හාන්සි වෙනවා නම් ජොබ් එක දෙන්නම්..සුදර්මන් කල්ලියෙන් ITN සේවිකාවන්ට ආරාධනා.. Featured

Published in පුවත්
Wednesday, 31 October 2018 14:02

පසුගිය 26 වන දින රාත්‍රියේම අයි ටී එන් පරිශ්‍රයට කඩා වැදී එහි බලය අල්ල ගත් සුදර්මන් රදලියගොඩ ඇතුලු එම කල්ලියේ මැර පිරිස තමන්ට ඕනෑ ඕනෑ හැටියට ආයතනයේ කටයුතු මෙහෙයවීමට ගැනීමත් සමඟ මේ වන විට එහි සේවක සේවිකාවන් ‍රැසක් ඉවත්ව ගොස් තිබේ.

ඉහළ පරිපාලනයට අයත් නිළධාරීන් කිසිවකුට ආයතනයට ඇතුලු වීම පවා තහනම් කර තිබිණි. දින කිහිපයකට පසුව ජනාධිපති කාර්යාලයේ සහ වෙනත් හිතවත් කම් හරහා කිහිප දෙනෙකු නැවත සේවය සඳහා එක්වී සිටියද රාජපක්ෂවාදීන් නොවන කිසිවකුට රාජකාරී කටයුතු කිරීම වැලැක්වීමට කටයුතු කරමින් තිබේ.

ආයතනයේ පැරණි සේවකයන් වූ රාජපක්ෂ කල්ලියේ සංජීව එදිරිමාන්න, මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න, අනුර ජයසේකර,සුරේෂ් නුවන් තාරක, වැන්නවුන්ද මේ වන විට ආයතනයේ පරිපාලන තීන්දු තීරණ ගනිමින් සිටී,

ආයතන පරිපාලනයට කිසිසෙත්ම සම්බන්ධ නැති මේ බාහිර පුද්ගලයගේ වුවමනා එපාකම් අනුව කටයුතු කිරීමට නව සභපති සෝමරත්න දිසානායකට සිදුව තිබේ. මෙහි සාමාන්‍යාධිකාරීවරයා ලෙස පසුගිය රාජපක්ෂ සමයේ සිටම මේ වන තුරුත් සේවය කරමින් සිටින අරුණ මුර්ති විජේසිංහ නැමැති හොර දෙ‍ටුවාද සුදර්මන්ගේ නියෝග අනුව කටයුතු කිරීම නිසා සොමරත්න දිසානායක පඹයෙකුගේ තත්වයට වැටී තිබේ. එමෙන්ම දිසානායකව ඉවත් කළ යුතු බවට රාජපක්ෂ කල්ලිය මේවන විට මෙහෙයුමක් දියත් කරමින්ද පවතී.

මේ අතර දේශපාලනිකව වඩා සංවේදී අංශ වන වැඩසටහන් අංශයේ පාලනය සුදර්මන්ගේ සහෝදරයා වන මංගල රදලියගොඩ විසින්ද ප්‍රවෘත්ති අංශය සුදර්මන්ගේ ඥාති පුත්‍රයකු වන ගයාන් ඇල්ලගොඩ විසින් පාලනය කරනු ලබයි. සභාපතිවරයා විසින් ප්‍රවෘත්ති අංශයේ නව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස නලින්දා පෙරේරාව පත් කරනු ලැබූවද ඇල්ලගොඩ විසින් ඇයටද තර්ජනය කරමින් ඇගේ මැදිහත් වීම වලක්වා තිබේ. මේ වන විට ප්‍රවෘත්ති අංශයේ සේවක සේවිකාවන් දස දෙනෙකුට ආසන්න පිරිසක් පලවා හැරීමටද කටයුතු කර තිබේ. ඒ අතර ප්‍රවෘත්ති නිවේදිකාවන් තිදෙනෙකු, ජේෂ්ඨ ප්‍රවෘත්ති මාධ්‍යවේදීන් සිව්දෙනෙකුද සිටි. අයි ටී එන් එෆ් එම් හී සේවය කළ ශිල්පින් කිහිප දෙනෙකුද මේ වන විට ආයතනයෙන් පලවා හැර ඇති අතර එහි වැඩසටහන් කිහිපයක් නවතා දමා එම ශිල්පීන්ද ඉවත් කර තිබේ. එසේම එලෙස ඉවත් වූවන්ගේ මිතුරන් ලෙස කටයුතු කරන්නෙ යැයි සැකය මත තවන් සේවක සෙවිකාවන් ගනනාවකට තර්ජනය කර වැඩ කටයුතුවලින් ඉවත් කර තබා ඇත.

මේ අතර මෙලෙස ඉවත් කරන ලද කාන්තාවන් කිහිප දෙනෙකුටම දුරකතන ඇමතුම් කෙටි පණිවිඩ හරහා යළි ‍රැකියාව අවශ්‍ය නම් සුදර්මන්ව හෝ සංජීව එදිරිමාන්න පෞද්ගලිකව හමුවී ගනු දෙනු විසඳා ගැනිමට හැකි බවද පවසා ඇත. ඇතැම් තරුණියකට සෘජුවම පවසා ඇත්තේ ඔවුන් හා නිදිවැදීමට හැකිනම් රැකියාව යළි ලබා දිය හැකි බවය.
සුදර්මන් රදලියගොඩ සමයේදී අයි ටී එන් ආයතනය මගුල් සක්වලක් ව තිබු අතර සුදර්මන්ගෙන් බේරුණු කිසිදු කාන්තාවක් ආයතනයේ සිටියේ නැති බව ප්‍රසිද්ධ කතාවකි.

මේ අතර රාජපක්ෂ කල්ලියේ වෘත්තිය සමිතිය තුලද සුදර්මන් විරෝධයක් හට ගෙන තිබේ. එහි එක් කණ්ඩායමක් සුදර්මන් ඇතුලු කල්ලියට ආයතනේ පරිපාලනයට වැද්ද නොගත යුතු බවට මතයක් ප්‍රකාශ කරමින් සිටි. දේශපාලනික හා පෞද්ගලික පළි ගැනීම් නොකර, පලවා හැරි පිරිස යළි සේවය සඳහා කැඳවිය යුතු බවද යෝජනා කර තිබේ. යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසුව ආයතනය තුල එලෙස පළිගැනිම් කටයුතු සිදු නොකළ බවත් දක්ෂයාට තැන දෙමින් ආයතනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ බවත් එම පිරිස පෙන්වා දී තිබේ. එහෙත් සුදර්මන් පාර්ශ්වය ඊට දැඩි ලෙස විරෝධය පාමින් නව සභාපතිවරයාවද ඉවත් කර තමන්ට හිතවත් පුද්ගලයකු මේ සඳහා පත් කර ගතයුතු බව පවසා ඇත.

Last modified on Wednesday, 31 October 2018 14:20

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us