සිරිසේන නොදත් නීතිය මෙන්න... Featured

Published in පුවත්
Wednesday, 31 October 2018 12:38

අගමැතිවරයා ඉවත් කිරීම නව අගමැතිවරයෙක් පත් කිරීම පිළිබද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විධිවිධාන

 

අගමැතිවරයා පත් කිරීම


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ " ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.” යනුවෙනි.

අගමැතිවරයා ඉවත් කිරීම


අගමැතිවරයා ඉවත් කිරීම පිලිබදව කිසිදු ප්‍රතිපාදනයක් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුලත්ව නැත. නමුත් අගමැතිධූරය හිස්වීම පිළිබදව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව අගමැති ධූරය හිස්වන ආකාර 3ක් දැක්වේ.
i ඉල්ලා අස්වීම
ii පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවීම
iii ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම අවසන් වීම


අමාත්‍ය මණ්ඩයේ පැවැත්ම අවසන්වීම සිදුවන අවස්ථාවන්


මේ පිළිබද ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 48(2) ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම අවසන් වන්නේ
i පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළ විටක
ii ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ විටෙක
මේ අනුව පැහැදිලි වන්නේ 2018 ඔක්තෝබර් 26 වන දින වන විට අමාත්‍ය මණ්ඩලය විසුරුවා නැති බැවින් අගමැතිවරයා ගේ ධුරය හිස්ව නැති බවයි.

පොදු ජනඑක්සත් පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් කැබිනට් මණ්ඩලය විසිරෙන්නේද?

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්වන්නේ ජාතික ආණ්ඩුවේ නොවේ. ජාතික ආණ්ඩුව පිහිටුවන පාර්ලිමේන්තු යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනඑන්නේ 2015 ැප්තැම්බර් මස 2 වන දින වන අතර ඔහු අගමැති ලෙස පත්වන්නේ 2015 අගොස්තු මාසයේය. එම මාසයේම අමාත්‍යවරුන් කිහිප දෙනෙක් දිවුරුම් දෙන ලදී.
2015 සැප්තැම්බර් 2 වන දින යෝජනාවෙන් පොදුජන එක්සත් පෙරමුණ ඉවත් වූ විට සිදුවන්නේ ආණ්ඩුව 2015 සැප්තැම්බර් මස 2 වන දින යෝජනාවට පෙර තිබූ තත්වයට පත් වීම මිස විසිරීම නොවේ. කැබිනට් සාමාජිකයින්ගේ සංයුතිය වෙනස් කිරීමෙන් ආණ්ඩුවේ අඛන්ඩතාවට බාධාවක් නොවන බව ව්‍යවස්ථාවේ 43(3) ව්‍යවස්ථාවේ දක්වා තිබේ.

"ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.”

2015 ජනාවාරි 9 වනදා සිදුවීම මේ හා සමානද?

2015 ජනවාරි 9 වනදා වන විට මෙරට ක්‍රියාත්මක වූයේ 18 වන සංශෝධනය දක්වා සංශෝධන මගින් සංශෝධනය වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි එහි අගමැතිවරයාගේ ධුරය අවසන් වන ආකාර 3ක් ඇත.
i ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම
ii ඉල්ලා අස්වීම
iii පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අවසන් වීම හා අමාත්‍ය මංඩලයේ පැවැත්ම අවසන් වීම
(එතෙක් පැවති ව්‍යවස්ථාවේ 47 වන ව්‍යවස්ථාව)
නමුත් වර්ථමානයේ භාවිතා වන්නේ 19 වන සංශෝධනයෙන් සංශෝධනය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එහි එවැනි ප්‍රතිපාදනයක් නොමැත.
එසේම 2015 ජනවාරි මාසයේදී හිටපු අගමැති ඉවත් කර නව අගමැති පත් කරන්නේ එය ජනාධිපතිවරණයේ මැතිවරණ පොරොන්දුවක් පරිදිය. එබැවින් ඒ සදහා ජනතා අනුමැතියක්ද පවතී. එසේම 2015 ජනවාරි 20 වන දින පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී මෙම අගමැති ධූරය කිසිවෙකු විසින් අභියෝගයට ලක් කලේ නැත. ඒ වෙනුවට නිමල් සිරිපාල සිල්වා මහතා විපක්‍ෂ නායක ලෙස පත් කිරීම එහිදී සිදුවිය.

