එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ තේරීම් භාර නිලධාරීන් ලබන 21 වනදා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත කැදවා ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

නෝර්වේ රාජ්‍ය එල්.ටී.ටී,ඊයට කිසිවිටෙකත් මුදල් හෝ යුධ උපකරණ නොදුන්නා මෙන්ම සාම ක්‍රියාදාමය සාර්ථක කර ගැනීම සඳහා එල්.ටී.ටී,ඊ සාම ලේකම් කාර්යාලයට ආර්ථික සහන පමණක් ලබාදුන් බවත්, එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එවකට අගමැතිවරයා ලෙස දැනුවත්ව සිටි බව නෝර්වේ හිටපු සාම නි‍යෝජිත එරික් සොල්හයිම් පවසයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශිර්ෂ විවාදයට එක්වූ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසුරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ ඉන්දියානු සංචාරය අසාර්ථක වීමට ක්‍රීඩකයින්ද වගකිව යුතු බවට ප්‍රකාශයක් කළේය.
මේ වසරේ ගෙවුණු කාල සීමාව තුළ හදිසි අනතුරුවලින් පුද්ගලයින් 1972ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා  පවසයි.
කොළඹ  - ඩුප්ලිකේෂන් පාරේ රාති‍්‍ර සමාජ ශාලාවකදී විදේශීය යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මාලක සිල්වා ඇතුළු සැකකරුවන් 7 දෙනා මේ මස 25 වන දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර අැත.
ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තාක්‍ෂණ හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර පවත්වාගෙන යන ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන්ම විදේශයන්හි සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික ප්‍රවෘත්ති වෙබ් අඩවි වෙත රටේ මහජනතාවට ඇති ප්‍රවේශය අවහිර කරමින් අන්තර්ජාල සේවා සපයන්නන් විසින් වක්‍ර ආකාරයෙන් සිදුකරන වාරණය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් බැවින් එම අවහිර කිරීම් වැළැක්වීමට මැදිහත් වී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම ආරක්ෂා කිරීමට කැපවන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තවදුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වු ජාතික හෙළ උරුමයේ අවසන් නිල තීරණය අද පෙරවරුවේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

ld add copy

Connet With Us