසුවන පාසල් ක්‍රීඩිකාවකි. ක්‍රීඩාව වෙනුවෙන්ම ජීවිතය හා සටන් වදින වීර දියණියකි. ක්‍රීඩාව නිසා අධ්‍යාපනයද අත් නොහල ඇය අධ්‍යාපනයෙන්ද හෙව්වේ පළමු තැනමය. ඇයට කොතන ගියත් පළමු වෙනියා වීමේ දැඩි අධිෂ්ඨානයක් ඇති බව ඇයගේ අම්මා පවසයි. ඇය ආජන්ටිනාවට යන්නේ, එකී බලාපොරොත්තු දහසක් තම මෑණියන්ගේ හිතට කාවද්දමිනි. අවසානයේ ඇය එය අකුරටම කර පෙන්නුවාය. යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී, ලංකාව වෙනුවෙන් පදක්කම් දිනූ පළමු ක්‍රීඩිකාව බවට ඇය ඇයගේ නම ඉතිහාසයට එක් කලේ සියලු බාධක මැද්දේය.

මේ නිසාම අපි ඇයගේ මවගෙන් අදහස් විමසා සිටීමට දෙපාරක් සිතුවේ නැත.

පාරමි ක්‍රීඩාවට දක්ෂ බව හදුනගන්නේ මොන අවධියේ සිටද ?

“ පාරමි ඉතින් පොඩි කාලේ ඉදන්ම අක්කගේ පස්සෙන් දුවනවා. පාරමි කියන්නේ අපේ පවුලේ තෙවැනි දරුවා. පාරමිට අක්ක සහ අයියා ඉන්නවා. ඇත්තටම පාරමිටත් කලින් මුලින්ම ක්‍රීඩාවට සම්බන්ධ වුනේ, එයගේ අක්කා. එයත් ක්‍රීඩාවෙන් ඉස්සරහටම ආපු දරුවෙක්. නමුත් පාරමි පොඩි කාලේ ඉදන්ම අක්කගේ පස්සෙන් වැල්ලේ දුවනවා. ඒක තමයි මේ ජයග්‍රහණයේ ආරම්භය.

ක්‍රීඩාවක් විදියටම හදාරන්න පාරමිට ඒ අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

“ පාරමි 9 වසරට යන තුරුම ඉගෙන ගත්තේ අඹකඳවිල ස්කෝලේ. ඒ කාලේ දමයන්ති කියලා මිස් කෙනෙක් ප්‍රැක්ටිස් කළා. ඊට පස්සේ 9 වසරෙන් පස්සේ දුවට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා. මේ සියලු පිටුපස එයාගේ අක්කා ඉන්නවා. අක්කා ඉගෙන ගත්තෙත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ. ඉතින් එයත් ක්‍රීඩාවට සම්බන්ධව සිටි නිසා එයාගේ ක්‍රීඩා ගුරුවරයා උනු ජනිත් ජයසිංහ සර් තමයි පාරමිගේ දක්ෂතාවයක් පෙනෙනවා කියලා අක්කට කියලා තිබුණේ. ඊට පස්සෙයි දිගටම දුව මෙම අංශයෙන් ඉදිරියට ආවේ. “

පාරමිගේ අම්මා තාත්තා මොනවද කරන්නේ?

“ පාරමිගේ තාත්ත නම් ( කේ.එම්. අන්තෝනි) ධීවර රස්සාව තමයි කරන්නේ. මට ඉතින් දරුවන්ගේ කටයුතු කරන් ඉන්නවා.ඒත් ධීවර රස්සාවත් මාස 6 යිනේ කරන්න පුඵවන්. ඉතින් මමයි මහත්තයයි මෙයාලගේ දියුණුව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දෙය කරනවා.

ඉතින් පාරමිගේ මේ ක්‍රීඩා කටයුතු හා අධ්‍යාපනයට යන වියදම දරාගන්නේ කොහොමද ?

