යහපාලන සංකල්පය ගෙන එමින් ගාන්ධි,මැන්ඩෙලා ගැන නන් දෙඩවූ සිරිසේනට උන්හිටි තැන් අමතක වී ඇති බවක් හැඟේ. පොහොට්ටු කල්ලියේ කිසිවෙකු ඇමතිකම් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට ද ගෙන ඇති තීරණය හමුවේ අමාත්‍යවරුන් පත් නොකරම අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ලැයිස්තුව සකස් කිරීම පිස්සුවක් මිස වෙනකක් නොවේ.
කෙසේ වෙතත් මේ වන විට ජර්මනිය, ඔස්ට්‍රේලියාව වැනි රටවලින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙස දැනුම් දෙමින් නිවේදන නිකුත් කර තිබේ.