කාලා හමාරයි....රටම බංකොලොත් ! - මුදල් අමාත්‍යංශ ලේකම් කියයි Featured

Published in පුවත්
Sunday, 18 November 2018 18:12

රාජ්‍ය භාණ්ඩාගාරය මේ වන විටත් මුදල් නොමැති වීම හේතුවෙන් අසරණ තත්වයට පත් වී තිබෙනවා. මුදල් අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිළධාරියෙක් පැවසුවේ මේ වසර අවසානය වනතෙක් සිදු කිරීමට තිබෙන ව්‍යපෘති අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා අරමුදල් නොමැති වීමෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.

එසේම රට පුරා දැඩි ඖෂධ හිඟයක් ද පවතින අතර අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා අරමුදල් ලබා දීම ද නොහැකි තත්වයක පවතින බවයි එම නිළධාරියා පැවසුවේ.

මේ අතර මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර සිටියේ මෙම ගැටළුවට එකම විකල්පයඅත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති සඳහා යොදවා ඇති අරමුදල් අත්‍යවශ්‍ය ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා යොදා ගැනීම බවයි. මෙම තත්වයට මුහුණ දීමට සිදු වූයේ පසුගිය සති තුන තුළ පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා සිදුවීමත් සමඟ බවයි ආටිගල මහතා පවසන්නේ.

මේ නිසා ඉන්ධන මිළදී ගැනීම, විදුලි බල උත්පාදනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් අත්‍යශ්‍ය අංශවලට අවශ්‍ය අරමුදල් වෙනත් අමාත්‍යංශවලින් ලබා ගත් බව ආටිගල මහතා වැඩිදුරටත් කියා සිටියා. එලෙස සොයා ගත් අරමුදල් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දී තිබෙනවා.

යම් හෙයකින් මාර්ග සංවර්ධන අධිකාරියේ සංවර්ධන ව්‍යාපෘති වැනි ව්‍යාපෘති සඳහා මුදල් ප්‍රතිපාදන අවශ්‍ය වුවහොත් ඒ සඳහා ජනාධිපති සිරිසේන මැදිහත් වී මුදල් ලබා දෙන බව ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළා. කෙසේ නමුත් වාර්ෂික අයවැය ලේඛනය ප්‍රමාද වීම හේතුකොටගෙන ලබන වසරේ පළමු මාස තුන සඳහා මුදල් අමාත්‍යංශය විසින් යෝජනා ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබෙන බවද ආටිගල මහතා පවසනවා.

එම යෝජනාවන් අමාත්‍යංශ සඳහා වූ වාර්ෂික වියදම පදනම් කරගෙන සකස් කර ඇති අතර එය කැබිනට් අනුමැතිය සඳහා ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට යොමු කරන බවද ලේකම්වරයා සඳහන් කරනවා. ඒ අතර විදෙස් ණය ගෙවීම සඳහා ද ගත යුුතු පියවරයන් ඇතුළත් වන බව ආටිගල මහතා කියා සිටියා.

මේ අතර අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර පවසන්නේ ඉදිරි මාස කිහිපය තුළ නව ව්‍යාපෘති ආරම්භ නොකරන මුත් දැනටමත් ආරම්භ කර ඇති ව්‍යාපෘති ඒ අයුරින්ම පවත්වාගෙන යන බවයි.

http://www.sundaytimes.lk/181118/news/treasury-buys-time-by-shuffling-funds-around-320984.html

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us