විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක් වෙනුවෙන් සකස් කර තිබු වේදිකාවකට අද අළුයම වු ප‍්‍රහාරයක් එල්ලවී ඇත.

ශ්‍රී ලංකා ජාතික පාසල් සිසුවෙක් එංගලන්තයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.

'මගේ නෑදෑයෝ රට වටේම'

Published in පුවත්
Wednesday, 17 December 2014 09:48

සිංහල, දෙමළ, මුස්ලිම් මෙන්ම කුඹුරේත්, වැල්ලේත්, ගොඩබිමේත් ජීවත් වන සියලු ජනතාව තමාගේ ජනතාව ලෙස සලකන බවත්, රටේ සෑම ජන කොටසක්ම තම නෑදැයින් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටේ එතනෝල් කල්ලිය විසින් මනාප ලබාගැනීමටත් පිල්මාරු කරන අයට දන්සැල් ආකාරයේ සම්පත් බෙදා හැරීමට ප්‍රකෝටි ගණන් වැය කරන බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රට භාරගත් වහාම මීගමු වෙරළේ සිට බේරුවල දක්වා වෙරළ තීරය විනාශ කර දමන වරාය නගර ව්‍යාපෘතිය නවතා දමා වෙරළ තීරය රැකගනිමින් මේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

2014 දෙසැම්බර් 16 දින ප.ව. 2 දක්වා කාල සීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 267 ක් ලැබී ඇත. ගිණි අවි භාවිත කිරීමේ සිදුවීම් 10 ක් ද ඇතුලත් මුඵ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන 33 කි. මේ අතර ප්‍රචාරණ සිදුවීම් 234 ක් වාර්තා වන අතර එයින් වැඩිම සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

කෝට්ටේ නාගරික මන්ත්‍රී රංජන්‍ පොන්නම්පෙරුම, මහනුවර මහනගර සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අතුල සෙනරත් හා ජා ඇල හිටපු නගරාධිපති අංජු පෙරේරා ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙන බව අද (16) පැවසුවේය.

EPDP සහ TNA ගැටෙයි

Published in පුවත්
Tuesday, 16 December 2014 14:14

දෙමළ ජාතික සන්ධානය හා ඊපීඩීපී සංවිධාන නියෝජිතයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.

අද(16) පෙරවරුවේ යාපනය දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම ගැටුම සිදුව තිබේ.

ld add copy

Connet With Us