කෙසේ නමුත් මෙම පත් වීම ගැන ආරංචි වූ වහාම ජනාධිපතිවරයා එය වහාම අත් හිටුවන ලෙස නියෝග කර තිබෙනවා.
අද රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කළ නාලක ගොඩහෙවාගේ පත් කිරීමද අවලංගු කරන ලෙස ජනාධිපතිවරයා නියොග කර ඇතැයිද දැන් ගැනීමට ඇති අතර ඔහුගේ අනුදැනුමකින් තොරව කිසිදු රාජ්ය ආයතනයක පත් කිරීම නොකළ යුතු බවට ජනාධිපති ලේකම්වරය සියලු පාර්ශ්වවලට දැනුම් දී තිබෙනවා.
ජොධිපති සිරිසේන හා හොර අගමැති මහින්ද රාජපක්ෂ අතර මේවන විට ගැටුම් කාරිත්වයක් හට ගැනීම මීට හේතුව බව පැවසෙනවා.. මහින්දට පාර්ලිමේන්තුවේ මන්ත්රීධුර 86 කට වඩා කැමැත්ත හිමි නොවන බව මේ වන විට තහවුරුව පැවැතීම නිසා ජොධිපතිවරයා එජාපයට එරෙහිව යෑම තාවකාලිකව අකුලාගෙන ඇති බව පැවැසේ. අනෙක් කාරණය නම්, ශ්රීලනිපයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස 2020 දි තරග කිරීම සඳහා මහින්ද පාර්ශ්වයේ සහය අපේක්ෂා කළද ඔවුන් ශ්රිලනිපයෙන් ඉවත්ව පොහොට්ටු පක්ෂය ගොඩ නැගීම නිසා තමාගේ සිහින බිඳ වැටිමට ලක්ව තිබිම ගැන සිරිසේන බරපතල කම්පනයකින් පසුවන බවත් දැනගැනිමට තිබෙනවා'