“ අනිත් ළමයින්ට වඩා පාරමීගෙයි අක්කගෙයි වියදම් වැඩියි. ඉතින් පාරමිගේ අක්කාත් දැන් කැම්පස් ඉන්නේ. ඒ වියදම් බලන්නත් ඕන. පාරමිගේ වියදම් බලන්නත් ඕන. ගොඩාක් අමාරුවෙන් තමා ජීවිතය ගෙවෙන්නේ. ධීවර රස්සාවෙන් එහෙමයි කියලා ලොකු දෙයක් ලැබෙන්නේ නෑ. ඉන්න ඉඩ කඩම් පවා උකස් තිබ්බා. පාරමිලට පොඩි පොඩි රත්රංම බඩු පවා තිබ්බා. අන්තිමේදී අපි ඒවත් උකස් කරා මෙයාලගේ දියුණුවක් පෙනෙන නිසා. මොන දේ නැතත් අද මට ලොකු සතුටක් දැනෙනවා.

පාරමිගේ මෙම දක්ෂතාවයන් දැකලා කවුරුත් උදව් කරන්න ඉදිරිපත් වුනේ නැද්ද ?

“ මගේ ලොකු දුව මේ ගැන මීට වසර 4 කට විතර පෙර අපිට උදව් කරන්න කියලා පත්තරේට දැම්මා. නමුත් මුල්කාලේ එහෙම කාගෙන්වත් උදව්වක් ලැබුනේ නෑ. ඊට පස්සේ දුව ජපන් ගිහින් පදක්කමක් අරන් ආවට පස්සේ, දුවට ජනාධිපතිතුමාගෙන් ලක්ෂ 15 ක් ලැබුණා. ඒක ස්ථීර තැන්පතුවක් විදියට තමයි දුන්නේ. ඉතින් ඒ එන පොළියෙන් තමා පාරමිගේ වැඩ ටිකක් අපි කර ගන්නේ.

පාරමි කියන්නේ දුප්පත් කමින් බැටකාපු කෙල්ලෙක්. ඒ නිසාම පාරමි ලග ලොකු ලොකු බලාපොරොත්තු තිබුණත් පාරමිට ඕනම වුණේ වේගයෙන් දුවන්න පුළුවන් සපත්තු කූට්ටමක් විතරයි. මේ පිළිබඳව ඇයගේ මව( රීටා මාග්රේට් සිල්වා ) ප්‍රකාශ කර සිටියේ මෙවන් දෙයක් ,

“ ඔව් පාරමිට නැතුවම තිබුණේ සපස්තු කූට්ටමක්. ඒත් ඊට පස්සෙනම්, පාරමිට සපත්තු නම් ගොඩක් ලැබුණා. දුවගේ ජයග්‍රහණ ගැන දැකලා එංගලන්තයේ ඉන්න මහත්මයෙක් දරුවට සපත්තු දෙකක් ගන්න සල්ලිත් එව්වා. ඒ වගේම ඒ මහත්මයා එද්දි තව සපත්තු දෙකක් ගෙනල්ලත් දුන්නා.

ඉතින් පාරමිගේ දෙමාපියන් හැටියට අවසානයේ මොනවද කියන්න තියන්නේ?

“ මම විශේෂයෙන්ම ස්තූති වන්ත වෙනවා දුවගේ පිටුපසින් ඉන්න ඇයගේ ගුරුතුමාට. ඒ වගේම කුලියාපිටිය විද්‍යාලයේ ගුරු භවතුන්ටත්. විශේෂයෙන් කියන්න ඕන අපි කතෝලික ආගමේ අය. ඉතින් දුවගේ ජයග්‍රහණයන් සඳහා, ඒ වැඩකටයුතු කර ගන්න පල්ලියේ පියතුමා ලොකු සහයක් ලබා දෙනාවා. දුව ගැන නිතරම අපෙන් අහනවා පියතුමා. දුවට මෙම තරගයට යන්න කලින් අතට මුදලකුත් දුන්නා. දුවගේ ඉදිරි කටයුතු සඳහා ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ නිසා ඒ දේවල් වලට සහයෝගයක් ලබා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.

රටට කීර්තියක් ගෙන එන පාරමිලා ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමකි. පාරමිගේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයක් බව සිහි බුද්ධියෙන් සිතිය යුතුය.

(Mirror Games)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us