ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් ජාතිය ඇමතුවේය..

Published in පුවත්
Monday, 29 October 2018 18:43

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතිල්ල ගෑණි දාලගිය මිනිහාගේ අඬවැඩියාවට දෙයක් නැත. ඒ ගැන ඕනැවටත් වඩා දේ ලියැවී තිබේ. අවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් අජිත් මුතුකුමාරණගේ සිංදුවක් ඇසුවාට කමක් නැත. ඒ අපුල විඳිය හැකිය..ඒ නිසා ඒ ගැන සඳහන් නොකරමු.

 

පහතින් පළ වන්නේ අගමැතිවරයාගේ ප්‍රකාශයයි,


ගරුතර මහා සංඝ රත්නය ඇතුළු සියලුම පූජකතුමන්ලාගෙන් අවසරයි.
මිත්‍රවරුනි,

2015 ජනවාරි මාසයේ අටවෙනිදා මේ රටේ මහජනතාව ලක්ෂ 62 ක් පොදු පෙරමුණක් හැටියට එකතු වුනේ ප්‍රජාතන්ත්‍රවාදය යලි තහවුරු කරන්න. සාමය සහ සහජීවනය ඇති කරන්න. දූෂණයට වංචාවට ඒ වගේම තක්කඩිකම්වලට විරුද්ධව. ඒ වගේම ආර්ථික වශයෙන් සංවර්ධනය වුන රටක් බිහි කරන්න.
2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ සියලුම දේශපාලන පක්ෂ හා බලවේග ඒ වගේම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන පූජකතුමන්ලා සහ සිවිල් සමාජය ඒ වගේම හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ සියලු දෙනාම එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වශයෙන් පත් කළා. ඊට පස්සේ මාව අගමැති වශයෙන් පත් කරලා අපි ආණ්ඩුවක් ගෙන ගියා. 2015 අගෝස්තු මාසයේ මහ මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි මන්ත්‍රීවරයා වශයෙන් මා අගමැති ධූරයට පත් වුණා.

අපේ ආණ්ඩුව කටයුතු කලේ ජාතික ආණ්ඩුවක් හැටියට. මේ රටේ ජනතාවට අහිමිව තිබූ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස තහවුරු කිරීමට අපි පියවර ගණනාවක් ගත්තා. ස්වාධීන කොමිෂන් සභා ගණනාවක් ඇති කළා. තොරතුරු පනත, විගණන පනත වැනි පනත් මගින් මේ රටේ කිසිදාක නොතිබුනු ප්‍රජාතන්ත්‍රවාදි නිදහසක් අප තහවුරු කළා. හැමදෙනාගේම මානව හිමිකම් ආරක්ෂා කරන්නට කටයුතු කළා. ජනමාධ්‍ය නිදහස තහවුරු කළා. යහපාලන ආණ්ඩුව යටතේ අපි ජනතාවට සහන රාශියක් ලබා දුන්නා. වැටුප් වැඩි කළා. රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ආරම්භ කළා.

මිත්‍රවරුනි,
ඊයේ සවස ජනතාව අමතමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මටත් ඒ වගේම කැබිනට් මණ්ඩලයටත් චෝදනා ගණනාවක් එල්ල කළා. මම ඒ චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව මේ රටේ විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා වුන බව අපි දන්නවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයායි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනතාව අමතමින් කියා සිටියේ දේශපාලන අර්බුද, ආර්ථික අර්බුදය සහ තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක කරුණු හෙලි වීම නිසා ඔහුට තිබුනු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස නම් කිරීම බව.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා වශයෙන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයායි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු වලට පටහැනිව බහුතර බලයක් නැති අගමැතිවරයෙක් යෝජනා කිරීම ගැන මම කණගාටු වෙනවා. තමන් කල මෙම වැරදි වැඩේ වහගන්න දැන් ඝාතණ කුමන්ත්‍රණ ගැන කියවනවා. පුංචි ළමයෙක්වත් විශ්වාස නොකරන කතන්දර කියනවා.

ශ්‍රි ලංකා ඉතිහාසයේ මෙතරම් අවුල් සහගත සහ තීරණාත්මක තැනකට මේ රට යොමු වුනු අවස්ථාවක් අප අසා නැහැ. පසුගිය සිකුරාදා සවස සිදුවුනේ පැහැදිලිවම නීති විරෝධි, ව්‍යවස්ථා විරෝධි, අවස්ථාවාදී වැඩපිළිවෙලක්. මෙහි අහිතකර ප්‍රතිඵල අපි ඒ අවස්ථාවේම දැක්කා. ITN, රූපවාහිනි ඒ වගේම ලේක්හවුස් ආයතනවල සිකුරාදා රාත්‍රියේ සිදු වූ සිදුවීම් මේ රටේ මාධ්‍ය නිදහසට සිදුවන දේ පෙන්නුම් කළා.

අද අපේ රට මුහුණ පා ඇති අවාසනාවන්ත තත්වයට විසඳුම ඇත්තේ පාර්ලිමේන්තුව තුළයි. හදිසියේම පාර්ලිමේන්තුව කල් තැබීම සම්ප්‍රදාය විරෝධි බව කථානායකතුමා ලිපියක් මගින් පෙන්වා දුන්නා. අද මේ රටේ සියලුම දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය ඉල්ලා සිටින්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. ජාත්‍යන්තර ප්‍රජාව කියාසිටින්නේ පවතින නීති රාමුව තුළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසයි. ඒ නිසා මා ඉතාම ඕනෑකමින් ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස.
අද තිබෙන අස්ථාවර තත්වය මේ රටට හොඳ නැහැ. මේ නිසා ජනතාවට ඇතිවන හිරිහැර අපිට දැන්ම පෙනෙන්නට තිබෙනවා. පෝලිම් යුගය ආරම්භ වෙලා. රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ඇණ හිටලා. අපි අමාරුවෙන් පාලනය කරගෙන ආ ආර්ථිකය දැන් කඩා වැටීගෙන යනවා. මේ අවාසානාවන්ත විදියට විනාශ වෙන්නේ මේ රටේ ඒ වගේම අපේ දරුවන්ගේ අනාගතයයි.

එක්සත් ජාතික පක්ෂයත්, එක්සත් ජාතික පෙරමුණ වශයෙන් අප සමග එකතු වී සිටින දේශපාලන පක්ෂත් ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව මම පැහැදිලිවම කියන්න කැමතියි. ව්‍යවස්ථා විරෝධි ඒකාධිපති පාලනයකට මේ රට යටත් කරන්නට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ.

අපේ මේ පුංචි ලංකාවේ ජනතාව පමණක් නෙවෙයි ලෝකයේ රටවල් බොහොමයක් මේ අවස්ථාවේ අප සමග සිටිනවා. ඒ නිසා අවසන් වශයෙන් ඔබ සැමගෙන් මා ඉල්ලා සිටින්නේ පටු දේශපාලන තර්ක විතර්ක වලින් ඉවත් වී අපේ ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන්, ඒ වගේම ඔබේ දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අප සමග එක් වන ලෙසයි. වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස අපි කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ අවාසනාවන්ත සහ දුෂ්කර තත්වයෙන් රට ගොඩ ගැනීමට හැකි වන්නේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙන් පමණයි.

ඔබ සියලු දෙනාටම ස්තුතියි.

- අගමැති රනිල් වික්‍රමසිංහ

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us