48(1) ව්‍යවස්ථාවේ අගමැතිවරයා ඉවත් කිරීම පිළිබදව වන සදහන

48 වන ව්‍යවස්ථාව වෙන්වී ඇත්තේ "අමාත්‍ය මණ්ඩලය විසිරීම” සම්බන්ධයෙන් විනා අගමැතිවරයාගේ ධූරය කාලය සම්බන්ධයෙන් නොවන බව එහි ලුහුඩු මාතෘකාවෙන් පැහැදිලිවේ. අගමැතිවරයාගේ ධූරකාල පිළිබදව ප්‍රතිපාදන ඇතුලත් වන 46(2) ව්‍යවස්ථාවේ එතෙක් අගමැතිවරයා ඉවත් කිරීම පිළිබදව ජනාධිපතිවරයාට තිබූ බලය 2015 වසරේදී 19වන සංශෝධනය මගින් ඉවත් කරන ලදී. ඒ අනුව ව්‍යවස්ථාදායකයේ අරමුණ වූයේ ජනාධිපතිවරයාට අගමැති ඉවත් කිරීමට තිබූ බලතල ඉවත් කිරීම බව ඉතා පැහැදිලිය. එබැවින් එබැවින් අගමැතිවරයාට ගේ ධූරයට අදලා නොවන ප්‍රතිපාදන ඇතුලත් කිරීම සදහා වූ ව්‍යවස්ථාවක සදහන්වන ප්‍රතිපාදනයක් මගින් ව්‍යවස්ථාදායකගේ අභිලාෂය බලරහිත කල නොහැක.(නීතිමය තර්කයකි)
එමෙන්ම එකී ව්‍යවස්ථාවේ "ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන්” යනුවෙන් සදහන් වන නමුත් ඉවත් කරන්නේ කවුද යන්න සදහන්ව නැත. (එකී සදහන 47 ව්‍යවස්ථාවේ පැවති අතර එය 19 වන සංශෝධනය මගින් ඉවත් කලබව ඉහත සදහන් කරන ලදී). මෙම සදහන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉංග්‍රිසි මුද්‍රණයේ 48(1) ව්‍යවස්ථාවේ දක්නට නොලැබේ.

සිංහල භාෂාපාඨය බලවත්ද?

" ඒ ඒ භාෂාවෙන් වූ පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, බලපැවැත්විය යුත්තේ කවර පාඨය ද යන්න පාර්ලිමේන්තුව විසින් යම් නීතියක් පනවන අවස්ථාවේ දී තීරණය කළ යුතු ය”
යනුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 16 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත 23(1) ව්‍යවස්ථාවේ සදහන් වේ.නමුත් භාෂා පාඨයන් අතර අනනුකූලතාවයක් ඇතිවන විට බලපැවැත්විය යුත්තේ කවර භාෂා පාඨයද යන්න 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සදහන්ව නැත. (නීතිමය තර්කයකි)

අගමැති ඉවත් කිරීම සදහා අර්ථ නිරූපන ආඥා පනතේ ප්‍රතිපාදන භාවිතා කල හැකිද?

අර්ථ නිරූපන ආඥා පනතේ 14(ඊ) වන වගන්තිය දක්වන්නේ යම් නිලධාරියකු පත්කල තැනැත්තාට ට ඔහුව ඉවත් කිරීමේ බලය පැවරෙන බවයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පත්කිරීම් සම්බන්ධයෙන් මෙම වගන්තිය භාවිතා කල නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින් පිළිගෙන ඇත. (එක් තීන්දුවක් නම් අතපත්තු එදිරිව මහජන බැංකුව(1997(1) ශ්‍රීලංකා නීතිවාර්තා 208)
එසේම එකී පනතේ සදහන් වන්නේ " නිලධාරියෙකු” ඉවත් කිරීමක් සම්බන්ධයෙනි. අගමැතිධුරය නිලධාරියකු නොවේ.(නීතිමය තර්කයකි) අගමැතිවරයා රජයේ නිලධාරියකු යන්නට අයත් නොවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 ව්‍යවස්ථාවේ සදහන් වේ.

මෙම තත්වය නිසා ඇතිවන නීතිමය ගැටලු

■ අගමැතිවරුන් දෙදෙනෙකු සිටීම මත නීත්‍යානුකූල භාවය පිළිබද සැකය
■ අමාත්‍ය මණ්ඩල පත් කිරීම ආදී නව අගමැතිවරයා පත් කිරීමට අදාල ආනුශංගික කරුණුවල නීත්‍යානුකූලභාවය පිළිබද සැක මතුවීම(අමාත්‍ය මංඩලය පත් කිරීම/ආණ්ඩුක/ම ව්‍යවස්ථා සභා නියෝජනය වැනි)
■ ජනාධිපතිවරයා භාරයේ පවතින අමාත්‍යංශවල හැර අනෙක් අමාත්‍යංශවල නිලධාරීන්ට කටයුතු කිරීමේදී අමාත්‍යවරයාගේ අන පිළිපැදීමේදී ඇතිවන අපැහැදිලිතා.


මෙම ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසදාගත හැකි ද?

මේ පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි අවස්ථා කිහිපයක් ඇත. එනම් මූලික අයිතිවාසිකම් නඩුවක් හෝ ජනාධිපතිවරයා විසින් අධිකරණයේ මතය විමසීමක් වශයෙනි. සමහර විට අභියාචනාධිකරණයේ රිට් ආඥාවක් ඉල්ලිය හැකිවුවත් මෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපනයක් පවතින බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුවනු ඇත. එවැනි අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදිය හැකි තීරණ 3කි.
1. අගමැති ඉවත් කිරීම හා නව අගමැති පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකග බවට තීරණය කිරීම
2. අගමැති ඉවත් කිරීම හා නව අගමැති පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කිරීම
3.පෙත්සම නිශ්ප්‍රභා කිරීම


මෙම තීරණ 3න් කුමන තීරණය දෙනු ලැබූවද ආණ්ඩුවේ පැවැත්ම තීරණය වන්නේ ආසන්තම දින පැවැත්වෙන පාර්ලිමේන්තුවේදීය. එහිදී බහුතර බලය පෙන්විය හැකි පුද්ගලයාට අගමැතිධුරය ලබාදිය යුතුය.

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us