මහින්ද රාජපක්ෂ නම් ජනාධිපති අපේක්ෂකයා තම  ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්බයේ සිටම පැවැසූ බොහෝ කරුණුවලින් ඔහුටම අවාසිදායක තත්වයන් නිර්මාණය කර ගත් බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.

ජනපතිවරණය ජය ගන්නා අපෙක්ෂකයා ලබන 9 වැනිදා සවස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ජනාධිපතිවරණ දිනයේදී ඡන්දය සලකුණු කිරීමෙන් පසුව ඡන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථාන වෙත රැගෙන යන වාහන පිටුපස ගමන් කිරීමට දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට ලබාදී තිබූ අවස්ථාවේ කිසිදු වෙනසක් නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය පවසයි.

ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් කාලය තුල සිදුවු විශාලතම හොරකම එල්ටීටීඊ සංවිධනය සතුව තිබී අත් අඩංගුවට ගන්න ලද රන්තරන් තොගය රාජසන්තක නොකර රජ්ජුරුවන් විසින් හොර රහසේ ජපානයට විකිණීමේ මහා හොරකමයි.

ත්‍රිකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා සහ නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාගේ ලේකම් සහ සම්බන්ධීකරණ ලේකම්වරයකු පොලිසිය මගින් ඊයේ (5 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගැනීමෙන් අනතුරුව 9 වැනිදා පිහිටුවන ආණ්ඩුවෙන් පසුව 11වැනිදා අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවැසුවාය.

ඊයේ(05) රාත්‍රියේ මැතිවරණයට අදාළ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා රඹුක්කන පොලිස් ස්ථානයට යමින් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන්ට සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ආධාරකරුවන් විසින් තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි වාර්තා වේ.

ස්වාධින රුපවාහිනී සේවයේ විකාශය වන දොරමඬලාව වැඩසටහනේ නිල facebook ගිණුම මගින් එළඹෙන ජනාධිපතිවරනේය්දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන බව සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.

 

ld add copy

Connet With Us