ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත්විය.

බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන ත්‍රිරෝද රථවල ගාස්තුව ලබන 15 වැනිදා සිට අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේන බව වාර්තාවේ.

අද වහින හැටි

Published in පුවත්
Wednesday, 10 July 2024 09:42

 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

රජය විසින් තීරණය කරන ලද වතු සේවකයින්ගේ දෛනික වැටුප ලබා නොදෙන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (09) අනාවරණය කළේය.

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවත්, මින් පෙර එවැන්නක් සිදුවී නොමැති බවත්, ජ්‍යෙෂ්ඨත්වය මත නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දී තිබේ.

වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීම අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

අද ලෝකය ඉදිරිපත්කරන අලුත් මත බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වී තිබෙනවා. අද අප සිටින්නේ විද්‍යාව සහ ධර්මය යන දෙකම එකට මුණ ගැසෙන සංධිස්ථානයකයි.

 

ld add copy

Connet With Us